වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

ප්‍රතිචාර එවන්න මේ ලිපිනයට. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස් කොළඹ 10. 0757413731 යන දුරකතන අංකයට ඔබේ ප්‍රතිචාර කෙටි පණිවුඩ ඔස්සේ ක්ෂණිකව එවිය හැකිය.
 

රුක්මණී තවමත් අසම සමයි

රුක්මණී දේවිය තරම් රංගනයෙන්, ගැයුමෙන් නැටුමෙන් දක්ෂතා පෑ වෙනත් නිළියක් නැති තරම්.

ඇයව සම කිරීමටත් කෙනකු නැති බව ඔප්පු වෙලා තියනවා. ඒ නිසා රුක්මණී දේවිය තවම අප අතරේ ජීවමානයි.

කපුගොඩ මාළිඳ සරසවි නිවසේ

සරත් රණසිංහ

මොරිස් නැවත සිනමාවට එන්න

සුදෝ පොඩ්ඩක් අඬන්න, මෙත් මල් පිබිදේවා වැනි ගීත ගැයූ චිත්‍රපට ගණනාවකද රඟපෑ මොරිස් නැවත සිනමාවට පිවිසෙන්න.

වෙන්නප්පුව පල්ලිය පාරේ

වියානි ගුණවර්ධන

නිම්තෙර ලස්සනයි

ස්වාධීන රූපවාහිනී සේවයේ නිම්තෙර වැඩසටහන ලස්සනයි. එය ඉතාම ආකර්ණීය ලෙස ඉදිරිපත් කරන සිතාරා කළුආරච්චිට තවත් ලස්සනට වැඩසටහන ඉදිරිපත් කිරීමට දිරිය ලැබේවා.

මාලිනී ජයසිංහ - ජයසිංහ විලා- ගැටහැත්ත.

අයි ඈම් ශ්‍රී ලංකා විනෝදාස්වාදය රැගෙන එනවා

ටෙනිසන් කුරේගේ අයි ඈම් ශ්‍රී ලංකා සරල, විනෝදාස්වාදයක් ගෙන එන වේදිකා නාට්‍යයකි.

මෙලොවදි දූෂිත, වැරැදි වැඩවල යෙදෙන පවුකාරයින් එලොවට ගොස් අපායේ දුකට භාජනය වීම මෙහි කතා සාරාංශයයි.

විශ්වසනීයත්වයෙන් තොර අවස්ථා ඇතත් එය හොඳ ප්‍රහසනයකි.

ටෙනිසන්, ප්‍රේමදාස විතානගේ ඇතුළු නළු නිළි කැලගේ රංගනයද ඉහළ මට්ටමක තිබෙනවා.

මොරටුව, කටුබැද්දේ -

ඩඩ්ලි ගෝමස්

මාලිනියේ ඔබයි අපේ මහ නිළි රැජින

හෙළ රිදී තිරයේ ඔබ කළ මනරම් රැඟුම් ඔබ මැවූ මිහිර සදා අමරණීයයි. එදා විජය- මාලිනී, ගාමිණී – මාලිනී යුගයේ අපි චිත්‍රපට නැරැඹීමට පෝලිම්වල පොරකෑ වාර අනන්තයි. එවන් කාලයක් නැවත උදා වෙයිද?

මාලිනියේ ඔබයි අපේ මහ නිළි රැජන. සසර චේතනා වැනි චිත්‍රපටයක් ආයෙත් තනන්න.

ජාඇල, කළඑළිය - පාතිමා මාවතේ

සරත් සේනාධීර

පුන්සිරිටත් පසුබිම් ගායනයක් දෙන්න

දශක හතරකටත් වඩා වැඩි කාලයක් ගායකයකු ලෙස අමරණීය නාමයක් හොඳ ස්ථාවරයක් ගොඩ නගා ගත් පුන්සිරි සොයිසා මා දන්නා තරමින් එකදු සිනමා නිර්මාණයකවත් පසුබිම් ගී ගැයීමට ආරාධනා නොලැබීම පිළිබඳ මා තුළ ඇත්තේ බලවත් දුකකි.

කමලා සෙනෙවිරත්න - හෝකන්දර දකුණ

පරසතු මල් ප්‍රතිනිර්මාණය ගැන සතුටුයි

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ එතුමාම ප්‍රධාන චරිතය රැගූ අනුවේදනිය කතා පුවතක් වන පරසතු මල් නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ යැයි දැනගැනීම ගැන මම සතුටු වෙමි.

සරත් එම්. පෙරේරා - ගෝනපළ

ජී. එස්. බී. රාණි පෙරේරා සිහි කරමු

යුගයක් නියෝජනය කළ, ආධුනිකයන්ට අත හිත දුන් නැසී ගිය ප්‍රවීණ ගායිකා ජී. එස්. බී. රාණි පෙරේරා සිහිපත් කිරීම ඇය උදව් පදව් කළ අයගේ යුතුකමකි.

