|
|
සෝමසිරි දෙහිපිටිය මිය ගොස් වසර 30 ක් පිරීම නිමිත්තෙනිහිතවත්කම පිරි මිනිසත් නළුවාසෝමසිරි දෙහිපිටිය
තමන්ට ලැබෙන තත්පර කිහිපයක සුළු චරිතයක් වුව ද ප්‍රේක්ෂක හදවත් හි නොමැකෙන මතක සටහන් තැබිය හැකි නම් එය රංගන ශිල්පියකු සතු අපූර්වතම කුසලතාවකි.
ආචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර චිත්‍රපටයෙන් හෙළ සිනමාවට බිහි වූ සෝමසිරි දෙහිපිටිය වසන්ත ඔබේසේකරයන්ගේ වෙස්ගත්තෝ හි සෝමේ ගේ චරිතය තුළින් ප්‍රකට සිනමා විචාරකයින්ගේ පැසසුමට ලක් වී මුළු රටේම සිනමා ප්‍රේක්ෂකයින් දිනා ගත්තේය.
හාර ලක්ෂෂය - වල්මත් වූවෝ - අහස් ගව්ව - දියමන්තිය - තුංමං හන්දිය - සිහසුන - සරුංගලය – චණ්ඩි පුතා - බඹරු ඇවිත් - සාගරයක් මැද – උතුමාණෙනි - සක්විති සුවය - දෙවියනි ඔබ කොහිද – රිදී නිම්නය – පරිත්‍යාගය - සිරිබෝ අයියා - කස්තුරි සුවඳ - පෙම්බර මදූ - සදහටම ඔබ මගේ – කරුමක්කාරයෝ - යහළු යෙහෙළි - බට්ටි ආදී චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කොට දක්ෂ චරිතාංග නළුවකු ලෙස ප්‍රචලිත විය.
සෝමසිරි දෙහිපිටිය වේදිකා - සිනමා රංගන ශිල්පියකු පමණක් නොව චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයකු හා ගායන ශිල්පිියකු වශයෙන් ද දස්කම් ප්‍රකට කර තිබිණි. කරුණාවන්ත ගති පැවතුම්, ගුණ යහපත්කම ඔහුගේ ජීවිතය පුරාම තිබිණි. එනිසාම ඔහු වටා එක්රැස් වී සිටි හිත මිතුරු කලාකාමී පිරිස බොහෝය. ඔහු මුදල්වලට වඩා මිනිස්කම අගය කළේය. නොමිනිසුන් වසන ලෝකයක මිනිස්කම අර්ථවත් කළ ඒ හිත හොඳ මිනිසා 1982 අප්‍රේල් මස 27 වැනිදා අපගේ නෙතට කඳුළක් එක් කරමින් අපෙන් සදහටම වෙන් වූයේය. එහෙත් තවමත් සෝමසිරි දෙහිපිටිය නැතහොත් හිත මිතුරු බොහෝ දෙනකු හඳුනන සෝමේ කලා ලොව තුළින් සිනමා ප්‍රෙක්ෂකයන්ගේ මතකය තුළින් එදා මෙන් අදත් නොමැකී පවතී. ඒ හිතවත්කම පිරි මිනිසත්කම නැවත අපට හමුවේවා! |



සෝමසිරි දෙහිපිටිය එවන් අපූර්ව කුසලතාවකින් හෙබි රංගන ශිල්පියකු වූයේය. ඔහුගේ
කුසලතාවයන් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවල විසිරී තිබුණ ද ඔහු වඩාත් ප්‍රකට වූයේ සිනමා
රංගන ශිල්පියකු වශයෙනි.
ඉන් පසු ඔහු චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබිණි. 1970
දශකයේ හෙළ සිනමාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රධාන පෙළේ සියලුම නළු
නිළියන් සමඟ කරට කර රඟපෑමට තරම් සෝමසිරි දෙහිපිටිය වාසනාවන්තයකු විය.
1980 වසරේ තිරගත වූ සිරිබෝ අයියා චිත්‍රපටයේ බන්දුල හාමිගේ චරිතය නිරූපණය කළ ඔහු එම
ප්‍රතිභා රංගනය වෙනුවෙන් එම වසරේ පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී සහාය
නළුවාට පිරිනැමෙන ජනාධිපති සම්මානය හිමි කර ගත්තේය.