වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

අහුබුදු සිහි කිරීම යුතුකමකි සැමගේ

සිනමාවට සහ සිංහල සාහිත්‍යයට ඉමහත් සේවාවක් කළ කලාසූරී අරිසෙන් අහුබුදු විද්වතාණන් සදා සිහිපත් කිරීමට හෙළබස අගයන්නන්ගේ යුතුකමකි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල,

කොටුගොඩ

’කමල්’ අපි සැමදා ඔබ සමඟයි

කමල් අද්දරආරච්චිට

එදා සිට අද දක්වා ජීවන ගමනේ නොයකුත් බාධක අවහිරයන්ට මුහුණ දුන් ඔබ, ඒ සියල්ල විඳදරා මෙතෙක් දුර පැමිණියා සේ, තව තවත් ධෛර්ය සම්පන්නව ආදර බිරිය අනුරානි සමඟ ඉදිරියටත් මේ ගමන යන්න අපි ධෛර්ය ශක්තිය ලබා දෙමු.

මොරටුවේ - උමංගා ද සිල්වා.

ආදරණීය සුරේන්ද්‍ර,

ඔබට ලැබෙන ගල් මුල්වලට සැලෙන්න එපා. ජෝතිගේ ගී ගයමින් මුදල් හම්බ කළේ ඔබ පමණක් නොවෙයි. මහමග යාචකයාගේ පටන් ඇතැම් ප්‍රවීණ ගායකයන් පවා ජෝති ගී ගැයුවා.

නමුත් ඔබ ජෝතිගෙ ගී ඉතාමත් කන්කළු ලෙස ගැයීම බොහෝ දෙනකුට හිසරදයක් වුණා. ඒකයි සත්‍යය.

ඔබේ හඬ හඳුනාගත් අය සමඟ හොඳ නිර්මාණයන් බිහි කරන්න.

මුලින් ජෝතිට මෙන් ඔබටත් කලකදී ලැබුණු ගල් මල් වී ඔබේ දෙපා සිප ගනීවි.

වල්පොළ

රංජනී අමරසිංහ.

වේදිකාවට ද දුක දැනිලා

ඇදුරු තුමෙණි සරච්චන්ද්‍ර
පිං ඇති සරසවි වරම් ලබාලා
සාහිත මල් අප හදතුළ ඔබ අතුරාලා
මනමේ සිංහබා මතකය කියාලා
වැළපෙයි වේදිකාව ද දුක දැනීලා
 

පන්හිඳ අසයි කෝ මාගේ සුවාමියා
වැළපෙයි සිතාරය සුසුමන් සළාලා
ඔබෙ පොත පත ද අසයි මාගේ සුවාමියා
නැත අන් වචන ඔබවේ මහ ප්‍රාඥයා

කුසුමකි ඔබ අප ලක් දෙරණ පිපුණු
ජාතියේ පිනෙන් මෙරටෙහි ජනිත වුණු
ඔබෙ රූ මඬල සුපුරුදු සේ වුණත් සුණූ
ඇත ඔබෙ රුව ඇතේ මතකයේ අප නොවී අළු

ජයනාත් ඉන්ද්‍රජිත්

රෝහල පාර කළුබෝවිල

නදීෂා ඔබ නැති දා පාළුයි

නදීෂා හේමමාලි ‘ආදරියේ’ ටෙලි සිතුවමෙ හි දක්නට නැත්තේ ඇයි. ඇය නොමැතිව හරිම පාළුයි. නැවත ඇය ආදරියේ සඳහා නොඑන බව අපි දනිමු. ඔබ නොමැතිව නාට්‍යය බලන්න කම්මැලි යැයි ද මෙහි දී සඳහන් කරන්නට කැමැත්තෙමි.

උමේෂා- මාතර

බී. පී. ගම්මුදලි -

මාළිගාතැන්න - කමල් - බෙලිහුල්ඔය.


S.M.S

නිළි රැජන මාලිනියට තව තවත් නිර්මාණයන්ට දායක වන්න ලැබේවා.

උදය.

සුමින්ද සිරිසේනව ඉක්මනින් ටෙලි සිතුවම් හරහා දැක ගන්නට ඕනේ.

ගම්ලත් - පාදුක්ක.

තරුපිරි අහස ටෙලි සිතුවමෙහි කඩවසම් මේනක රාජපක්‍ෂ කැපී පෙනෙන තරුවකි.

ධම්මික, කෑගල්ල - ජානක ප්‍රේමනාත් ,

ඇල්පිටිය.

කේෂාන් ශෂින්ද්‍රට සුදුසු වෘත්තිය ගායනය නොව රංගනයයි. පිපෙන මල් ටෙලි සිතුවම නරඹන අපට එය පැහැදිලිවේ.

පවිත්‍රා, බෙලිඅත්ත.

බොලිවුඩ් රිදී තිරයේ දුඹුරු රුව කාජල්, සැබෑ ජීවිතයේ මවකගේ භූමිකාව ද රඟමින් ඇගේ හැඩය ද මනාව කළමනාකරණය කරගෙන සිටින අයුරු අනර්ඝයි.

සමන්ති - මහනුවර

අමා ටෙලි සිතුවමේ විශ්ව, ශෙරිල් මෑත කාලයේ පුංචි තිරයේ අප දුටු හොඳම පෙම්වතුන් යුවළයි.

තිළිණි මධුශිකා,

කන්නිමහර

දිස්නා, සඳලංකාව

ජෝති සදා කාලිකයි. ඔහුව අනුකරණය කරන්නෝ තාවකාලිකයි.

අමා-කෑගල්ල

ගීතා කුමාරසිංහ නිපැයූ ‘ලොකු දුව’ චිත්‍රපටය ඩී. වී. ඩී. කොට වෙළඳ පොළට නිකුත් කරන්න.

විත්‍රානන්දු, අහුංගල්ල.

රොෂාන් රණවනව ප්‍රධාන චරිතයට යොදලා නැවතත් චිත්‍රපටයක් කළොත් හැරගිය ප්‍රේක්‍ෂකයින් යළි සිනමා ශාලාවලට ඒවි.

මධු, කොළඹ.

බිඳුණු හදවත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිස නිර්මාණ රැසකින් රසික සිත් පින වූ ලුවී වැන්ඩස්ට්‍රාටන් නිහඬවීම ලොකු අඩුපාඩුවකි.

විරාජ් හර්ෂනාථ

බණ්ඩාර-නිකවැරටිය.

මෑත කාලයේ බිහි වූ විශිෂ්ටතම දුෂ්ට නළුවා ගයාන් වික්‍රමතිලකයි

කරු -මීරිගම

හිමාලි සිරිවර්ධනගේ නර්තනයට මං කැමතියි.

තිළිණි නුවන්තිකා

ගනේමුල්ල