වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




‘කලර්’ සී. ඊ. එල්. එයි

‘කලර්’ සී. ඊ. එල්. එයි

කමල් අද්දරආරච්චි වසර අටකට පසු රඟන ‘කලර්’ සිනමාපටය ‘විජය කුවේණි’ගෙන් අනතුරුව සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹෙයි. මේ සිනමා සිතුවම අධ්‍යක්ෂණය කරමින් තවත් අධ්‍යක්ෂවරයෙක් හෙළ සිනමාවට එකතු වේ. ඒ ඉසුරු වීරසිංහ මුදළිය.

කලර් ඔහුගේ පළමු අධ්‍යක්ෂණයයි.

ඇන්ජලා සෙනෙවිරත්න, උදයන්ති කුලතුංග, සඳනි සුලක්නා, ජයනි සේනානායක, ශ්‍රීමාල් වෙඩිසිංහ, ප්‍රියන්ත මංසිළු, දුෂාන් මෙන්ඩිස් ඇතුළු පිරිස කලර් හි රගංන දායකත්වය සපයති.

මෙය නෙත්සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරාන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහගේ නිෂ්පාදනයකි.

ප්‍රියන්ත මලවිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස් ගේ කලා අධ්‍යක්ෂණයෙන්, ඉමල් ශානකගේ අංග රචනයෙන් හැඩ වූ කලර් හි සංගීතය සංඛ දිනෙත්ගෙනි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් එක් වෙති. චලිත මනුරංග සහාය අධ්‍යක්ෂවරයාය.

ප්‍රචාරණ සැලසුම සිතුවිලි ක්‍රියේෂන් වෙනුවෙන් මාලක නන්දනගෙනි.

කමල් අද්දරආරච්චි, සමිතා මුදුන්කොටුව, සංඛ දිනෙත් සමඟ මීනා ප්‍රසාදිනි කලර් ගායනයෙන් විචිත්‍රවත් කොට තිබේ.
 


ඇන්ජලා තිස්ස පළමුවරට එකට තිරයට

නාලක විතානගේ රූපාන්තරණ අරඹයි
 

පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්න සහ තිස්ස විජේසුරේන්ද්‍ර පළමුවරට එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට නාලක විතානගේ සූදානම් වෙයි.

‘රූපාන්තරණ’ නම් වූ එය පර්යේෂණාත්මක චිත්‍රපටයකි.

ළඟදීම රූගත කිරීම් ඇරැඹෙන මෙහි තිස්ස, ඇන්ජලා යුවළට අමතරව රවීන්ද්‍ර රන්දෙණිය, අංජුලා රාජපක්ෂ සහ අයේෂා දිසානායක දැනට රංගනය සඳහා තෝරා ගෙන ඇත. පී. බාලසූරිය කැමරා අධ්‍යක්ෂවරයාය. නිවුටන් ගුණසේකර සහය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. නිමල් රාජපක්ෂ අංග රචනා ශිල්පියා වේ. කලා අධ්‍යක්ෂණයෙන් රෝහණ හේවාවිතාරණ, සංස්කරණයෙන් ඒෂාන් මොටාගෙදර, සංගීත නිමැවුමෙන් මලික් පෙරේරා ද ‘රූපාන්තරණ’ හැඩ කිරීමට දායකත්වය සපයති.

මෙම සිනමා සිතුවම සමඟින් නව පරපුරේ කිහිප දෙනකුව රිදී තිරයට කැඳවා ඒම නාලක බලාපොරොත්තුවකි. නො: 14, ආනන්ද බාලිකා මාවත, පිටකෝට්ටේ යන ලිපිනයෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි අතර තෝරා ගන්නා නවකයන් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලවා විධිමත් පුහුණුවක් ලබා දීමට ද නියමිතය.

රූපාන්තරණ හි සංකල්පය සහ පිටපත නාලකගෙනි. මෙය ඔහුගේ දෙවැනි සිනමා කෘතිය වන අතර පළමුවැන්න වූ අනිත්‍යා තව නොබෝ දිනකින් රිත්මා මණ්ඩලයේ තිරගත වනු ඇත.

නාලක ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ ගේ පුත්‍රයා වේ.