වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී නොලැබ ඉන්න බෑ ඔබේ ආදරේ

නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී නොලැබ ඉන්න බෑ ඔබේ ආදරේ

මේ සුන්දරත්වයේ කතාන්දරයකි. ප්‍රේමයේ සදා සුන්දරත්වයේ හරිම අපූරු කතාවකි. මේ සේයාරුව සරසන යුවළ ඔබට මට මෙන්ම අපට ළෙන්ගතුම යුවළකි. ‘නොදැක ඉන්න බෑ’ ගීතයෙන් අතිශය ජනාදරයට පත් රුවන් හෙට්ටිආරච්චි සහ අමා ටෙලි නාට්‍යයේ අමා වෙමින් මාස ගණනක් අප සමඟ ජීවත් වූ රුවැත්තිය ඇයයි.

නොසිතූ මොහොතක රුවන් සහ ෂෙරිල් විවාහ ගිවිස ගත්තේ දුරුතු හීතලින් මුළු රටම සැනසෙන, නැලවෙන අලුත් බලාපොරොත්තු පොදි බැඳගත් දිනෙකය. එකවරම මේ විවාහ ගිවිස ගැනීම කිසිවකු නොපිළිගන්නේ ඔවුන් ගැන ආරංචියක් කට කතාවක් හෝ ඉඟියක්වත් පළ නොවුණු හෙයිනි.

ගායනයෙන් අප සැනසූ රුවන්ටත් රංගනයෙන් අප නැල වූ ෂෙරිල්ටත් සුබම සුබ යුග දිවියකට මේ පැතුම සරසවිය අපෙන්.