වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය -95

ජෝඩු වළලු

තිරගත වූ දිනය – 1980 පෙබරවාරි 08

ඉදිරිපත් කිරීම – පතිවික්‍රම චිත්‍රපට

නිෂ්පාදනය - කේ. ජී. ඒ. ජයරත්න, ඩී. පී. වික්‍රමසිංහ

කතාව සහ අධ්‍යක්ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද

කෘත්‍යාධිකාරී නිෂ්පාදක – ගාමිණී ජයරත්න

නිෂ්පාදන අධිකාරි – අර්නස්ට් වඩුගේ

තිර රචනය සහ දෙබස් - තිස්ස අබේසේකර

සහාය අධ්‍යක්ෂණය – ජිනදාස පෙරේරා, බන්දුල විතානගේ

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. විජයරත්න

සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි

වේශ නිරූපණය – එස්. පී. කොස්තා

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප – ජිනදාස පෙරේරා

නාද ශික්ෂණය - ජෝර්ජ් මනතුංග

රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන

සංගීත අධ්‍යක්ෂණය - සරත් බාලසූරිය

ගීත -

නීල විල්කුසේ පිපුන උපුල සේ - නන්දා මාලිනී – කරුණාරත්න අබේසේකර

පරක් තෙරක් නැති ජීවිත අහසේ - ඩබ්. ඩී. අමරදේව - කරුණාරත්න ඩී. පිලිප්

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

නළු නිළියන් - ජෝ අබේවිත්‍රම (සුමින්ද), වින්සන්ට් ප්‍රේමසිරි (පාල), සුමනා අමරසිංහ (සුමනා), ශ්‍රියාණි ෆොන්සේකා (ශ්‍රියාණි), රංජිත් පෙරේරා (ලොක්කා), ඩේසන් අමරසිංහ (මැනේජර්), සොමී රත්නායක, සෝමසිරි දෙහිපිටිය, ලැම්බට් මොරමුදලි, වින්සන්ට් කරුණාරත්න, යූ. ආරියවිමල්, දයා අල්විස්, ප්‍රසන්න ෆොන්සේකා, රංජිත් සුරංග, රාජා සුමනපාල, නිහාල් සිල්වා, දයා වයමන්, අශෝක හේවාවිතාරණ, හර්බට් කහවිට, මෝතිලාල් ගුණසේකර, කීර්ති හේවාවසම්, රත්නා සුමනපාල, රුවන් තිස්ස, මාලා ලියනගේ, නීල් මොරායස්, ශ්‍රියා කළුබෝවිල, බන්දුල විතානගේ, ප්‍රැන්සිස් වන්නිආරච්චි, එඩී අමරසිංහ

ප්‍රදර්ශනය – එල්පින්ස්ටන්, ට්‍රියෝ,

ඉම්පාලා, නැෂනල්, වේල්ස් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී

ප්‍රදර්ශන කාලය – ට්‍රියෝ, ඉම්පාලා, නැෂනල්, ගැමුණු දින 21, එල්ෆින්ස්ටන්, වේල්්ස් දින 41 ක් වශයෙන් ද


කාංචනා

තිරගත වූ දිනය – 1980 පෙබරවාරි 22

ඉදිරිපත් කිරීම - අභය රූ සිනෙරූ

නිෂ්පාදනය - වෛද්‍ය ඩී. දයා අබේගුණවර්ධන

සම නිෂ්පාදනය - වෛද්‍ය එස්. රවුස්දීන්

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – එම්. ඒ. සංඝදාස

සහාය අධ්‍යක්ෂණය හා සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන, රංජිත් පෙරේරා

නිශ්චල ඡායාරූප – කීර්ති අල්විස්

නිෂ්පාදන කළමනාකරු - ලයනල් ලියනගේ

සැකසුම හා ගීත පටිගත කිරීම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා

චිත්‍රාගාරය (සරසවි)ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන

සංගීත අධ්‍යක්ෂණය – ඩී. ආර්. පීරිස්

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ

ගීත -

ජීවනේ හද අම්බරේ – මිල්ටන් මල්ලවආරච්චි, සුජාතා අත්තනායක

අද තාරකාවෝ සිනමාවේ – අබේවර්ධන බාලසූරිය, ලක්ෂ්මන් රුද්‍රිගූ, රෝහණ වීරසිංහ

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් -

වොලී නානායක්කාර (වික්ටර්), ශ්‍රියාණි අමරසේන (ශාන්ති), නදීකා ගුණසේකර (කාංචනා), විජය කුමාරණතුංග (අජිත්), අමරසිරි කලංසූරිය (ලාල්), දයා තෙන්නකෝන්, විමල් කුමාර් ද කොස්තා, සෝමසිරි දෙහිපිටිය, තලතා ගුණසේකර, දයානන්ද ජයවර්ධන, යාපා සිරිවර්ධන, විද්‍යා හේමමාලි ද සේරම්, තිලක් පුෂ්ප කුමාර

ප්‍රදර්ශනය – ගාමිණී, සැපයාර්, සමුද්‍ර ඇතුළු දෙවන මණ්ඩලයේ

සිනමා ශාලා 15 කදී ප්‍රදර්ශන කාලය – දින 14 වන විට ආරම්භක සිනමා ශාලා 8 කට සීමා විය. සැෆයර් හි දින 19 ක් ද, ගාමිණී සිනමා ශාලාවේ දින 28 ක් වශයෙන් ද තිරගත විය.

මංගල දර්ශනය -1980. 02. 22 සවස 6.00 ට සැෆයර්හිදී පැවැත්විණ.


