වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ඔබේ අදහස් ප්‍රතිචාර තීරයට වටිනවා. මේ ඉඩකඩ වෙන් වී ඇත්තේ ද ඒවා වෙනුවෙන්. කලාවට හිතැති ඔබේ සිතැඟි එවන්න ක්ෂණිකව 0752805047 යන අංකයට.

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනයට තැපැල්පත් එවිය හැකියි.

සරත් ධර්මසිරිට රසික ප්‍රතිචාර

හරවත්භාවයෙන් තොර ටෙලි නාට්‍ය අතර ඉඩෝරයට පොද වැස්සක් වැනි සුජාත පුත්‍ර නාට්‍ය අප වෙත ගෙනා එහි අධ්‍යක්ෂ සරත් ධර්මසිරි මහතාට සියලු රසික රසිකාවන් වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය පුදමු.
 

විමලසේන හපුතන්ත්‍රි
අත්තනගල්ල

‘සෙත්’ දීර්ඝ කාලයක් වැජඹේවා

මීගමුව ‘සෙත්’ ගුවන් විදුලිය පස් වැනි සංවත්සරය සැමරීය. එහි නිවේදන කටයුතුª කරන ඇන්ටන් ජයමහ ප්‍රමුඛ සුදර්ශන අසේල, සාලිංද, සංජීව, සුදර්ශී, තිළිණි, නිසංසලා ඇතුළු සෙත් ටීම් එකට ජය පතන අතර සෙත් චිරාත් කාලයක් වැජඹේවා යැයි ද පතමි.
 

කැලිස්ටස්

දකුණු වැලිහේන

අපොන්සු මැඩම් මිස් මේරි මරු

ජාතික රූපවාහිනියේ සෑම සෙනසුරාදාවකම විකාශය වන මැඩම් ශෝභා නාට්‍යයේ මැඩම් මිස් මේරි අපගේ සිත්ගත් චරිතයයි. එය නිරූපණය කරන ජයසේකර අපොන්සු අයියේ ඔබගේ ප්‍රයත්නය සාර්ථක බව කියමි. එමෙන්ම එම නාට්‍යය විහිළු දන්නා සැමට හොඳ පණිවුඩයක් ලබාදේ.
 

දුලානි බණ්ඩාර

හාලිඇල

චාමර
 

සිනමාවට එන්න

චාමර පීරිස්ගේ යාය 4 ටෙලි සිතුවම ඉතා අගෙයි. ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ අයාල් සහ පියවි යන නාට්‍යයන් සේම එය ද වෙනස්ම ආරක් ගත්තකි. චාමර ඔබේ කුසලතාවය සිනමාවට ද ගේන්න.
 

ප්‍රදීප් සඳරුවන්

හිඟුරක්ගොඩ

ෂෙල්ටන්ගේ ගී කොච්චර ඇහුවත් මදි

ෂෙල්ටන් මුතුනමගේ ගායන ශිල්පියාගේ අලුත් ගීතයක් පසුගිය දිනෙක ගුවන් විදුලියෙන් ඇසුවෙමු. එය මගේ සිත ඇද බැඳ තබා ගැනීමට හැකි විය. කෙසේ නමුත් ඔබේ පැරැණි ගීත කොතෙක් ඇසුවද එපා නොවේ.
 

ජයන්ත සිල්වා

මාකේවිට

‘සංහිඳ’ සම්මානයට හසු විය යුතුයි

ස්වාධීන රූපවාහිනියෙන් ඉරිදා රාත්‍රියේ විකාශය වන ‘සංහිඳ’ ඉන්ද්‍රසිරි සුරවීර ඉතා රසවත්ව හරවත්ව අපූරුවට මෙහෙයවයි. එය සම්මානයට පාත්‍ර විය යුතු වැඩ සටහනකි.
 

චිත්‍රා ජානකී විජේසේකර

නුගේගොඩ

ඔබටයි මේ කවි කුසුමන් ධනංජය සිරිවර්ධනට

පුංචි තිරේ දිග හැරෙන නාට්‍ය අතරේ
ළගන්නාය නෙතු අග තුටු කඳුළු පිරේ
සැලෙනා හසරැල්ල මුවගෙහි සැරෙන් සැරේ
අගනා ඔබේ රැඟුම පිණිසම දියත් කෙරේ
 

වසන්තා තමලී ගංගොඩනගම

මිදිගම

බොරලු පාර, ආදර්ශවත්

ජාතික රූපවාහිනියේ විකාශය වන බොරලු පාර ආදර්ශවත් ටෙලි නාට්‍යයකි.
 

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

මේ S.MS. ප්‍රතිචාර තීරයයි

ඉඳුවරි ටෙලි නාට්‍යයේ ටිරාන්, චරිත් සහ භාග්‍යා හරිම ලස්සනට රඟපානවා.
 

