වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

කෙටි පණිවුඩ ප්‍රතිචාර සඳහා ඔබ වඩාත් උනන්දුවන බව 0752805047 යන දුරකථනයට ලැබෙන ප්‍රතිචාරවලින් අපට හැඟී යන කරුණකි. එය පිළිබඳ අප සතුටුවන අතර මෙහිදී තවත් දෙයක් මතක් කිරීමට අපි උනන්දු වෙමු. ඒ එම ප්‍රතිචාර අගට එවන තැනැත්තාගේ නම සහ ප්‍රදේශය සඳහන් කරන ලෙසටයි. ඇතැමකුගේ ප්‍රතිචාරයන්හි නම සඳහන් නොවීම ප්‍රතිචාරය පළ නොවීමට හේතුවකි. එම අතපසුවීම මගහරවා ගන්න යැයි පවසමින් ප්‍රතිචාර පිටුවේ සැරිසැරීමට ඔබට ඇරැයුම් කරමු.

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10. මේ ලිපිනය ඔබේ තැපැල් සහ සටහන්පත් වෙනුවෙන් නිබඳව විවෘතව පවතියි.

විජය ඔබ . . .

විජය ඔබ, මානව හිතවාදී ගුණයෙන් සපිරි අව්‍යාජ මිනිසෙකි.

විජය ඔබ, දකුණතින් දුන් දෙය වම් අත දන්නේ නැත.

විජය ඔබගේ, මුහුණෙහි ලස්සන හදවතේ ද තිබිණ.

විජය ඔබ, නැති බැරි අයට උදව් උපකාර කළේ, අමුතු ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට නොවේ.

විජය, ඔබ සහෝදර නිර්මාණකරුවන්ට නොමිලයේ සිය දායකත්වය ලබා දුන්නේය.

විජය ඔබ, අනිත් ශිල්පි ශිල්පිනියන්ගේ නිර්මාණ හෙළා දුටුව හෝ පහත් කොට සැලකුවේ නැත. විජය ඔබ, අනුන්ගේ ජයග්‍රහණ තමන්ගේ මෙන් සැලකූහ.

විජය ඔබ, කිසිම දිනෙක මමයි රජා යැයි අභිමානයෙන් කටයුතු නොකළේය.

විජය ඔබ, අකාලයේ සමු ගත්තේ නොසිතූ මොහොතකය.

විජය ඔබගේ, අවසන් මොහොතේ පින්බර මුහුණ අපට නොපෙනුණත් ඔබගේ අවංකභාවය සැම විටම අපි දුටිමු.

ව්‍යාජ නායකත්වයේ ප්‍රතිරූපය විජය ඔබය. විජය ඔබ මිය ගොස් වසර විසි පහක් වුව ද අප අතරේ අදත් සැරිසරනවා සේ දැණේ.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

රංගනයෙන් මෙන්ම ගායන කුසලතාවයෙන් ද හෙබි දේශාපාලන ලොවේද හඬක් නැගූ අසහාය නළු විජය කුමාරණතුංග දැයෙන් සමුගෙන විසිපස් වසරක් ගෙවෙන මේ මොහොතේ ඔහු පිළිබඳව අප සිහිපත් කරන්නේ හද පිරි සොවිනි.

මානව දයාවෙන් පිරුණු මේ සොඳුරු මිනිසා අප හැර ගියත් මේ මනුලොව පවතින තාක් කල් රසික ජනතාවගේ මතකයෙන් කවදාවත් ඈත් නොවනු ඇත.

සැරයටියෙන් අපි යනෙනතුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමු ගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු

එසේ කියූ ඔහු තනිවම ඒ ගමන ගියේය.

කරුණාදාස දොඩන්ගොඩ

ඇරැව්වල

විජයගෙන් පසුව කඩවසම් නළුවකු බිහි වූයේ නැත.

අනුලාවතී
අවිස්සාවේල්ල

නැවත අප අතරම ඉපදේවා...

සිංහල සිනමාව තිබෙන තාක්කල් විජය කුමාරණතුංග නාමය එලෙසම පවතිනු ඇත.ආකර්ෂණීය රූසපුවත්, ආදරණීය රංගනයත් පමණක් නොව මානව හිතවාදී ගුණයෙන්ද සපිරි ඔහුට මෙවන් අකල් මරණයක් කිසිදාක සිදුනොවී, අප අතරම ඉපදීමට වාසනාව ලැබේවා යැයි පතමි.

