වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




රෝයි සුබ උපන් දිනයක්

‘සිහින සේයා’ දෙවැනි වරටත් කිරිබත්ගොඩ දී

සරසවිය ප්‍රධාන ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ ඒක පුද්ගල ඡායාරූප දැක්ම ‘සිහින සේයා’ දෙවැනි වරටත් පසුගිය අඟහරුවාදා නළු නිළි සහභාගීත්වයෙන් කිරිබත්ගොඩ උදේශි සිටි ශාලාවේ ෆොටෝ ප්‍රෙන්ඩ්ස් ගැලරියේ දී ආරම්භ විණි.

ටෙනිසන්ගේ මෙම ඡායාරූප ප්‍රදර්ශනය ලබන මස 03 වැනි දා දක්වා පුරා දින හතක් උදේ 10 සිට සවස 5 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.

මේ සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දක්වන්නේ කිරිබත්ගොඩ ලක්සේයා ඩිජිටල් වර්ණ රසායනාගාරයේ අධිපති නිමල් උඳුගොඩ මහතා සහ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ලලිත් එස්. අබේසුන්දර මහතායි.

රෝයි සුබ උපන් දිනයක්

සිංහල සිනමාවට අනගි මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ සිනමාවේදී රෝයි ද සිල්වා සහෘදයාණෙනි ඔබේ ජන්ම දිනයට සරසවිය මෙසේ ආසිරි එක් කරනු ලබයි. ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා!

 

සිරස සුපර් ස්ටාර්

‘ද නෙක්ස්ට් වොයිස්’ ඇරැඹේ මෙරට රියැලිටි ටෙලිවිෂන් වංශ කතාවේ සමාරම්භය සනිටුහන් කළ සිරස සුපර් ස්ටාර් වැඩසටහන් මාලාවේ පස්වැනි අදියර ‘ද නෙක්ස්ට් වොයිස්’ නමින් මේ වනවිට ආරම්භ වී තිබේ. මෙතෙක් දේශීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයා අත් නොවිඳි ආකෘතියකින් හෙබි මෙහි ජයග්‍රාහකයා රුපියල් කෝටියක මුදලකට හිමිකම් කියනු ලබයි.

එය මෙතෙක් රියැලිටි වැඩසටහනකින් ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගයයි.

එමෙන්ම කිසියම් රියැලිටි වැඩසටහනක් තුළින්ම බිහි වූ ශිල්පියකු එහිම විනිශ්චයකරුවකුªවීමේ සුවිශේෂි දුර්ලභ අවස්ථාව ද මෙවර සිරස ප්‍රේක්ෂකයන්ට අත් විඳීමට ලැබෙනු ඇත.

ඔහු අන් කවරකුවත් නොව ෂෙහාන් මිහිරංගය. ෂෙහාන් සමඟ නිරෝෂා විරාජිනී සහ හේෂාන් ගමගේ පස්වැනි අදියරෙහි විනිසුරුවන් ලෙස කටයුතු කරනු ලබයි.

එමෙන්ම නොවැම්බරයේ විකාශය ඇරැඹෙන ‘ද නෙක්ස්ට් වොයිස්’ සති අන්තයේ රාත්‍රී නවයට සිරස නාලිකාවෙන් දිග හැරෙනු ඇත.