වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

PROMISED LAND

‘ප්‍රොමිස්ඩ් ලෑන්ඩ්’ ගස් වැන් සන්ට් අධ්‍යක්ෂණය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටයකි. ඩේව් එගර්ස් තිර රචනය කළ මෙම චිත්‍රපටයේ වෙළෙඳ නියෝජිතයන් දෙදෙනෙකු වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් වේ. මැට් ඩමොන්, ජෝන් කරන්ස්කි, ෆාන්ස් මැක්ඩ්‍රොමාන්ඩ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ප්‍රොමිස් ලෑන්ඩ්’ මිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු වේ.

DJANGO UNCHAINED

ඩිජන්ගෝ අන්චේන්ඩ් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. ක්වෙන්ටින් ට්‍රැන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 165 ක ධාවන කාලයකින් යුතු වේ. ජෙමි ෆොක්ස්, ක්‍රිස්ටෝප් වොල්ට්ස්, ලියනාඩෝ ඩිකැප්රියෝ, කෙරී වොෂින්ටන්, සැමුවෙල් එල් ජැක්සන්, වෝල්ටන් ගොගින්ස්, ඩෙනිස් ක්‍රිස්ටෝපර්, ජේම්ස් රේමර්, මයිකල් පාර්ක්ස්, ඩොන් ජොන්සන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

MY UNCLE RAFAEL

‘මයි අන්කල් රෆායල්’ මිනිත්තු 102 ක ධාවන කාලයකින් යුතු හාස්‍යමය චිත්‍රපටයක්. මාර්ක් ෆස්කෝ විසින් අධ්‍යක්ෂණය කළ මයි අන්කල් රෆායල් හි ජෝන් මයිකල් හිගින්ස්, මිසි පෙයිල්, රැචෙල් බ්ලැන්වර්ඩ්, චාර්ලි චේකින් ප්‍රධාන චරිත නිරූපණය කරති.

ON THE ROAD

‘ඔන් ද රෝඩ්’ වොල්ටර් සෙලීස් විසින් අධ්‍යක්ෂණය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටයක්. ජැක් ක්රෙවොක් විසින් 1957 වසරේදී එළි දක්වන ලද ‘ඔන් ද රෝඩ්’ නවකතාව ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මිනිත්තු 137 ක ධාවන කාලයකින් යුතුවේ. සැමී රිලේ, හැරියෙට් හෙඩ්ලවුන්ඩ්, ක්‍රිස්ටීන් ස්ටෙවාර්ට්, ඇමි ඇඩම්ස්, ටොම් ස්ටුරයිඩ් රංගනයෙන් දායක වෙති.

MIRROR MIRROR

මිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු ‘මිරර් මිරර්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ස්නෝ වයිට් නම් සුරංගනා චරිතය තේමා කර ගනිමින් නිර්මාණය කළ මිරර් මිරර් හි අධ්‍යක්ෂණය ටර්සෙමි සින්ග් විසිනි. ලිලී ;කාලින්ස්, ජුලියා රොබර්ට්ස්, අර්මි හාමර්, නාදන් ලැරේ, මරේ විනින්ග්හැම්, මයිකල් ලර්නර් මේ සඳහා දායකත්වය ලබා දෙති.

BLOOD MONEY

‘බ්ලඩ් මනි’ ත්‍රාසකජනක හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. තරුණ යුවලක් වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් ‘බ්ලඩ් මනි’ විෂාල් මහන්ද්කාර් ගේ අධ්‍යක්ෂණයක්. කුනාල් ඛේමු, අම්රිතා පූරි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති.

AFTER

‘ආෆ්ටර්’ ත්‍රාසජනනක සිදුවීම් ඇතුළත් විද්‍යා ප්‍රබන්ධ හොලිවුඩ් චිත්‍රපටයක්. රයන් ස්මිත් අධ්‍යක්ෂණය කළ ‘ආෆ්ටර්’ චිත්‍රපටයේ ස්ටීවන් ස්ට්‍රෙයිට්, කැරොලිනා වයිඩ්‍රා, සැන්ඩ්‍රා ලාෆර්ට්, චේස් ප්‍රෙස්ලි, ජැක්සන් වෝල්කර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

JACK REACHER

2005 වසරේදී එළිදැක්වුණ ලී චයිල්ඩ්ගේ ‘වන් ෂොට්’ නව කතාව ඇසුරින් නිර්මාණය වූ ‘ජැක් රීචර්’ ත්‍රාසජනක ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටය මිනිත්තු 130 ක ධාවන කාලයකින් යුතු වේ. අපරාධයක් පිළිබඳ කතා තේමාවක් ඇතුළත් වූ ජැක් රීචර් ක්‍රිස්ටෝපර් මාකාරිගේ අධ්‍යක්ෂණයක්. ටොම් කෲස්, රොසැමන්ඩ් පේක්, රිචඩ් ජෙන්කින්ස්, වර්නර් හර්සොග්, ඩේවිඩ් ඔයෙලොවෝ මේ සඳහා රංගනයෙන් දායක වෙති.