ධර්මා ඒකනායක

මාතලේ

වසර විසිපහකට පෙර අපෙන් සමුගත් විජය කුමාරණතුංග කලාකරුවාණෙනි, ඔබ යළි කවදා හෝ අප අතරම ඉපිද සිංහල සිනමාවේ ඔබ නැති අඩුව පුරවන්න.

සමිත ප්‍රසන්න

එපිටවල

මිනිසුන් අතර දෙවියෙකි ඔබ හැමදාම

හෙළ සිනමාවෙ රඟමින් ඔබ රස මියුරු
විකසිත කළා තුන් හෙළයම අම මියුරු
ගයමින් ගීත ලස්සන හඬකින් ගැඹුරු
සරසවි මෑණියන් බිහි කළ පුත් කුමරු

සිනමා අම්බරේ දිදුලපු රන් තරුව
මන් මත් කළා ගයමින් රඟමින් අපව
ඊයෙ අද නෙවෙයි මතු ඔබ නැති අඩුව
වැටහී තැවෙයි කොයි කවුරුත් නිරතුරුව

හිනැහෙන විට දි හදවත ඔබෙ මුවෙන් පෙනේ
පිරිසිඳු සිතින් කොයි කාටත් සිනහ වුණේ
සිත යට එකක් සඟවා නැහැ සිනහ වුණේ
ඔබෙ ගුණ ගැනයි කොයි කවුරුත් කතා වුණේ

හිත හොඳ යහගුණය අඩුවක් නැතුවා ම
නිරහංකාර ගති පැවතුම් උපතින් ම
පිහිටා තිබුණි ඔබෙ ළය තුළ නිතැතින් ම
මිනිසුන් අතර දෙවියෙකි ඔබ හැමදා ම

නීටා මාසලින්

කැලණිය

වරාගොඩ

ඇයි ද දෙවියනි සොරා ගත්තේ සිහින කුමරුන් අපේ...

තාරුකා ඇස් පුංචි කරමින්, සිනහ දෝතක්
මුවග රඳවමින්,
රිදී තිරයේ සදාකාලික,
සුපෙම්වත් අපේ විජය කුමරුන්
මිනිස් ගතිවලට වැඩියෙන්,
දේව ගති තිබුණ පමණින්,
අනේ දෙවියනි, සොරා ගත්තේ
ඇයි ද අපේ සිහින කුමරුන්.

රිදී තිරයම පාථ වී ගොස්,
ඔබේ පින් රුව අහිමි හින්දා,
රසික හිත් තව තවත් හඬනවා,
ඔබ නොමැති ව සිටම නොහිඳ,
දෙව් ලොවෙන් ඇවිදින් එන්නකෝ..

අපේ ලක්බිම වෙතට මතු දා,
විජය කුමරුනි වඩිනු මැන යළි යළිත් නොමියෙන
ලෙසට කිසිදා,

කරුමන්දැවල
නාත්තන්ඩිය

අසිරිමත් විජය මතක

විසි පස් වසකට පෙරාතුව මෙයින්
මලක් වැනි හදවතක් ගැන කියූ මල්වඩම්
දෙන දෙපස පෙළ ගැසුණි ශෝකයෙන් මිලානව
වීදි දිග සැරිසැරූ මරණයේ නිනාදය මැකී ගොස්
හිස් බවේ අග්නි කඳ බුර බුරා නැගි පැයේ

සොහොන් ගැබ වෙළා ගත් දුමාරේ ගොළු වුණේ
දුක් විඳින පරපුරේ විශ්වසනීය සුපැතුම් බිඳයි
මතකයේ භෂ්මාවශේෂ සිප ඉකි බින්දෙ
හැමදාම අතරමඟ බිඳ වැටෙන හීන දුටු ලක්මවයි . . .

මෛත්‍රි පෙරේරා

කුලියාපිටිය

තවම ආදරෙයි විජය මාමාට

ආදරණීය විජය මාමා සමුගෙන වසර 25 ක් සමරණ මේ මොහොතේ මා මේ ලිපිය ලියන්නේ හිතේ තෙරපෙන දුක ද සමඟය.

මාමේ මම ඔබව කිසිදා සැබැවින් දැක නැතත් මට ඔබව ඉතාම හුරු පුරුදුය. මාගේ ගිය ආත්මයේ මම ඔබගේ සමීපතමයකු වන්නට ඇතැයි මට සිතෙන වාර අනන්තය. ඔබගේ ඡායාරූප එකතු කරන්නට ගොස් මිතුරියන්ගේ සිනහවට ලක් වූ වාර ද අනන්තය. ඔබේ රුවින් මාගේ කාමරය ද සරසා ඇත.

