වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




රූපසේන සිල්වා ලියූ ලෙස්ටර් චිත්‍රපට ගීතාවලිය එළි දකියි

රූපසේන සිල්වා ලියූ ලෙස්ටර් චිත්‍රපට ගීතාවලිය එළි දකියි

ප්‍රවීණ සිනමා ලේඛක රූපසේන සිල්වා විසින් රචිත ‘ලෙස්ටර් චිත්‍රපට ගීතාවලිය’ ග්‍රන්ථය 2012 සාහිත්‍ය මාසය පෙරටු කොට ගෙන සැප්තැම්බර් මුල් සතිය තුළ දී නිකුත් කෙරේ.

කීර්තිධර සිනමාවේදියකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වටා ඈඳුනු 18 වැනි ග්‍රන්ථය ලෙස මෙය එළි දකී.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳ අතීත කථනයක් සහිත මෙහි එතුමාගේ සිනමාපට වලින් ඇසුනු සියලුම ගීත සමඟ පසුබිම් සංගීතය පිළිබඳ විද්වත් අදහස්, මිලි මීටර් 8 – 16 – 35 ප්‍රමාණයන්ගෙන් නිර්මාණය කළ වාර්තා, කෙටි, අර්ධ වෘත්තාන්ත හා වෘත්තාන්ත චිත්‍රපටවල දුර්ලභ ඡායාරූප හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්බන්ධ මෙතෙක් රචිත ග්‍රන්ථ නාමාවලියක් ද ඇතුළත්ව තිබේ.

මෙහි සම්පාදක රූපසේන සිල්වා මෙරට ප්‍රථම ටෙලි නාට්‍යය වූ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ ගේ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරු ද වෙයි.