FEEDBACK
FEEDBACK
රොනීට නිවන් සුව
රොනී ලීච් කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. හාස්‍යයට ඉතාම දක්ෂ ඔබ සිනමා ලොවින්
සමු ගැනීම දුකකි. ඔබට නිවන් සුව පතමු.
නුගේගොඩ - නාලන්දාරාම පාරේ
විජයානන්ද පොඩි නිලමේ
කහවත්ත - පන්සල පාරේ -
සෝමා එච්. පතිරණ
ටී. ෂෙල්ටන් පෙරේරා ශූරීන්ට උපහාර වේවා
ලයනල් එදිරිසිංහ මැතිඳුගෙ අතදීමෙන්
තබ්ලා වාදනය හොඳ හැටි හුරු වීමෙන්
ඒ මැතිතුමන්ගෙම හොඳ සිත බල පෑමෙන්
භාත්ඛණ්ඩයට ගියෙ හද තුටු වීමෙන්
එතනදි උසස් ලෙස ලද දැනුමෙන් සාර
වාදනයටත් ගායනයට වී සූර
විශාරද උපාධි ද ලැබ එම වාර
විවෘත වුණා ජනහද බැඳගත් වාර
මොහොමඩ් රාෆි - මන්නා ඩේ මුකේෂ් යන
ගායකයින්ගෙ ගීවලටත් රසය දෙන
සංගීතයට තබ්ලා වාදනය දුන
ලක්වැසි පුතෙක් ලෙස ඒ ඔබ කරපු පින
සංකල්පනය - බලපිටිය මාදුවේ
කලා භූෂණ ශූරි -
ධනසිරි රන්දොඹගේ ද සිල්වා
ප්‍රියානි ඔබට
'කඳුළ නිවන්නම්' ගීතය තුළින් රසික හදවත් අමන්දානන්දයට පත් කොට ගායන ක්ෂේත්‍රයට
පා තබා ගීත රැසකට උරුමකම් කී ප්‍රවීණ ගායිකා ප්‍රියානි ජයසිංහගේ හදිසි කුරිරු ලෙස
සිදු වූ අභාවය සමස්ත ගායන ක්ෂේත්‍රයට දැරිය නොහැකි විශාල පාඩුවකි. මෙවන් කුරිරු ලෙස
මරණ කිසිදු කෙනෙකුට අත් නොවේවා.
හැඳල
පාලක සමන් පෙරේරා
කේ.බී.ට තුති මල්
අතීත පුරාවෘත්ත ටෙලි නාට්‍යට නඟමින් ඒවාහි රසමුසු තැන් වර්තමාන පරපුර වෙනුවෙන්
තිළිණ කිරීම පිළිබඳ නාට්‍යවේදී කේ. බී. හේරත් ශූරීන්ට කෘතඥ වෙමි. මුතුකුඩ, දෝන
කතිරිනා ආදී ටෙලි නාට්‍ය රචනා නැරැඹීමට අවස්ථාව ලබා දීම පිළිබඳ දෙරණ මාධ්‍ය ජාලයට ද
කෘතඥ වෙමු. ඒවාහි අධ්‍යක්ෂක ටිකිරි රත්නායකගේ අධ්‍යක්ෂණය ද අගය කරමි.
මනහර මහින්ද බෙලිගල
'දෝන කතිරිනා' අර්ථවත් කරන්න
බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 8.00 දෙරණ ටී. වී. තුළින් විකාශය වන දෝන කතිරිනා
ටෙලි නාට්‍යය පෙර රජ දවස පසුබිම් කරගෙන තනන ලද උසස් කතාවකි.
ඊට අදාළ ප්‍රදේශ සිත් ගන්නා සුළු ප්‍රදේශ තුළදී රූපගත කර ඇත. සංගීතය ද ළගන්නා
සුලුය. මෙහිදී දෙබස්, වචන අභිමානයකින් යුතුව නළු නිළියන් ඉටු කිරීම කළ යුතුය.
රන්මුතුගල සරත් ලියනගේ
පෙර දින තරු ගැන සොය බලමුද?
පෙර දින පැරැණි සිනමා නළු නිළියන් අප කොතෙක් අගය කෙරුවත් ඔවුන් අවසාන කාලය ඉතා
දුක්බරව කලකිරීමකින් ජීවිතය ගත කරපු අයය. එදා ඔවුන් ගැන කිිසිවෙක් කතා කිරීමට සොයා
බැලීමට නොසිතීම ගැන අද අප පසුතැවිලි විය යුතුය.
