වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

සීයෙ නෝට්ටුව

දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආදර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැලේ

දෑසට දෑසක් හමුවුණු දවසේ
නුපුරුදු හැගුමන් කියවේ රහසේ
සිතිවිලි දහසක් එක් තැන් වූයේ
පැතුම් ලොවට මගෙ ඇයි ඔබ ආවේ

මා කැඳවන ගොළු ඉඟියක් දැනුණා
ආදර විමනේ රන්දොර ඇරුණා
පොපියන හදකින් ආශා හිතුණා
පිටුපා යන්නට බැරි බව හැඟුණා

උල්පත් හැදුණේ සිලිල උනන්නයි
මල් කෙමි මැවුණේ රොන් වෑහෙන්නයි
මීවද බැඳුණේ පැණි සුරකින්නයි
හද මැවුණේ ආදරය කරන්නයි

මල් බර තුරු අතු සෙවණ සදනවා
කුරුලු ගීත ආසිරි ගී දෙනවා
තනිවම ගිය මග ඔබ හා යනවා
පෙමට ඇරුණු හද ඔබට පුදනවා

පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගායනය – විශාරද නන්දා මාලිනී

අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා