වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




තරු හමුවට අලුත් මඟක්

තරු හමුවට අලුත් මඟක්

ජංගම දුරකථනය ඔස්සේ ඔබේ තරුවට අමතන්න කදිම අවස්ථාවක් කලා ලොවේ තරුවලට පෙම් බඳීන හැම රසික රසිකාවියක්ම කැමැතියි තමා ප්‍රිය කරන ඒ තරුව සමඟ කතා කරන්නතම අදහස් තරුවට දන්වන්න. තම සිත්ගත් ඒ තරුවගේ අලුත්ම විස්තර දැනගන්න. කාලයත් සමඟ තරග කරන මේ කාලයේ තරුවක් හමුවෙනවා කියන එකත් හරිම අමාරු දෙයක්.

ඉස්සර නම් ඉතිං තරුවල තොරතුරු දැනගත්තෙ පත්තරවලින්. දැන් රූපවාහිනි, ගුවන් විදුලි නාලිකා, නොයකුත් වෙබ් අඩවි වගේම ෆේස් බුක් වැනි මාධ්‍ය මඟින් තරු ගැන තොරතුරු දැනගන්නට පුළුවන්. ඒත් ඉතිං මේවා හැමෝටම පොදු නැහැනේ. අපට ඕන වෙලාවට වැඩසටහන් විකාශය වෙන්නේ නැහැ. එහිදී අපට කතා කරන්නට ලැබෙන ඉඩ අඩුයි. හැමෝටම අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ වුණාට අද ඒ තත්ත්වය වෙනස් වෙලා. තමන් ප්‍රිය කරන තරුත් එක්ක තොරතුරු හුවමාරු කරගන්න කදිම අවස්ථාවක් උදා වෙලා. බොහෝ රටවල සුප්‍රසිද්ධ තරු තම ආදරණීය රසික රසිකාවියන් එක්ක සෘජුවම තොරතුරු හුවමාරු කරගන්නවා. ඒ තම ජංගම දුරකථනය හරහා. ඒ ක්‍රමය දැන් ලංකාවෙත් භාවිත කෙරෙනවා. ඒ තමයි ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස්. මෙය තරුවලටත් රසිකයන්ටත් හමුවන්නට තැනූ සොඳුරු පාලමක්.

මේ ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස් හරහා රසික රසිකාකවියන් යවන කෙටි පණිවිඩ සඳහා පිළිතුරු ලබා දෙන්නේ අදාළ තරුව විසින්මයි. ඇත්තටම මෙය සිදු වන්නේ කොහොමද? හැම කෙනෙක් ළඟම නළු නිළියන්ගේ දුරකථන අංක නැහැනේ. කෙනකුට එහෙම හිතෙන්නත් පුළුවන්. ඒ වගේම ජනප්‍රිය තරුවක දුරකථන අංක වෙන අය දැනගත්තම හරිම කරදරයක්. තවත් කෙනකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ස්ටාර් ෆෙ‍්‍රන්ඩ් මඟින් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මුලින්ම අදාළ තරුව වගේම රසික රසිකාවියනුත් මේ සඳහා ලියා පදිංචි විය යුතු වෙනවා. තමන් කැමැති තරුවගේ නම සඳහන් කරලා ඩයලොග් අංකයකින් නම් 678 හෝ වෙනත් ජාලයකින් නම් 2468 අංකයට කෙටි පණිවිඩයක් යැවීමෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම මේ පහසුකම අවශ්‍ය තරුවගේ ජංගම දුරකථනයට හෝ පරිගණකයට මේ සඳහා අදාළ මෘදුකාංග ඇතුළත් කළ යුතු වෙනවා. මේ අනුව ලියාපදිංචි වූ රසිකයකුට තම අදහස් සුභපැතුම් තමන් කැමැතිම තරුවගේ ජංගම දුරකථනයට යොමු කරන්න පුළුවන්. එවිට අදාළ තරුවට පුළුවන් එවෙලේම ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නට. අලුත්ම ඡායාරූප, ගීත, රිංග් ටෝන්, වෝල් පේපර්ස් වුණත් තම ආදරණීය රසිකයන්ට ලබාදීමේ අවස්ථාව තරුවලට ලැබෙනවා. මෙහිදී තරුවගේ දුරකථන අංකයෙන් නෙවෙයි නම හරහා තමයි පණිවිඩ යැවෙන්නේ. ඒ නිසා රසික රසිකාවියන්ට ලැබෙන්නේ තරුවගේ නම පමණයි. උදාහරණයක් විදියට අපි නෙහාරා පීරිස්ට කෙටි පණිවිඩයක් යවනවා කියලා හිතමු. එවිට දුරකථන තිරයේ දැක්වෙන්නේ ‘Nehara’ කියලා විතරයි. රූගත කිරීමකදී වුණත් විවේකයක් ලද අවස්ථාවකදී රසික රසිකාවියන්ගේ පණිවිඩ වලට පිළිතුරු දෙන්නට තරුවලට පුළුවන්.

