වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




feedback

FEEDBACK

ප්‍රතිචාර වෙත ලියන්නට ඇති අදහස් ‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවන්න.

එස්. එම්. එස්. මගින් නම් 0757413731 යන දුරකතන අංකය භාවිත කළ හැකිය.
 

නිළි රැජිනගේ උපන් දිනයට!

අප්‍රේල් 30 ට යෙදෙන මාලිනී ෆොන්සේකා නිළි රැජනගේ උපන් දිනය වෙනුවෙනුයි මේ පැදි පෙළ.

රැජනිය වෙලා හෙළ සිනමා රජ දහනේ
ජනතා ආදරය නොඅඩුව හිමි වූයේ
සතුටින් සමරනා මේ සුබ උපන් දිනේ
නිදුකින් දිනේවා ආසිරි පැතුම් ගෙනේ

මාලිනී ජයසිංහ සහ ජයසිංහ පවුලේ සැම

ජයසිංහ විලා
ගැටහැත්ත.

‘බැලුන්ගලට’ ජනතා තුති

නෙත් එෆ්. එම්. නාලිකාවෙන් ප්‍රචාරය වන බැලුන්ගල වැඩසටහන ඉතාම කාලෝචිතය. මාධ්‍ය තුළ අතරමං වන මිනිසුන් වංචාකාරයින්ට හසුවන අයුරුත්, ඉන් බේරා ගැනීමට දැනුවත් කරන මෙය මුලු රටේම ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය යුත්තකි.

මල්ලිකා රූපසිංහ - ගනේමුල්ල.

ටෙලි ප්‍රමිතිය මැන බලමු

පමා වී හෝ ටෙලි නාට්‍යවල ප්‍රමිතිය මැන බැලීමට අදාල බලධාරීන් තීරණය කිරීම සතුටට කරුණකි. සිනමාහලක නැරැඹිය යුතු දේ, නිවසේ ආලින්දයට ගෙන එමින් පවුලේ කාටත් එකට නැරැඹිය නොහැකි ටෙලි නාට්‍ය ගණනාවක් පසුගිය කාලයේ විකාශනය විය.

මුල් චරිත අකාමකා දමමින් දිගින් දිගටම විකාශය වන මෙගා නාට්‍ය කෙරෙහිද බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි සිතමි.

ඉන්ද්‍රනාත් පී. ගමගේ - ගිනිගල, තල්පේ.

ලක්ෂ්මන් විරල ගායකයෙක්

රේඛා, ගංගා සහ නිශ්ශංක ඇතුළු ටෙලි සිතුවම් රැසක රඟපාමින් දත් කැකුළු පාලා, දඟයින්ට පමණයි වැනි නාට්‍ය අධ්‍යක්ෂණය කළ හැත්තෑව, අසූව දශකයේ ජනප්‍රිය ගීත රැසක් සිත් ගන්නා සුළු ලයාන්විත හඬින් ගැයූ විරල ගණයේ ගායකයෙක් සහ සංගීත නිර්මාන ශිල්පියකු වූ ලක්ෂ්මන් විජේසේකර නම් වූ ඔබ සඳ කිණිති නැමී, දෑත දෙපාලන, ඇයි තරහින් යන ගීතවල අති සුන්දර මතකයන් ආවර්ජනය කරමින් ලක් හඬ ප්‍රේම තටාකය තුළින් ගයනා අතරේ මා ලැබූ වින්දය කියා නිම කළ නොහැකිය.

දූනගහ බටහිර අධිකාරිමුල්ලේ

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

ඔබේ වටිනාකම දැනෙනවා වැඩියි

සදා මතකයේ රැඳෙන චරිතවලට ජීවය දුන් අසේල ජයකොඩි කලාකරුවාණෙනි, ඉතා අඩු වයසින් අපව හැර දමා ගියේ ඇයි? මියගිය පසුයි අපි ඔබගේ වටිනාකම දැක්කේ.

ශාන්ති බංදුනාථ

මහනුවර.