ගාමිණී මහබාලගේ
පිළියන්දල
සටන් නළුවන්ගේ පදනම කාලෝචිතයි
චිත්‍රපටයක් හඳුන්වන්නේ පෙම් ජවනිකා, විහිළු, සටන්, දුක් වේදනා. නමුත් දැනට
පවතින සමාජය අනුව සටන්වලට රසික, රසිකාවන් ලොකු, කුඩා කවුරුත් එක හා සමානව ඊට
කැමැත්තක් දක්වනු ඇත. මෙතෙක් කල් සිනමාවේ රැඳී සිටින සටන් නළුවන් ඒකරාශි වී කළ වෑයම
සාර්ථක වේවා. හුදකලාවේ සිටින රොබින්, විල්සන් කරු, ඇලෙක්ස්, ක්ලීටස්, ටෙඩී, මාක්
අමතක නොවන සුළුය.
ඊ. දයානන්ද ද සිල්වා
හික්කඩුව
දිල්හානි ඒකනායකට
දේදුන්නෙන් සමනලියක් ලෙස සිනමාවට එක් වී ජය ශ්‍රී වේ කුමරිය ලෙස සිනමාව දිග්
විජය කළ ඔබගේ සිනමා ගමන සඳ රේඛාවක දිස් වූ නිලම්බරේ සේම එළිය වේවා.
ඩබ්. කේ. මොහාන්
මහවැලි සී කලාපය
සොමී රත්නායක අගයමු
චරිතාංග නළුවන් අතරින් ඉතා විශිෂ්ට චරිත රඟපෑ ශිල්පියෙක් සොමී රත්නායක. පොඩි
විජේ, උතුමාණෙනි, හිතේ දුකක් නැති මිනිසා හොඳම රඟපෑම් ඇතුළත් චිත්‍රපටයි. ඔහු නිහඬව
සිටීම සිනමාවට අඩුවකි. තවද මොහු කිසිම ඇගයීමකට ලක් නොවීම ඉතා කනගාටුවට කරුණකි.
ගාමිණී මහබාලගේ
පිළියන්දල
ලතා දිසානායකට
ඔබ ගැයූ ආදර නදියක මිහිර මැවේ, එපා බලන්නට, සඳකැන් පිරි, සඳකිරනින්, සතුට
සැනසුම් වැනි ගීත හරිම ලස්සනයි. එවන් වූ ලස්සන මිහිරි ගීත එකතුවක් ඔබේ හඬින් යළි රස
විඳින්න කැමැතියි.
ජයන්ත අමරතුංග
පොළොන්නරුව
නාරද දිසාසේකරට
ගමන නොනිමෙයි ගීය ද අනිකුත් ගීත සමඟ ගායනා කළ හෙළ ගීත ක්ෂේත්‍රයට අමිල උදානයක්
වූ ඔබගේ ගායනා ශෛලිය අද වන විට ඇතැමෙකුට අමතක වුවත් ඔහුගේ මනරම් කටහඬින්
චිත්‍රපටවලට ගායනා කළ ගීත ඇසුණාම තාමත් නාරද දිසාසේකර වන ඔබ ජීවත්ව සිටිනවා වගේ මට
නම් හැඟෙනවා. පිපී රේණු නටන, ඈත ගව් ගණන්, පුෂ්ප මකරන්දය, මේ භවයෙදි, චන්ද
බිම්බයුරු, චන්දන ඇඟ ගාලා යන මේ ගීත අසන විට, ඇසෙන විට ඒ අතීතයට හිත ගමන් කරනවා
කියා කීමට හැකියි. එදා ඔබ ගායනා කළ ගීත ප්‍රමාණය ටිකක් වුණත් තාමත් එහි ගැබ් වී ඇති
අසාමාන්‍ය රසය කිසිම දිනෙක හදවත්වලින් නොනැසී පවතිනවා. ඒ තරමටම නාරද දිසාසේකර නමැති
ගායන ශිල්පියා මේ රටේ රසික පරපුරට ඉතාම සමීපයි.
මිල්ටන් ප්‍රනාන්දු
මූදුකටුව
ඝරසරප අපූරුයි
කළු කුමාරයා ජනප්‍රවාදයට ප්‍රාණය ලබා දෙමින් ජයන්ත ආදරය ගැන ද කතා කරයි. කළු
කුමාරයා සංකල්පය අපූරුවට ප්‍රේමය සමඟ ගෙත්තම් කරයි. වඩාත්ම මා සිත් ගත්තේ
චිත්‍රපටයට යොදා ඇති අවස්ථා තුනකදීම ගැයෙන එකම ගීතයයි. කලක් දුරස්ව තිබූ ප්‍රේමය
විකසිත වන්නේ මෙම ගීතයෙනි.