අශෝකා, වත්සලා, චන්දන

අම්බලන්තොට

කලා අඹරේ තරු පොකුරේ දිදුලන තරුව රන්ජන් රාමනායක එදා වගේම අදත් කඩවසම්. ඔහුගේ තරුණකම ඉස්මතුව පෙනීම රන්ජන් පෙර කළ පින් මහිමයේ අනුහසින් ලද වාසනාවකි.
 

ගීතාංජන ජයසිංහ

කුරුලියාපිටිය

හිරු ටී. වී. කවුන්ට් ඩවුන් වැඩසටහන කාවිංග පෙරේරා අයියා මරුවට ඉදිරිපත් කරනවා. එය පැය ගාණක වුවද කම්මැලිකමක් නැතුව බලාගෙන ඉන්න පුළුවන්.
 

ඩබ්ලිව්. කේ. භානුක

නුවරඑළිය

ඉසුරු සංග්‍රාමයේ රොෂාන් පිලපිටිය නියමයි.
 

නලීන්

දූනගහ

කුමන ටෙලි නාට්‍යයක රඟපෑවත් ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රංගනය කිසිම වෙලාවක පහළ බහින්නේ නැහැ.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

නෙත්මි උමයා අධිකාරිව ධනවත් පවුලක අහංකාර, නපුරු චරිතයකින් දකින්න ආසයි.
 

ෆාතිමා

වැලිගම

නෙහාරාගේ රඟපෑම දියුණු වෙනවා. සිටු මැදුරේ තවත් ගැමි චරිතයක් ලැබුණා නම් අගෙයි.
 

ඉෂාන්

පානදුර

රුවන් හෙට්ටිආරච්චි දක්ෂ ගායකයෙකි.
 

සාලිය

මීටියාගොඩ

සුජාත දියණි ආදර්ශවත් කතා මාලාවකි.
 

මල්ෂා ප්‍රබෝධනී

කඩවත

මොරටු පුරවරයෙන් පැමිණ දශක ගණනාවක් අප පින වූ ගායක මැක්ස්වල් මෙන්ඩිස් වියෝ වී වසර ගණනාවක් ගෙවුණත් තවමත් ජනප්‍රියත්වය අඩු වී නැතැයි මට සිතේ. මම බොහොම බය වුණා, රටක් වටිනාව, මගෙ සුරතල් පොඩි දුව ඔහු ගැයූ රසාලිප්ත ගීත කිහිපයකි.
 

සරත්

මතුගම

ඉනියවන් හි දර්ශන් ධර්මරාජ් අසමසම රංගනයක යෙදෙනවා.
 

වික්‍රම

මිද්දෙණිය

ඔබේ හඬ තවමත් අප සවන්පත් තුළ නිම්නාද වෙයි. ඒ හඬට ආදරය කරන රසික පිරිස මෙතෙකැයි කිව නොහැක. ආදරණීය හෙන්රි කල්දේරා කලාකරුවාණෙනි ඔබටයි මේ උපහාර වචන පේළි කිහිපය.
 

චතුරංග සම්පත්

හංවැල්ල

අප රටෙහි සිටින ප්‍රවීණ කලා ශිල්පියකු වන සෝමපාල ලීලානන්ද මහතාගේ පන්හිඳෙන් පෙරදා ඉදිරිපත් කළ ගීත රචනා, දෙබස් රචනා චිත්‍රපට කතා ආයෙත් අපට ඕනෑ.
 

දමයන්ති කුමාරි

හොරණ

ලක් හඬ ගුවන් විදුලියේ ජෝති රාත්‍රියට මං ආසයි. එහි ඉතා හොඳට මේකලා වසුන්දරා නිවේදන කටයුතුවල යෙදෙනවා.
 

රත්නා කහඳව

අලව්ව

අසූව දශකයේ නිර්මාණය වූ හින්දි චිත්‍රපට රස වින්දනය කළ හැකියි. ඒවායින් කිහිපයක් රූපවාහිනි නාලිකාවලින් පෙන්වන්න.
 

ඉන්දික මුණසිංහ

කෙහෙල්ඇල්ල

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන බී. සිරිතුංග පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් යුතු හද රැඳි ගී වැඩසටහන ඉදිරිපත් කරන දමිතා අබේරත්න සහ කැලුම්ගේ වාග් රටාව ආකර්ෂණීයයි.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය

ටෙක්ලා කුමුදු කුමාරි පුංචි තිරයේ අපූරු තරුවකි.
 

අමාලි

අවිස්සාවේල්ල

කලර් චිත්‍රපටයෙන් රිදී තිරයට ආ ප්‍රියන්ත මංසිළු හොඳ අනාගතයක් ඇති නළුවකු බව පෙනේ.
 

විරාජ්

නිකවැරටිය

දුලීකා මාරපන තමයි බොරු සෝබන නැති එකම නිළිය.
 

නීල් රුවන්

බලන්ගොඩ

කලක් රිදී තිරය ඔපවත් කළ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යළිත් රඟපාන්නකෝ.
 

ලක්ෂ්මන් ද සිල්වා

මෝදර