වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 63

සිංහල සිනමා විස්තරය - 63

සුසී

තිරගත වූ දිනය – 1974 අගෝස්තු 16

ඉදිරිපත් කිරීම - ජෙම් නිෂ්පාදන

නිෂ්පාදනය – එස්. පී. සාමි

කතාව, තිර නාටකය, දෙබස් සහ අධ්‍යක්ෂණය - - සිරිල් පී. අබේරත්න

සහාය අධ්‍යක්ෂණය - නෙල්සල් කරුණාගම

කැමරා අධ්‍යක්ෂණය – තිමති වීරරත්න

කැමරා සහාය – ලලිත් ගුණවර්ධන

සංස්කරණය - සෙක්ස්ටස් අපෝන්සු

සංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න

නිෂ්පාදන කළමනාකරු - එම්. අගස්තියර්

වේශ නිරූපණය – රෙජී සිල්වා

නිෂ්චල ඡායාරූප – ඒ. කුමාරසිංහ

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර – එස්. තිරනාවුකරසු

රසායනාගාර සහාය – රාජරත්නම්

සැකසුම – විජය චිත්‍රාගාරය

නැටුම් - ෆරිනාලායි

ගීත තැටිගත කිරීම - කේ. බාලසිංහම්

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සිරිල් පී. අබේරත්න

ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, එම්. එස්. ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා

ගීත සංඛ්‍යාව - 07

ගීත -

සිතින් දරන්නට බැරි - ජෝතිපාල, ඇන්ජලින් -

කරුණාරත්න අබේසේකර

දැන් දැන් ඇවිලේ ගිනි – සුජාතා අත්තනායක –

කරුණාරත්න අබේසේකර

දොයි දොයි දොයිය බබෝ - ඇන්ජලින්

ගුණතිලක – කරුණාරත්න අබේසේකර

මල්සරා හෙමින් විදලා - මිල්ටන් පෙරේරා -

කරුණාරත්න අබේසේකර

සීතල නලරැල් නොනිදන - ජෝතිපාල,

ඇන්ජලින් – කරුණාරත්න අබේසේකර

වෙරළේ ප්‍රිති වෙමු- එම්. එස්. ප්‍රනාන්දු සහ

පිරිස - සිරිල් පී. අබේරත්න

පුදුමයි හරි පුදුමයි - සුජාතා අත්තනායක - සිරිල් පී. අබේරත්න

ගීත පොත් - ආනන්ද පොත්හල (ජෙම් චිත්‍රපට

සමාගමෙන් ද ගීත පොතක් නිකුත් විය).

ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් 2 වන

මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය

නළු නිළියන් -

විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, එඩී ජයමාන්න, පර්ල් වාසුදේවි, දොන් සිරිසේන, ලිලියන් එදිරිසිංහ, එඩී ජූනියර්, නෙලී ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, නෙල්සන් කරුණාගම, අනූෂා ගීතාංජලී, රොෂාන් ඉද්දමල්ගොඩ, බී. ඇස්. පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, හිල්ඩා ඇග්නස්, ෆරීනා ලායි, විජේරත්න මලගම, ෆ්‍රෑන්ක් මිහිරිතැන්න, වසන්තා වික්‍රමසිංහ, කිංස්ලි ජයසේකර

මංගල දර්ශනය අශෝකා සිනමා ශාලාවේදී සවස 6.00 කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


