වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රුක්මණී දේවී අනූ වැනි ජන්ම දිනය දා

රුක්මණී දේවී අනූ වැනි ජන්ම දිනය දා

සිරිමා ඇනෙස්ටා මර්සලින් චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දැල් වූ මොහොත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වජිර එදිරිමාන්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස, චාන්දනී ජයසිංහ, චන්දු ඉඹුලාන ලියනආරච්චි, චිත්‍රා කාන්ති ඇතුළු පිරිස ද සේයාරුවේ වෙති.

රුක්මණි දේවියගේ අනූ වැනි ජන්ම දිනය සහ රුක්මණී දේවී අනුස්මරණ සංගමයට වසර 25 ක් පිිරීම පසුගියදා බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලන ශාලාවේදී පැවැත්විණ.

මෙය හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්, අයිරින් ලියනගේ සහ චාන්දනී ජයසිංහගේ සංවිධානයකි.

‘දැයට කිරුළ’වේදිකාවේ ඔබේ කලා හැකියාවන් පෙන්වන්න අවස්ථාවක්

දැයට කිරුළ 2013 අම්පාර ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේදී අම්පාර සහ අවට ප්‍රදේශවල එනම් දිඟාමඩුල්ල දිස්ත්‍රික්කයේ ආධුනික ගායක ගායිකාවන්ගේ නර්තන කණ්ඩායම් සහ සංගීත කණ්ඩායම්වලට තම කුසලතා ඉදිරිපත් කිරීමට වේදිකා අංක 02 හි ඉඩකඩ වෙන් කෙරේ.

මේ සඳහා වයස් බේදයක් නොසැලකේ. ගායන භාෂාව පිළිබඳ ගැටලුක් නැත. මාර්තු 23 දා සිට අවසන් දිනය දක්වා දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ වේදිකා අංක 02 හි ඉදිරිපත් කිරීම් සිදුවේ.

මේ සඳහා ඉදිරිපත් වන්නන්ට අයැදුම්පත් පහත ලිපිනයට යොමු කළ හැකිය.

ජ්‍යෙෂ්ඨ නිවේදක

ගාමිණී මෙරින්නගේ

අංක 480/4, ගාලු පාර,

වැල්ලවත්ත,

කොළඹ 06.

මේ පිළිබඳ වැඩි විස්තර 0771558515 සහ 0776789475 යන අංකයෙන් දැනගැනීමට පුළුවන.

ශ්‍රීමත්ගේ ‘ආකාස්මික ආදරය’ පෙම්වතුන්ගේ දිනයට

පෙබරවාරි 14 වැනිදාට යෙදෙන පෙම්වතුන්ගේ දිනය නිමිති කර ගනිමින් ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ලියු ‘ආකස්මික ආදරය’ පෙම් කව් සරණිය එදින සවස කොළඹ ගාලු මුවදොර හෝටලයේදී එළිදැක් වේ.

මේ ඔහුගේ 26 වැනි කෘතිය වේ.

චන්ද්‍ර අනගිරත්නගේ ‘නිධන් දූපත’තෙවැනි මුද්‍රණය 19 දා පාඨක දෝතට

නැසීගිය චන්ද්‍ර අනගිරත්නගේ නිධන් දූපත පරිවර්තන නවකතාවේ තෙවැනි මුද්‍රණය මෙම මස 19 වැනිදා උදෑසන 10.00 ට කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්වේ.

1983 දී මුල්වරට පළ වූ මෙම නිධන් දූපත නවකතාව රොබට් ලුවී ස්ටීවන්සන්ගේ ඉතා සාර්ථක සහ ජනප්‍රිය කෘතියකි. කර්තෘ මීට ප්‍රථම ටොම් සෝයර්, ඩ්‍රැකි්‍යුලා, කෝච්චියේ ළමයි, හයිඩි වැනි කෘති පරිවර්ථනය කොට තිබේ.