මම සෙමින් සෙමින් එමි . . . . නිසංසලේ
ඔබම වේ මට . . . . සැනසුම්
මෙම ගායනය හරිම රසවත් හැඟුම් අවදි වන ඉතාම විශිෂ්ට ගීතයකි. මෙහි පද රචනය,
සංගීතය, ගායනය හා අපූරු රූප රාමු අති විශිෂ්ටයි.
නවක පෙම්වතුන් දෙදෙනා ප්‍රවීණයන් හා කරට කර රඟපෑම ඉතා ඉහළයි. චිත්‍රපටය අවසානයේ
යොදන පරිකථාව හරිම වැදගත්. එයින් චිත්‍රපටය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුවෙමි.
මොරටුව, කටුබැද්දේ
ඩඩ්ලි ගෝමස්
රූපය දිරයි නාමය නොදිරයි
රංගනයෙන් රසික අප හැම වසඟ කළ
ගීතා, සුජීවා සහ සූකිරි කෙල්ල
සමඟින් එදා කළ රැඟුමන් මන ලෝල
අදටත් රැඳී ඇත අප සිත් සතන් තුළ
රූපං ජීරිති මජ්ජානං නාම
ගොත්තං නජීරතී මුනි බස සේම
රෝයි ද සිල්වා මැතිඳුනි ඔබෙ නික්මීම
කෙලෙසක ඉවසම්ද සුමනා ඔබේ පියඹ
සිනමා අඹරෙ ඔබෙ නාමය බැබළේවා
මතු මතුවටත් මේ ලක් බිම ඉපදේවා
රසික හැමට ඔබ අමතක නොමවේවා
කවදා හෝ සසරෙ නිවනින් සැනසේවා
එස්. ඒ. පේමලතා
බණ්ඩාරගම
ලක්ෂ්මන් මෙන්ඩිස්ට
හෙමින් ගමනක් යමින් හරවත් හොඳ නිර්මාණවල චරිත නිරූපණයේ යෙදෙන ඔබට මහාමාන්‍ය ඩී.
එස්. සේනානායක මැතිඳුන්ගේ චරිතය නිරූපණය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.
එස්. පී. සොලමන්ස්
තලාතුඔය
ජෝ සිනමා ඉතිහාසයේ විශිෂ්ටයෙක්
සිංහල සිනමාව රන් අකුරෙන් බැබළ වූ ජෝ අබේවික්‍රමයන් අප අතරින් වෙන්ව ගොස් 2018
සැප්. 21 දාට වසර 7 ක් සපිරෙයි. ජෝ ජීවත්ව සිටියදී ලාංකික සිනමාවේ රඟපෑ සියලු
චිත්‍රපට ඔහුගේ අනන්‍යතාව ඉතා ප්‍රබල එකක් විය. දේව සුන්දරී චිත්‍රපටයෙන් සිනමාවට
පිවිසි ජෝ අබේවික්‍රමයන්ගේ රංගන දිවිය සපුරා වෙනස් කරලීමට සමත් වූ සිනමාකරුවන්
කිහිප දෙනෙකු අතරින් මයික් විල්සන්, තිස්ස ලියනසූරිය, එම්. මස්තාන්, ෆ්ලොරිඩා
ජයලත්, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. බී. නිහාල්සිංහ මුල් යුගයේ කැපී පෙනෙයි.
රන්මුතු දූව, අල්ලපු ගෙදර, වැලිකතර විචාරකයන්ගේ සහ රසිකයන්ගේ ද නොමඳ ගෞරවයට බඳුන්
වූ බවත් ජෝ අබේවික්‍රමයන්ගේ රූපනවේදය කිසියම් විද්‍යාර්ථයකු අත් පොතක් ලෙස ගිණිය
හැකි තරම් අගනා සිනමා ඉතිහාසයකට ලක් වූ බව නොරහසකි. ඉතිහාසය යනු මිනිසුන් විසින්
ගොඩ නංවන ලද පුරා වෘත්තයන්ගෙන් පිරී පවතින්නකි. ජෝ අබේවික්‍රමයන් ඒ ඉතිහාසයේ
ලියැවෙන විශිෂ්ට චරිතයක් බව කිව යුතුමය. ඔහුගේ නාමය අප මතකයේ සදාකල් රැඳී පවතී.
