වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ස්වරංජලී සංගීත ප්‍රසංගයදා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ උපහාර තිළිණයක්

ස්වරංජලී සංගීත ප්‍රසංගයදා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ උපහාර තිළිණයක්

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි සිසුවියන් සංවිධානය කරනු ලැබූ ස්වරාංජලී සංගීත ප්‍රසංගය පසුගියදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත් විය.

එහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අතින් ආදි සිසුවියක වන ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය උපහාර තිළිණයක් ලැබූ අයුරුයි මේ.

එඩ්වඩ් - චරිතාගෙන් ළමා ගායක ගායිකාවන්ට අවස්ථාවක්

එඩ්වඩ් – චරිතා ළමා ගී එකතුවක් නිර්මාණය කිරීමට මේ දිනවල සූදානම් වෙමින් සිටියි. එම සංයුක්ත තැටියේ ගී ගැයීම සඳහා දූ පුතුන් රැසකට අවස්ථාව ලබා දීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

එයට ළමුන් තෝරා ගැනීමේ මූලික කටහඬ පරීක්ෂණය පැවැත්වෙනුයේ හෙට උදේ දහයේ සිට සවස දෙක දක්වා නුගේගොඩ ආරියදාස පීරිස් මාවතේ අංක 52 දරණ සැරිසර සංගීත ශාලිකාවේදීයි. මේ සඳහා සහභාගිවීමට කැමැත්තක් සහ ගායන හැකියාවක් ඇති වයස අවුරුදු 03 – 12 අතර දුවා දරුවන්ට එදින පැමිණෙන්න යැයි එඩ්වඩ් – චරිතා ආරාධනා කරනු ලබයි.

තිලක් රණතුංගයන්ගේ වාර්ෂික ගුණ සැමරුව අදයි

රංගන ශිල්පි හා චිත්‍රපට නිෂ්පාදක, නැසීගිය තිලක් රණතුංග කලා කරුවාගේ වාර්ෂික ගුණසැමරුව අද (30) ට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් අද පස්වරු 6.00 ට කලපලුවාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී අටවිසි බෝධි පූජාවක් පැවැත්වෙන අතර ලබන සැප්තැම්බර් 08 වැනි දා රාජගිරියේ ඒ මහතාගේ නිවසේ දී සුමධුර දම් දෙසුමක් හා 09 වැනි දා සංඝගත දක්‍ෂිණවක් ද පැවැත්වේ.

‘සෙං කොට්ටං’ හෙට

මහවැලි කේන්ද්‍රයේදී යොවුන් කතුවරයකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කුලුඳුල් නවකතාව සෙං කොට්ටං (31 දා) හෙට කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී නිකුත්වේ.

මෙදින ප්‍රධාන දෙසුම් සුමින්ද කිත්සිරි ගුණරත්න, චූලානන්ද සමරනායක සහ සුනේත්‍රා රාජකරුණාගෙනි.

මංජු ශ්‍රී පාලිත මෙම උත්සවය නිවේදනයෙන් මෙහෙයවනු ඇත.

මහින්ද ස්වයංජාත ඇතුළු නිර්මාණ බොහොමයක සහාය අධ්‍යක්ෂවරයකු ද වශයෙන් කටයුතු කර ඇත.

’ගී චමත්කාර’ 02 වැනි දා

ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද නීලා වික්‍රමසිංහ, ප්‍රවීණ ගායන ශිල්පි ටී. එම්. ජයරත්න සමඟින් ‘ගී චමත්කාර’ සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 02 වැනි ඉරු දින පස්වරු 6.30 ට ඕ. ර්. ධ්. ඛ්. ඩ් හි දී පැවැත්වේ.

මෙහි සංගීත අධ්‍යක්‍ෂණය විශාරද මනෝජ් පීරිස් ගෙන් වන අතර ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ කථනයෙන් එක්වේ.