සිල්වා

තිරගත වූ දිනය – 1980 මාර්තු 07

ඉදිරිපත් කිරීම - සීමාසහිත සුහද චිත්‍රපට

නිෂ්පාදනය - සරත් පියදාස, හර්බට් රංජිත් පීරිස්

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – හර්බට් රංජිත් පීරිස්

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඩී. සුමනසේකර

සහාය අධ්‍යක්ෂණය – ප්‍රභාත් කුමාර

සංස්කරණය – ඩබ්. ඩී. කේ. රූබන්

කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන

වේශ නිරූපණය - ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (නෙළූ ශබ්දාගාරය)

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, කරුණාරත්න

අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, හර්බට් රංජිත් පීරිස්

ගීත ගායනය සහ ගීත -

මනසේ සිහින ලොවේ – වික්ටර් රත්නායක

අරුමැසි විසිතුරු - මිල්ටන් මල්ලවආරච්චි

කැලණි ගෙඟ් ඉන්න කිඹුලා - ඩෙස්මන් ද සිල්වා, ක්ලෝඩ් ද සොයිසා, ඒ. ඊ. මනෝහරන්

කච කචේ - ෆෙ‍්‍රඩී සිල්වා

පියුම් විලේ පිනි කඳුළේ - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන

නළු නිළියන් – විමල් කුමාර ද කොස්තා (සිල්වා), රෝයි ද සිල්වා (චමික), මාලිනී ෆොන්සේකා (කුමාරි), සමන්ති ලැනරෝල් (ගීතා), ජේ. බී. එල්. ගුණසේකර, රුක්මණී දේවි, ලක්ෂ්මී ඒකනායක, බී. ඇස්. පෙරේරා, යූ. ආරියවිමල්, හර්බට් කහවිට, මාජි මන්ත්‍රිනායක, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, ෆරීනාලායි, ලාල් සේනාධීර, ප්‍රියන්ත විජේසිංහ, ටියුඩර් කරුණාරත්න, ධර්මදාස කුරුප්පු, රාජි කුමාරසිංහ, ෆෙ‍්‍රමිලා රතුගම, බී. පත්මසිරි, සුමනා අමරසිංහ

ප්‍රදර්ශනය – ලිඩෝ, විජිත, සෙයින්ස්තාන්,

කුවින්ලන් – නුගේගොඩ, රීගල් - මහනුවර ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී

ප්‍රදර්ශන කාලය – දින 32 ගත වන විට ආරම්භක සිනමා ශාලා 6 කට සීමා විය. ලිඩෝ, සෙයින්ස්තාන්, ක්වින්ලන් හා මීගමුව - රීගල් සිනමා ශාලාවේ දින 50


එක්ටැම් ගේ

තිරගත වූ දිනය – 1980 මාර්තු 22

ඉදිරිපත් කිරීම – නව සිනමා චිත්‍රපට

නිෂ්පාදනය - වෝල්ටර් ප්‍රනාන්දු

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – හර්බට් රංජිත් පීරිස්

සහාය අධ්‍යක්ෂණය – ප්‍රභාත් කුමාර

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

කැමරා සහාය - නෝබට් රත්නසිරි, නිමල්සිරි රෝසා, බන්දුල කුරේ

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

සංස්කරණ සහාය – නිසල් තෙන්නකෝන්, සුසිල් පුෂ්ප කුමාර

කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන

වේශ නිරූපණය - ශේෂා පලිහක්කාර

නිශ්චල ඡායාරූප – නිහාල් කුමාර පතිරණ

නිශ්චල ඡායාරූප මුද්‍රණය – මයිකල් ජේ. වික්ටෝරියා

නිෂ්පාදන කළමනාකරු - යූ. එස්. ඒ. හමීඩ්

නාමාවලිය – කමල් රත්නායක

පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් ඩී. ජයවර්ධන, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

ශබ්ද පටිගත කිරීම – දිසානායක චිත්‍රපට

ගීත පටිගත කිරීම – ජෝර්ජ් මනතුංග

නාද සංකලනය – එස්. සාරංග

රාජා - විජය චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත හා ගායන ශිල්පීන් - උන්මාද සිතුවම් මැවේ – ගුණදාස කපුගේ- පද රචනය - සුනිල් ආරියරත්න

සවනේ පවනේ – එච්. ආර්. ජෝතිපාල, නිරංජලා සරෝජිනි 

පද රචනය – අජන්තා රණසිංහ

මඟ පෙන්වන තරු සලකුණ – චන්ද්‍රිකා සිරිවර්ධන – පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, විමල් කුමාර් ද කොස්තා, ශාන්ති ලේඛා, ටෝනි රණසිංහ, සුවිනීතා කෝන්ගහගේ, හයසින්ත් විජේරත්න, ධර්මදාස කුරුප්පු, ගුණපාල වීරසේකර, සමන්ති ලැනරෝල්, පර්ල් වාසුදේවි, දයා අල්විස්

ප්‍රදර්ශනය - ක්‍රවුන්, මානෙල්, ඕඩියන්, නිව් මෙට්රෝ, වෙම්බ්ලි - මහනුවර ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී

ප්‍රදර්ශන කාලය - දින 40 වන විට ආරම්භක ශාලා 7 කට සීමා විය. ක්‍රවුන්, මානෙල්, ඕඩියන්, නිව් මෙට්රෝ, එමෙස් - මොරටුව, හිමාලි - කිරිබත්ගොඩ, වෙමබ්ලි - මහනුවර යන ශාලාවන්හිදී දින 53 ක්