ගීත සංරක්ෂණය කළොත් හොඳයි

ගීත කෝකිලා ලතා වල්පොල චිත්‍රපට ක්ෂේත්‍රයේ අදටත් ජනප්‍රිය ගායිකාවකි. ඔබ එදා ධර්මදාස වල්පොල සමඟ ගැයූ ගීත අපගේ හදවත්වල නොමැකී පවතියි. එම ගීත සංරක්ෂණය කළහොත් හොඳයි.
 

එච්. එල්. තිලකසිරි ද සිල්වා

මීටියාගොඩ.

දූලගෙ තාත්තගෙ චරිතය අපූරුයි

නිරෝෂන් විජේසිංහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අමා ටෙලි නාට්‍යයේ දූලගේ අප්පච්චිගේ චරිතය අපූරුවට රඟපානවා.

නන්දසේන ගුනියන්ගොඩ

මොරවක.

හියුගෝ සිහි කිරීම යුතුකමක්

සිංහල සිනමාවේ දැවැන්ත යුග පුරුෂයකු වූ හියුගෝ ප්‍රනාන්දු යහපත් ගුණවත් මිනිසෙකු වූ බවත්, ඔහු වියෝ වී මේ වසරට අවුරුදු දහ තුනකි. මෙම හිතවත් මිනිසාව සිහිපත් කිරීම යුතුකමක් වන්නේය.

මොරටුව - හිලරි සිරිලාල් ද අල්මේදා/ බ්‍රිජට් සිල්වා
 

වගකිවයුත්තනි නෙත් යොමන්න

හෙන්රි කල්දේරාගේ ගීත සියල්ලම ඉතා ජනප්‍රිය රසවත් ඒවාය. ‘සන්ෆ්ලවර්’ සමඟ එකල ඔහු ගැයු කැසට් පටය ද ඉතා ජනප්‍රිය විය. ඔහුගේ ගීත දැන් ඇසෙන්නේ ඉතා අඩුවෙනි. වත්මනෙහි ඇසෙන බොළඳ අසාර්ථක ගීත රැල්ල යටපත් කරන්නට නම් මෙවැනි ගීත වගකිවයුත්තන් වැඩි වැඩියෙන් ප්‍රචාරය කළ යුතුය.

කපිල ජයවිලාල් හේරත් - කුලියාපිටිය.

ක්ලීටස්ගේ ‘පරපුරට’ ජය

සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ ඔබගේ කුලුඳුල් සිනමාපටය පරපුර අති සාර්ථක වේවා. ජීවන් දියණි, කමල් පුතු එකතු කොට නිර්මාණය කරන ලද හොඳම චිත්‍රපටය එය වේවා. ක්ලීටස්ගේ පරපුරට ජය.

ජාඇල කලඑළිය පාතිමා මාවතේ

සරත් සේනාධීර


මේ කෙටි පණිවුඩ මඟින් අපට එවූ ප්‍රතිචාරයි.

ඉදිරි ගමන පැහැදිලියි

ශ්‍රී ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම පර්පල් රේන්ජ් වේ. ඔවුන්ගේ ඉදිරි ගමන පැහැදිලිය.
 

රත්නපුරේ - ලක්ෂානි

රඟපෑම මරු

ශලනි තාරකා අක්කේ, ඔබ හොඳට නාට්‍යවල රඟපානවා.

ඈන්

රාගම.

හෙළා දකිමු

අපේ පැරැණි ගායක ගායිතාවන්ගේ ගීත නව පරපුරේ අය විකෘති කිිරීම තරයේ හෙළා දකිමි.

සුවිනීතා හෙට්ටිආරච්චි
මීගොඩ.

පාළුයි

‘සිහින පියාපත්’ ටෙලි නාට්‍යය උදාරි නැතිව පාළුයි.

සජිත් වසන්ත

උඩවල.

විශිෂ්ටයි

අලුත් ගෙදර ටෙලි නාට්‍යයේ බින්දුගේ චරිතය රඟපාන ඇල්ෆ‍්‍රඩ් පෙරේරාගේ රඟපෑම විශිෂ්ටයි.

දයාරත්න ගනේගොඩ

කැලණිය.

මේ මගේ හැඟීමයි

ඓතිහාසික කතාවක් ප්‍රති නිිර්මාණය කිරීම 100% ක් සාර්ථක බවයි මගේ හැඟීම.

ලෙස්ලි ජයවර්ධන