වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඇඟ මගේ, මූහුණ ඇගේ’

 ‘ඇඟ මගේ, මූහුණ ඇගේ’

ජනප්‍රිය නිළි කිම් කාර්ඩෂියන් ගේ නිරුවත් ඡායාරූපයක් අන්තර් ජාලයට එක් වී ඇතැයි පසුගිය දිනවලදී ආරංචියක් පැතිරී ගියා. මෙය දැනගත් කිම්, එය තමන්ගේ ඡායාරූපයක් නොවන බවයි ප්‍රකාශ කර තිබුණේ.

මේ අතර කිම්ගේ නිර්දෝශී බව තහවුරු කරන්නට අමියා මිලේ නම් වූ ඉතාලි නිරූපිකාවක් ඉදිරිපත් වෙලා. ඇය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ අසභ්‍ය චිත්‍රපටවල රඟපාන නිළියක හැටියටයි. ඇය වෙබ් අඩවියකට පවසා ඇත්තේ තමන්ගේ නිරුවත් සිරුරට කිම්ගේ මුහුණ එකතු කරමින් මේ පින්තූරය නිර්මාණය කර ඇති බවයි. ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ගේ එම ඡායාරූපය ගෙන ඇත්තේ එක්තරා හෝටල් කාමරයක් තුළදී බවයි.

කිම් ගේ මේ ව්‍යාජ ඡායාරූපය අන්තර් ජාලයට එක් කළ බවට චෝදනා ලබා සිටින්නේ කන්යේ වෙස්ට් නම් වූ ගායකයායි. ඔහු කිම් සමඟ පසුගිය කාලය තුළ සමීප ඇසුරක් පැවැත්වූවා.


ෆෝබ්ස් සඟරාවට අනුව වැඩි මුදලක් අය කරන හොලිවුඩ් නිළියන් -

1. ක්‍රිස්ටීන් ස්ටුවර්ට් – ඩොර් මිලියන 34.5

2. කැමරන් ඩයස් - ඩොලර් මිලියන 34

3. සැන්ඩ්‍රා බුලොක් - ඩොලර් මිලියන 25

4. ඇන්ජලිනා ජොලී - ඩොලර් මිලියන 20

5. චාලිස් තෙරන් - ඩොලර් මිලියන 18

6. ජූලියා රොබට්ස් - ඩොලර් මිලියන 16

7. සාරා ජෙසිකා පාකර් - ඩොලර් මිලියන 15

8. මෙරිල් ස්ට්‍රීප් - ඩොලර් මිලියන 12

9. ක්‍රිස්ටන් විග් - ඩොලර් මිලියන 12

10. ජෙනිෆර් ඇනිස්ටන් - ඩොලර් මිලියන 11
 

ස්නෝවයිට් නිළිය ගණන් උස්සයි

සුප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව මෑතකදී හොලිවුඩ් සිනමා නිළියන්ගේ රංගන ගාස්තු හෙළිදරව් කර තිබුණා. ඒ අනුව චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන නිළිය හැටියට අංක 01 ට පැමිණ සිටින්නේ කිස්ට්‍රීන් ස්ටුවර්ට්.

ඇයගේ ගාස්තුව ඇමරිකානු ඩොලර් මිලියන 34.5 ක්. ක්‍රිස්ටීන් මේ මුදල මෑතකදී අය කර තිබුණේ ‘ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මෑන්’ චිත්‍රපටයේ රඟන්නයි.

ෆෝබ්ස් සඟරාව සඳහන් කරන ආකාරයට කැමරන් ඩයස්, ඇන්ජලිනා ජොලී, ජූලියා රොබට්ස්, මෙරිල් ස්ට්‍රීප් ඇතුලු ජනප්‍රිය සහ ප්‍රවීණ නිළියන් සිටින්නේ ක්‍රිස්ටීන්ට වඩා පහළින්. ඔවුන් සියලු දෙනාට වඩා ක්‍රිස්ටීන්ගේ ගණන සැරයි.


