වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




විජය කුමාරතුංග ‘සිනමාව හා දේශපාලනය’ කෘතිය 17 එළිදකියි

විජය කුමාරතුංග ‘සිනමාව හා දේශපාලනය’කෘතිය 17 එළිදකියි

මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ සිනමාව සහ දේශපාලන දිවියේ මතක සටහන් අළලා සුනිල් ලීනස් විසින් රචිත ‘විජය කුමාරතුංග සිනමාව සහ දේශපාලනය’ යන ග්‍රන්ථය මෙම මස 17 දින සවස 2.00 ට කොළඹ 07 ස්ටැන්ලි විජයසුන්දර මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී එළිදැක්වේ.

මෙහි ප්‍රධාන දෙසුම් මාදම්පාගම අස්සජි හිමි සහ ජයම්පති වික්‍රමරත්න විසින් පවත්වනු ලැබේ.

මෙය ජාතික මහජන සහෘද සංසදයේ සංවිධානයකි.


විජය සමරා කෙටි නාට්‍ය තුනක්

ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරණතුංගයන්ගේ 25 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ‘’ජාතික මහජන සහෘද සංසදය’’ නාට්‍ය අනුකමිටුව මෙහෙයවන විවෘත කෙටි නාට්‍ය උළෙලේ තෝරාගත් කෙටි නාට්‍ය තුනක් මේ මස 17 වැනි දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකා ගත වේ.

එදින පස්වරු 2 ට ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම නාට්‍ය ත්‍රිත්වය වේදිකාගත වේ.