මේ වන විටත් ලංකාවේ කලා ලොවේ දිදුලන තරු රැසක් මේ සඳහා එක් වී ඇති බවයි ආරංචි වෙන්නේ. කවුද අකමැති තමන් ආදරය කරන අයත් එක්ක අලුත්ම තොරතුරු බෙදා ගන්න. මෙහිදී තරුවකට තමන්ගේ එක රසිකයෙක් එවන කෙටි පණිවිඩයකට පිළිතුරු යවනවා වගේම තමන් ගැන අලුත් ආරංචියක් තියෙනවා නම් තමන් ප්‍රිය කරන රසික රසිකාවියන් සියලු දෙනාටම එකවර පණිවිඩ යැවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අද තියෙන තරු තරග වෙනුවෙන් මනාප ලබා ගැනීමටත් මෙය බොහෝ ප්‍රයෝජනවත් වේවි.

සුවිශේෂී වූ තරු - රසික සබඳතාව ලබා දෙන්නට පුරෝගාමී වුණේ අවුරුදු දොළහක් පමණ කාලයක් පුරා ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ පසුවන ‘Z Messenger  ආයතනය විසින්. මෙහි පාලන කටයුතු තරුව විසින් කළ යුතුවන නිසා මේ පහසුකම ලබා ගන්නා තරුවලට වෙනමම පුහුණුවක් ලබා දෙන්නට ‘Z Messenger ආයතනය කටයුතු යොදලා තියෙනවා. ඊට අමතතරව www.starfriends.lk වෙබ් අඩවියේ මේ සෑම තරුවක් සඳහාම වෙන් වූ වෙනමම පිටුවක් තියෙනවා. එහි සියලුම පාලන කටයුතු හිමි වන්නෙත් අදාළ තරුවටම පමණයි. එහිදී තමාගේ අලුත්ම විස්තර, ඡායාරූප, ගීත වැනි දේ ඇතුළත් කළ හැකියි. ඉදිරියේදී මෙම ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස් ඔස්සේ වීඩියෝ දර්ශන හුවමාරුව වගේම තරුත් එක්ක කතා කරන්නටත් අවස්ථාව ලැබෙනු ඇති බවයි ‘Z Messenger ආයතනය සඳහන් කරන්නේ.

ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස් හරහා තරුවලට හැමදාම දිළෙන්නට අවස්ථාව ලැබෙනවා. මේ සමඟ තරුවලට හැමදාම රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර ලැබේවි. මීට අමතරව මෙම සුවිශේෂී අවස්ථාව තරුවලට තම ආර්ථික වටිනාකම ඉහළ නංවා ගැනීමටත් උපකාරී වේවි. අද කාලේ කලා ලොවේ තරුවලට මඩ වදින අවස්ථාත් නැතුවාම නෙවෙයිනේ. එහෙම අයට පිළිතුරු දෙන්නත් මෙය හොඳම මාධ්‍යයක්. එවිට තමන් ආදරය කරන රසික රසිකාවියන්ට ඇත්ත මේකයි කියල තමන්ටම කියන්න පුළුවන්නේ. ඇත්තෙන්ම එය තරු හා රසික ජනතාව අතර මනා අවබෝධයක් ගොඩ නැංවීමට අපූරු අවස්ථාවක් වේවි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න කැමැති ඔබ 0710345345 දුරකථන අංකය ඇමැතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඇත්තටම එය සුවිශේෂියි. අද තරු අතර වුණත් ඇති තරගය දිහා බැලුවම තරු අතර කැපී පෙනෙන්නට මෙය කදිම අවස්ථාවක්.