සාගරිකා

තිරගත වූ දිනය – 1974 සැප්තැම්බර් 06

ඉදිරිපත් කිරීම – එත්විල් ෆිල්ම්ස්

කතාව සහ නිෂ්පාදනය – එතල් රත්නායක

අධ්‍යක්ෂණය – ටයිටස් තොටවත්ත

කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න

දෙබස් හා ගීත රචනා - කරුණාරත්න

අබේසේකර

සහාය අධ්‍යක්ෂණය – එස්. කරුණාරත්න

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර

සංස්කරණය - සුජාතා තොටවත්ත

ශබ්ද පරිපාලනය, ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

සැකසුම – එස්. පී. එම්. චිත්‍රාගාරය

නාමාවලිය – ගුණරත්න රත්නායක

නැටුම් - රෝලන්ඩ් අමරසිංහ

සංගීත අධ්‍යක්ෂණය - සෝමදාස ඇල්විටිගල

ගායනය – අමිතා වැදිසිංහ, අතුල සෝමසිරි,

සනත් නන්දසිරි, ලතා වල්පොල, ෆීලික්ස්

ඇන්ටන්, අයිවෝ ඩෙනිස්, රෙක්ස් කොඩිප්පිලි,

එම්. එස්. ප්‍රනාන්දු, ත්‍රී සිස්ටර්ස් ගායිකා

කණ්ඩායම

ගීත ප්‍රමාණය - 06

ගීත -

මහද විවර කොට – අමිතා වැදිසිංහ

සිසිල් අමා ජල දහරා - සනත් නන්දසිරි,

ලතා වල්පොල

මධු සඳ කසුන් කැළුම් දී – ලතා වල්පොල

එකමුතු සෙවණේ ගත සිත - අමිතා වැදිසිංහ,

අතුල සෝමසිරි, ෆීලික්ස් ඇන්ටන් සහ පිරිස

සිංහ පැටවුන් අපි තමා - රෙක්ස් කොඩිප්පිලි,

අයිවෝ ඩෙනිස්, අතුල සෝමසිරි

ගිනි දැල් සුනිල් දිය වැල් - එම්. එස්. ප්‍රනාන්දු,

ලතා වල්පොල, ත්‍රී සිස්ටර්ස් කණ්ඩායම

නළු නිළියන් -

ටෝනි රණසිංහ, ශ්‍රියාණි අමරසේන, රොබින් ප්‍රනාන්දු, රුක්මණී දේවි, ඩී. ආර්. නානායක්කාර, නීටා ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, රූබී ද මෙල්, දෙනවක හාමිනේ, හියුගෝ ප්‍රනාන්දු, දොන් සිරිසේන, සේනක පෙරේරා, ඉන්ද්‍රජිත් නාවින්න, පියසේන අහංගම, ෆරීනා ලායි, සෝමසිරි දෙහිපිටිය, විමල් කුමාර් ද කොස්තා, බී. ඇස්. පෙරේරා

ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් සමාගමේ පළමු මණ්ඩලයේ සිනමා ශාලා 18 කදී පළමු ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.


දුප්පතාගේ හිතවතා

තිරගත වූ දිනය – 1974 ඔක්තෝම්බර් 02

නිෂ්පාදනය – බැප්ටිස්ට් ප්‍රනාන්දු

කතාව - තිර රචනය - සංස්කරණය සහ

අධ්‍යක්ෂණය – ඇස්. වී. චන්ද්‍රන්

සහාය අධ්‍යක්ෂණය - සුරේෂ් ජයකොඩි

දෙබස් රචනය – ආරියරත්න කහවිට

කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්

කැමරා සහාය – එච්. ආර්. විජේතුංග, ඇන්ටනි පෙරේරා

වේශ නිරූපණය – ඇස්. සුබ්බයියා

කලා අධ්‍යක්ෂණය – ඩී. ඇස්. හෙට්ටිආරච්චි, ඇන්ටන් ගුරුසාමි

සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ

රසායනාගාර පාලක – ඇස්. තිරුනාවුකරසු

රසායනාගාර සහාය – ඇස්. රාජරත්නම්, දයා නේෂන්, බර්ට්‍ර‍්‍රම් පෙරේරා

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

ශබ්ද පරිපාලන සහාය – ඇස්. බාලසුබ්‍රමනියම්, මැන්ඩිස් වීරසිංහ

නිෂ්පාදන කළමනාකරු -

හැමිල්ටන් අක්මීමන, ඇස්. ෂන්මුගම්

නැටුම් – රොනල්ඩ් ප්‍රනාන්දු

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා

චිත්‍රාගාරය – විජය චිත්‍රාගාරය – හැඳල

සංගීත අධ්‍යක්ෂණය – ඇම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, නිහාල් ඒ. ජයසිංහ

ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ගීත සංඛ්‍යාව - 07

ගීත -

දුප්පත් පොහොසත් දෙකක් ඕනෑ නෑ - එච්. ආර්. ජෝතිපාල

ලොව කාටත් ආදරේ මල් පැණි ඕනෑ වේ – ඇන්ජලින් ගුණතිලක

නට නටා රඟ දෙන්නට නම් –එච්. ආර්. ජෝතිපාල

මධු මීවිතේ මිහිරියි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ආයුබෝවන් මම ආශා - ඇන්ජලින් ගුණතිලක