අයලීන් සෝවිස් - රාගම

ආදරණීය සතිෂ්

සදහටම නික්ම ගිය ආදරණීය සතිෂ්ට මේ සටහන්.

අවසන් ලියුමයි ඔබට ලියා මිහිරැති වසන්ත කාලයේ පැමිණ සිය පියාගේ සරල ශාස්ත්‍රී ගීයට හානි නොකොට අඹ දඹ නාරං, කෙසෙල් දෙල් පුරවා රසිකයන් සැම එගොඩහට කැඳවාගෙන සංසාරයේ කෙටි නවාතැන් පොළෙන් ඔහු ගියා සදහටම.

බුදුනේ බුදුපියාණනේ, පුනරාගමනය කළ මැනවි.

බන්දුල මල්ලවආරච්චි

ගම්පහ

අයියාගේ අඩුව අනුරාධා නංගී පුරවන්න

සඳු දින උදෑසන 7 ට පමණ මගේ කන වැටුණ ඒ අමිහිරි පුවත මට කිසි දින අමතක නොවේ. රසික හදවත් සැනසූ තරුණ ගායක සතිෂ් පෙරේරා අප අතරින් සදහටම සමු ගෙන.

මේ සමඟ අනුරාධා පෙරේරාට සුහද ඇරැයුමක් කරමි. අයියා නැති අඩුව ඔබට දරා ගන්න බැරිව ඇති. එහෙත් ඔබ පසෙකට වී නොයිද ගායන ලොවට හැකි තරම් ගීත දායාද කරන්න.

ශාන්ති බංදුනාථ - මහනුවර

පියාගේ අඩි පාර අද වැහිලා

පියාගේ අඩි පාරේ යමින් රසික හදවත් ගීියෙන් පුබුදුවාලු සතිෂ්ගේ වියෝව ගායන ලොවට මහත් පාඩුවකි.
 

මනෝජ් වින්දන- කොට්ටාව

පිරවිය නොහැකි පාඩුවකි

සතිෂ්, ඔබ අපෙන් සදහටම වෙන් වී යාම පිර විය නොහැකි හිස් තැනකි.

විරාජ් දුෂ්මන්ත - හලාවත


S.M.S

මේ කෙටි පණිවුඩ මඟින් අපට එවූ ප්‍රතිචාරයි.

උදිත් හොඳට රඟපානවා

උදිත් අබේරත්න අයියේ ඔබ වස්සානේ සෙනෙහස චිත්‍රපටයේ ගොඩාක් හොඳට රඟපානවා.

අනුහස් රංග - අනුරාධපුරය

3 D පෙන්වන සුපීරියර්ට අපේ ප්‍රණාමය

අපේ රටේ ප්‍රථම 3ච් සිනමාහල වන මැජෙස්ටික් සුපීරියර් සිනමා හල හැදූ සී. ඊ. එල්. මණ්ඩලයට අපේ ගෞරවනීය ප්‍රණාමය. එහි ප්‍රවේශ පත්‍රයක මිල ටිකක් අඩු කරනවා නම් තවත් හොඳ ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කළ හැකිය.

මහින්ද නානායක්කාර - මොරටුව

සමාධි, මලී සැබැවින් සාර්ථකයි

නවක රංගන ශිල්පිනියක් වුවත් සමාධි අරුණි ඡායා මලී ලෙස කරන රංගනය සැබවින්ම සාර්ථකයි.

සංජු

ගම්පහ

ජින්ජර් කෝ සී ඩී එක

ජින්ජර් අක්කේ ඔයාගේ අලුත් සී. ඩී. එක කවදාද අපට ලබා දෙන්නේ? අපි ඔබට හරිම ආසයි.

මතුගම - නිරෝෂා

රිදී තිරයට වෙනම සිටිනවා නම් හොඳයි

අතීතයේ චිත්‍රපටවල රඟපෑ ප්‍රවීණයන් කිහිප දෙනකුගේ රංගනයන් පමණයි මං බලන්න ආස. ඒත් අද බලන්න එපා වන තරම් විවිධ අය රඟපානවා. රදී තිරයට වෙනම ප්‍රවීණයෝ සිටිනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඉන් සමහරෙක් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීම දුකක්.

ගීතාංජන ජයසිංහ - ධර්මරාජගම

වසන්ති එදා වගේ අදත් නිර්මාණවලට දායක වන්න

වසන්ති චතුරානිට,

ඔබ නැවතත් නිර්මාණවලට දායක වෙන්න ඉස්සර වගේ.
 

කනිෂ්ක

දම්පේ