ලියනගේ සෝමරත්න ද සිල්වා
අහුන්ගල්ල
දමිතාට
ගැයුමෙන් ද රැඟුමෙන් ද නිතර නිතර දස්කම් පෑ දමිතා අබේරත්න ප්‍රවේගය චිත්‍රපටයේ
ජැක්සන් ඇන්තනිගේ කටකාර බිරිඳ ලෙස කළ ඒ රඟපෑමට අපෙන් සුභපැතුම්.
කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
අහිමි වූ කෝකිල හඬ
ධර්මදාස වල්පොලයාණෙනි,
ඔබේ මධුර මනෝහර හඬ ගැයූ චිත්‍රපට ගීිත අද අපට ඇසෙන්නේ ඉතා කලාතුරකිනි. ඔබේ හඬට
ආදේශකයෙක් ද මෙතෙක් අප අසා නැත. තරමක් හෝ සමානව යන හඬ අමිත් වල්පොල පුතුට ඇත. ඔබ
වැනි අද්විතීය කලාකරුවනට මේ රටේ නිසි ඇගයීමක් ද නැත. කනගාටුව එයයි.
එස්. පී. සොලමන්ස්
තලාතුඔය
වෙළඳ සේවයට අයාචනයක්
පුන් පොහොය දිනවල වෙළඳ සේවය ඔස්සේ ප්‍රචාරය වන භක්ති ගීතවලට දිනෙන් දින යටපත් වී
යන පැරැණි රසාංග ගී තෝරා ඉදිරිපත් කරන්නේ නම් පින් ලැබෙන කාරණාවකි. අධ්‍යක්ෂක
ජනරාල්තුමනි මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් කරුණාභරිතව ඉල්ලා සිටිමි.
ආරියදාස පිංදෙණිය
පාදුක්ක
යශෝධාගේ කලා දිවියට ආසිරි
හාපුරා කියා අත්ත බිඳෙයි ටෙලි නාට්‍යය ඔස්සේ රංගතරනයට අත්පොත් තබමින් සිනමා
විජිතයත්, වේදිකා පරිශ්‍රය තුළත් වාචික හා තාත්වික රංග සුඛාන්විතයන් උද්දීපනය කර තම
නිපුනතාවයන් ප්‍රශස්ත මට්ටමෙන් ඔපවත් කළ යශෝධා විමලධර්ම සුවිශේෂි ගනයේ රංගන
ශිල්පිනියක්. රසික හද ආකර්ෂණය කරන විශිෂ්ට නිර්මාණ ඔස්සේ තම රංග ප්‍රතිභාව ඔප් නැං
වූ යශෝධා සේද මාවතේ මිනි පහනක් බඳු කලාකාරියකි. කවදත් කලා දිවියට ප්‍රමුඛත්වයක් ලබා
දෙන යශෝධා විමලධර්ම ඔබගේ කලා දිවියට රසික අපි සුබපතමු. ඔබට ජය.
එච්. ඉන්ද්‍රපාල
මුංහේන
සුරංග අල්විස් ඔබට ප්‍රණාමය
රජ හොරු, මයි නේම් ඉස් බන්දුු, හොරා පොලිස්, කිඩ්නැප්, පටලැවිල්ල ඇතුලු ජනප්‍රිය
රැල්ලේ චිත්‍රපට නිර්මාතෘ සුරංග අල්විස් මහතාගේ සිනමා ශාලා 10 නවීකරණය කිරීමේ වැඩ
පිළිවෙල යටතේ මේ වන විට සිනමාහල් 3 ක් වාද්දුවේ, මාලඹේ හා පිළියන්දල නගරවල සාර්ථකව
නිම කර ඇත. සිනමා කර්මාන්තේ දියුණුව උදෙසා චිත්‍රපට නිපදවීමත්, සිනමා ශාලා වැසී යන
යුගයක ඒවා නවීකරණය කිරීම ද තාමත් කාලෝචිත වැඩ පිළිවෙළකි. මෙය අනෙක් සිනමාකරුවන්ට ද
හොඳ ආදර්ශයකි. සුරංග අල්විස් මහතාණනි ඔබගේ මේ මහඟු කර්තව්‍ය ඉතා සාර්ථක වේවා යැයි
අපි පතන අතර ඔබ හට අපගේ ප්‍රණාමය පුද කරමු.
ආනන්ද වික්‍රමාරච්චි
ඉහළ තල්දූව
|