මට කාල යන්ත්‍රයක් හරහා අතීතයට ගොස් 88 පෙබරවාරි 16 වන දින වෙනස් කළ හැකි වූවා නම් ඔබ තවමත් ජීවත්වෙයි. එසේ වූවා නම් මට ලියන්නට වන්නේ මෙවන් ලිපියක් නොවේ. අනේ මාමේ ඔබව නිහඬ කිරීමට ඒ අමානුෂික මිනිස්සු හිත හදා ගත්තේ කෙසේදැයි මට තවම සිතාගත නොහැක.

මාධවී ජයරත්න
රත්නසිරි මැදුර,
බෝවල, වලස්මුල්ල

විජය වෙනුවෙන් වියළි ආහාර පාර්සල් බෙදා හරියි

විජය කුමාරණතුංගයන්ගේ 25 වෙනි ගුණ සැමරීම නිමිත්තෙන් මෙම මස 16 සෙනසුරාදා රාත්‍රී 7.00 ට වියළි ආහාර පාර්සල් බෙදාදීමක් ඉඳිබැද්ද සමඟි මිතුරු කැල මඟින් පැවැත්වීමට නියමිතයි. විජය පිළිබඳ කෙටි චිත්‍රපටයක් ද එදින තිරගත වේ.

මේ SMS ප්‍රතිචාර තීරයයි

හැත්තෑව දශකයේදී ඔබගේ මනමෝහනීය හඬින් අප මනමත් වූ ගීත තමයි අප අදත් රස විඳින්නේ. මිල්ටන් මල්ලවආරච්චි කලාකරුවාණෙනි, ඔබ සදා අමරණීයයි.

සරත් මද්දුමආරච්චි

මතුගම

චිත්‍රපටයක් පිටපත් තිස්පහකට සීමා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක සිය විරෝධය පළ කිරීම ප්‍රසංසනීයයි. ඔහු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කතා කරන සිනමාවේදියකු යැයි මට හැඟේ.

ශාන්ත

පොළොන්නරුව

මලී ටෙලි නාට්‍යයේ මලී ලෙස රඟපෑ සමාධි අරුණි ඡායාව තවත් ටෙලි නාට්‍යයකින් දකින්න ආසයි.

පවිත්‍රා

බෙලිඅත්ත

පූර්ණිකා පීරිස්ගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තියනවා. ඇය නිවේදිකාවකටත් වඩා නිළියක වශයෙන් ඉදිරියට යාවි.

නිමල් කුලසේකර

අඟුලාන

සිරස ගුවන් විදුලියේ සූරිය සිරස වැඩ සටහන ඉතාමත් විනෝදාත්මකයි. සජිත්, රුවනි යන දෙන්නා එය හොඳින් සහ ලස්සනට ඉදිරිපත් කරනවා.

සඳුනි

මාතර

කාවිංග පෙරේරා අයියට ඕනෑම චරිතයක් හොඳට කරන්න පුළුවනි.

චතුරිකා

රත්නපුර

චූලා මෙන්ඩිස් සවීණා නාට්‍යයේ දක්ෂ ලෙස රඟපෑවා. අග්නි නාට්‍යයෙත් ඔබේ රංගනය හොඳයි.

සචිත්

නුවර

සුජාතා අත්තනායක අපිට ආඩම්බරයකි.

දිල්ශාන්

චෙත්ලා
කොල්ලුපිටිය

සිරි – අසිරි
සිරි කහවලයන්ට,

ඔබ තරමට අප විමසන
ඔබ තරමට අප සිහිවන
කෙනෙක් නොමැත කලා
ලොවේ

යුග ගණනාවක
නම්, ගම්, තොරතුරු,
නොම්මර
සටහන් දින පොතේ
පෙරළෙන පිටු හිමිදිරි උදයේ

සුබ පතමින් සිහිපත් කරවන
අපටත් අමතක අපගේ
උපන් දිනේ
සසර පුරුද්දෙන්
රැඳෙනා මතකය
සසර පුරා සුරැකේවා

දස දෙස සිට අපි
සත් සිත් මල් දම්
විශ්වයේ පාකර එවමු මෙසේ

කලා භූෂණ ඊ. ඩී. ශ්‍රියාපාල