වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




දියමන්ති
සතියේ ගීතය

දියමන්ති

ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට
කෑ ගසා කීවේ

උමතු දෑස රෑ තුන්යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ

තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඬලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වනපෙතේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරතන

සංගීතය - සංගීත විශාරද ඩී. ආර්. පීරිස්

ගායනය - වික්ටර් රත්නායක

අධ්‍යක්ෂණය – වසන්ත ඔබේසේකර