වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




රඟ මඬල

රඟ මඬල

වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නේ අවුරුද්දෙන් පස්සේ කවදද නාට්‍යයක් වේදිකා ගත වෙන්නේ කියලයි. ඒ අනුව මුලින්ම මේ මාසයේ,

* 27 වැනිදා

රත්නසිරි පරණවිතාන රචනා කර අධ්‍යක්ෂණය කළ

‘සිද්ධාර්ථ,’ වේදිකා ගත වෙන්නේ අම්බලන්ගොඩ

ධර්මාශෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.

* 28 වැනිදා

කාලයකට පස්සේ වේදිකාවට ගොඩවෙන ජය ශ්‍රී චන්ද්‍රජිත් අධ්‍යක්ෂණය කරන ‘උමතුසං වරුසාව’ නරඹන්න ඔබ මරදාන ටවර් රඟහලට යා යුතුයි.

ඒ වගේම එදාටම රවීන්ද්‍ර ආරියරත්නත් ‘බල්ලොත් එක්ක බෑ’ අරගෙන හැව්ලොක්හි පිහිටි ලුම්බිණි රඟහලට ගොඩ වෙනවා.

* 30 වැනිදා

ප්‍රේමකුමාර කරුණාරත්නගේ නාට්‍ය නිර්මාණයක් වුණු ‘බ්‍රහ්මාලෝකේ’ මෙවර වේදිකා ගත වෙන්නේ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.

නාට්‍යය උළෙල 26 දා මහව දී

අලුත් අවුරුද්දෙන් පස්සේ මහව සයිමන් නවගත්තේගම අනුස්මරණ රංග ශාලාවේ නාට්‍ය උළෙලක් පවත්වන්නයි මේ සූදානම් වෙන්නේ. මේ මාසයේ 26 වැනිදා ‘ගුරු තරුව‘ වේදිකා නාට්‍යයෙන් ආරම්භ වන මේ නාට්‍ය උළෙලේ,

27 වැනිදා - සුභ සහ යස

28 වැනිදා – නරිබෑණා

29 වැනිදා - සක්කාය දිට්ඨි

30 වැනිදා – හුණුවටයේ කතාව

02 වැනිදා – ජනේලයෙන් පනින්නද

3 වැනිදා - දෙයියොත් දන්නේ නෑ

නාට්‍යයෙන් අවසන් වෙනවා.