වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




උදය තල්පාවිල අභාවප්‍රාප්ත වෙයි

උදය තල්පාවිල අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී උදය තල්පාවිල අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට පනස් එක් හැවිරිදි වියෙහි පසු වූ ඔහු තිදරු පයෙකි. වැලිගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා රංගනයට පිවිසියේ වේදිකාව හරහායි. උතුරේ රාහුල හිමි, කමාන්ඩෝ දියසේන, දේශපාලුවා යන වේදිකා නාට්‍යයන්ට දායක වූ හෙතෙම දෙපැති දහර, පුංචි වීරයෝ යන ටෙලි සිතුවම්වල සහ වන් ෂොට් වන් චිත්‍රපටයෙහි කැපී පෙනෙන චරිතයන් රැඟුවේය. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල පොදු සුසාන භූමයේදී සිදු කෙරිණ.

‘ස’ ප්‍රසංගය 30 මහරගම

ලාංකික ප්‍රාසංගික වේදිකාවේ රසික හදවත් සැනසූ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංග මාලාවේ 1444 වැනි ප්‍රසංගය ජූනි 30 වැනිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.