වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජයකොඩි සෙනෙවිරත්න ලියූ ‘නොමැරෙන මිනිස්සු’ කෘතිය 15 දා දොරට වඩ

ජයකොඩි සෙනෙවිරත්න ලියූ ‘නොමැරෙන මිනිස්සු’ කෘතිය 15 දා දොරට වඩී

ජයකොඩි සෙනෙවිරත්න ලියූ ‘නොමැරෙන මිනිස්සු’ නවකතාවේ නවතම මුද්‍රණය ජනවාරි 15 වැනිදා දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

‘නොමැරෙන මිනිස්සු’ කෘතිය තුළින් මානුෂික සම්බන්ධතා මෙන්ම පුළුල් ක්ෂේත්‍රයක විහිදී පවතින සමාජ පරිසරය පිළිබඳ ගවේෂණය කෙරේ. රාජ්‍ය සම්මාන දිනූ ‘කුමාරිහාමි’ සහ ‘කිරි ගෙදර’, ‘වජිරපාණී’, ‘උරචක්‍රමාලය’, ‘පංච කල්‍යාණි’, ‘ස්වර්ණ වර්ණ’, ‘රූබර දෝණී’, ‘හිතුවක්කාරි’, ‘රිදී සේල’ වැනි ජනප්‍රිය නවකතා රැසක් ජයකොඩි සෙනෙවිරත්න ලියූ කෘති අතර වේ.

ඡායාරූප ශිල්පී ගීත් ද මැල් වෛද්‍ය වෘත්තියට

ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පී ගීත් ද මැල් ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පත්වීම් ලබයි. මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂණ ශ්‍රවණාගාරයේ පැවති දේශීය වෛද්‍යවරුන්ට පත්වීම් ලියාපදිංචි කිරීමේ සහතිකයන් බෙදාදීමේ උත්සවයේදී ඔහු එම පත්වීම ලබා ගන්නා ලදී.

වසර විසිපහක් මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති හෙතෙම ගුවන් විදුලි සංස්ථාවෙහි සරල ගී ගායන ශිල්පියකු ද වෙයි.

ඡායාරූපයෙන් දැක්වනුයේ දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා අතින් ගීත් වෛද්‍ය සහතිකය ලබාගත් මොහොතයි.

‘සිල් මල් පිපිලා’ මුල් පිටපත සුනිල් එදිරිසිංහයන්ට

කවියකු හා ගීත රචකයකු වන ජයන්ත ග. ජෝතියරත්නගේ නවතම ගේය පද සරණිය වන ‘සිල් මල් පිපිලා’ ග්‍රන්ථයෙහි මුල් පිටපත ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ට පිරිනැමූ අවස්ථාවයි මේ.