සියල්ලෝ සතුන් උදව් කෙරේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්

ජීව රජ දහනේ මහද රන් රසුනේ - ජෝතිපාල, ඇන්ජලින්

ගීත පොත් - ශාන්ති පොත් හල

නළු නිළියෝ -

බැප්ටිස්ට් ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, ශාන්ති ලේඛා, දොන් සිරිසේන, අරුණ ශාන්ති, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, බී. ඇස්. පෙරේරා, එඩී ජයමාන්න, සුනිල් පෙරේරා, රවීන්ද්‍ර පෙරේරා, වින්සන්ට් වාස්, පියදාස විජේකෝන්, ෆරීනා ලායි, පූජිත මෙන්ඩිස්, රොනල්ඩ් ප්‍රනාන්දු, කල්්‍යාණවතී පෙරේරා


ළසඳා

තිරගත වූ දිනය – 1974 ඔක්තෝම්බර් 11

ඉදිරිපත් කිරීම - සීමාසහිත සිලෝන් තියටර්ස්

විධායක නිෂ්පාදනය - ඊ. ඇන්තනි පිල්ලේ

තිර රචනය සහ අධ්‍යක්ෂණය -  කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට

කතා සංකල්පය – ටී. බී. ඉලංගරත්න

මැතිතුමාගේ ‘ළසඳා’ නවකතාව ඇසුරිනි

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගපූර්

සංස්කරණය - එම්. පී. රූපසේන

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

වේශ නිරූපණය – බෙනට් ජයතුංග

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනය – අයි. ඒ. ජොහාර්

සැකසුම – විජය චිත්‍රාගාරය, ශ්‍රීධර චිත්‍රපට

ගීත ප්‍රබන්ධය – ටී. බී. ඉලංගරත්න, කරුණාරත්න අබේසේකර, ඔගස්ටස් විනයාගරත්නම්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ

ගීත ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, ෆෙ‍්‍රඩී සිල්වා, නිහාල් ජයවර්ධන

ගීත සංඛ්‍යාව - 07

ගීත -

දැහැනින් මිදුනා – ඩබ්. ඩී. අමරදේව,

ලතා වල්පොල - ඔගස්ටස් විනයාගරත්නම්

ගෙදර හිටිය රෝස කැකුළ - ජෝතිපාල,

එම්. එස්. ප්‍රනාන්දු – ධර්මසිරි ගමගේ

මා ප්‍රාර්ථනා ආසාවෝ - ජෝතිපාල,

ඇන්ජලින් – ධර්මසිරි ගමගේ

කං කං බූරු චිං චිං - ලතා වල්පොල – ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ජරමර අස්සෙං මං - එච්. ආර්. ජෝතිපාල – කරුණාරත්න අබේසේකර

මහ බඹු ඇත ලොකු වරදක් කරලා - නිහාල් ජයවර්ධන – ටී. බී . ඉලංගරත්න

කිති කැවි කිති කැවි ආදරේ - ජෝතිපාල, ඇන්ජලින් – ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ගීත පොත් – ශාන්ති පොත්හල

ගීත තැටි - ජෙම්ටෝන්

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්

පළමු මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

නළු නිළියන් -

ඩොමී ජයවර්ධන (එඩ්වඩ් ජයවංශ), නීටා ප්‍රනාන්දු (ළසඳා), තිස්ස විජේසුරේන්ද්‍ර (පරාක්‍රම), රුක්මණි දේවි (සේරා ජයවංශ), ශාන්ති ලේඛා (සමදරා), තිලක්ෂා වාගිස්ට (මංගලා), මාක් සමරනායක (සර් අමාරිස්), දෙනවක හාමිනේ ((එඩ්වඩ් ජයවංශගේ මව), ශ්‍රියා කාන්ති, ස්ටැන්ලි ද සිල්වා, පියදාස ගුණසේකර (සිල්වා), ඩී. ආර්. නානායක්කාර (තිරුවා), ෆෙ‍්‍රඩී සිල්වා (විජේ), ශිරාණි කුරුකුලසූරිය (නිමලා) ඔස්වල්ඩ් ජයසිංහ (සිරිසේන), ලිලියන් එදිරිසිංහ (කදිරම්මා), හර්බි සෙනෙවිරත්න (දොස්තර), ෆරිනා ලායි, පියදාස විජේකෝන්, අනූෂා ගීතාංජලී, දයානන්ද සල්වතුර, උපාලි මෙත්තානන්ද, සීතා කුමාරි, සුනිල් ප්‍රේමදාස

මංගල දර්ශනය – ජනාධිපති විලියම් ගොපල්ලව, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා, සංස්කෘතික ඇමැති කුලතිලක, ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා, එච්. එම්. නවරත්න මැතිතුමා, වී. ටී. ජී. කරුණාරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් ශාලාවේදී.