වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ජයන්තට වැටහුණු ‘යංසයක’ බලය

ජයන්තට වැටහුණු ‘යංසයක’ බලය

‘යංසයක්’ එහා මෙහා වීමෙන් අපේ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි පසුගිය සතියේ මහත් අකරතැබ්බයකට මුහුණ දුන්නා.

අමිල තේනුවරගේ අලුත්ම කවි පොත ‘හෝඩි පොතේ මනමාලි’ එළි දුටු දවසේ ජයන්ත කවිය අව්‍යාජයි යනුවෙන් පැවසුවා.

එහෙත් එය පසුගිය සතියේ ප්‍රමාද දෝෂයක් නිසා සරසවිය පුවත්පතේ පළ වූයේ ‘කවිය අවජාතකයි’ යනුවෙන්. කවිය අවජාතකයි යනුවෙන් ජයන්තගේ ප්‍රකාශය නිසා හිතවතුන්ගෙන් දිගට හරහට දුරකථන ඇමතුම් ගලා ආවා. දවස පුරාම ලැබූ ඇමතුම්වලින් ජයන්තට දිගටම දෝස් මුරයක් තමයි අහන්න වුණේ.

යංසයක් එහා මෙහා වීමෙන් ඇති වූ වෙනස නිසා ජයන්ත පැවසූ අදහස උඩු යටිකුරු වුණා. ජයන්ත එහිදී පවසා තිබුණේ කවිය අව්‍යාජයි යනුවෙන් නිසා ජයන්තට මේ සිද්ධිය හැමෝටම නිවැරැදි කරන්න සිද්ධ වුණාලු. ඔන්න යංසයක ඇති බලය.