රාජේශ් ඛන්නාට අසාධ්‍යයි

සල්ලි කොළවලින් මාල ගොතා පළඳින්න හැකි තරම් ධනවත් පවුලක උපන්, සැබෑවටම කුමාරයකු වූ රාජේශ් ඛන්නා, බොලිවුඩයේ පෙම් කුමරා වී පැළැඳුවේ පෙම් මල් මාලාමය.

යුගයක් භාරත සිනමාවේ සුපිරි තරුව වූ, ආදරවන්තයා වූ ඔහු දැන් පසු කරන්නේ ජීවිතයේ හැට නව වැනි සැතපුම් කණුවයි. තෙවැනි වරටත් සීයා කෙනකු වන්නට ඔහු බලා සිටින්නේය.

හිටිහැටියේම රාජේශ් ඛන්නා ගැන අසන්නට ලැබුණේ හිත බියෙන් ත්‍රස්ත කරන පුවතකි. ‘රාජේශ් ඛන්නාට අසාධ්‍යයි’ යන ඒ අසුබ පුවත කන් වැකුණු සැනින් රසික රසිකාවන් ඔහුගේ ආශිර්වාද් මැදුර වටා එක් රැස් වී ඉක්මන් සුවය පතා යාඥා කිරීමට පටන් ගෙන තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ රාජේශ් ඛන්නාව රෝහල් ගත කෙරුණේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසයි.මෙවර ද ඔහු දින තුන හතරක්ම ආහාර ගෙන නැත.

සිනමා ක්ෂේත්‍රයේදී ‘කකා’ ලෙසින් ආදරයට පාත්‍ර වූ රාජේශ් චිත්‍රපට 163 ක රඟපා ඇත. හොඳම නළුවා ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන 3 ක් දිනාගෙන තිබේ. 1966 දී ‘ආක්රී ඛාත්’ සිනමාපටයෙන් ඔහු රංගනයට අත්පොත් තැබුවේය. හැටේ දශකයේ අවසාන භාගයේත්, හැත්තෑව දශකයේත් සිනමාවේ රජු වූයේ ඔහුයි.

එරට සිනමාවේ පළමු සුපිරි තරුව ලෙස නම් දරන්නෙත් රාජේශ්මය. මේ දිනවල රාජේශ් අසලින්ම සිටින්නේ හිටපු නිළි බිරිය ඩිම්පල් කපාඩියායි. අක්ෂේ කුමාර් සහ ගර්භණී ට්වින්කල් ඛන්නා ද ඔහුගේ සුවය පතා යාඥා කරති. පුංචි දෝණි, රින්කි ද දැන් නිිවෙසට පැමිණ ඇත. රින්කි විවාහ වී සිිටින්නේ ව්‍යාපාරිකයකු වූ සමීර් සාරන් සමඟයි.

ඇය එක් දරු මවකි. ඩිම්පල්, රාජේශ් දික්කසාද වූයේ 1984 දීයි. එහෙත් ඔහුගේ සැප දුක බැලීමට නිතර නිතර ඩිම්පල් ආශිර්වාද් මැඳුරට පැමිණියාය. මෑතකදී රාජේශ් රූපවාහිනී විදුලි පංකා දැන්වීමකට පෙනී සිටි අතර එයින් ලැබුණු මුදලින් රින්කිට ඕ ර් එ කාරයක් තෑගි කර තිබේ. ඒ ඔහුගේ මංගල රූපවාහිනී දැන්වීමයි.

ළඟදී පැවැත්වුණු සම්මාන උළෙලකදී තමන්ගේ සෞඛ්‍ය පිරිහුණේ මත්පැන් නිසා බව ඔහු ප්‍රකාශ කර තිබේ.

පසුගිය බදාදා සිට රාජේශ් ඛන්නා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට රාවයක් පැතිර ගියේය. බිරිය සහ බෑණා සමඟ ‘ආශිර්වාද්’ සදලු තලයට පැමිණි, සුවය ලබමින් සිටින රාජේශ් ඛන්නා ජයග්‍රාහී ලකුණ රැස්ව සිටින්නන්ට පෙන් වූයේ ඔවුන්ට සැනසුම් සුසුම් හෙළන්නට ඉඩක් ලබා දෙමිනි.