වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අපි හෙට හවස පි‍්‍රමියර් එකේදී හමුවෙමු

අපි හෙට හවස පි‍්‍රමියර් එකේදී හමුවෙමු

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

බිනරි නිළියක වන්නට පෙරුම් පිරුවේ පාසල් අවදියේය.ඇය ජීවත්වූයේ බොරැල්ලේ ය. ඇයගේ පියා පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයෙකු විය.විනෝද් ජීවත් වූයේත් ඇගේ නිවහන තිබුණ පැත්තේමය. ඔවුහු එක වයසේ හොද මිතුරෝ වූහ. නාට්‍යකරුවෙකු වීමේ අරමුණින් කල් ගත කළ විනෝද්ගේ එම අපේක්ෂාව බිඳ වැටුණේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම නිසාය.ඒ වන විට ඔහු සිය මුල්ම නිර්මාණය වේදිකාවට ගෙන ඒමට සැලසුම් කරමින් සිටියේය. විනෝද් ගේ හව්හරණයට කිසිවකු නැති වෙයි.නාට්‍යකරණය පිළිබඳ සියල්ල අත හරින විනෝද් ජීවිතය අලුතින් අරඹන්නට ඇඹිලිපිටියේ පදිංචියට ගියේය. පාසල හමාර කරන බිනරි නිළියක වීමේ අභිලාෂය පසෙක ලා මව්පියන් සොයා දුන් තරුණයෙකු හා විවහ ව ඉතාලියට ගියාය. එයින් වසර ගණනාවකට පසු ඇය ආපසු එන්නේ විවාහය අතරමග බිද වැටීමෙනි.මේ වන විට චුට්ටං මුදලාලි වෙනත් ගැහැනියක හා හාදව අනුරාධපුරේ පදිංචියට ගොසිනි.තම නිවාසය අලුත් වැඩියා කරන්නට පැමිණෙන ඩික්සන් සමග හාද වන බිනරි ඔහු හා පවුල් කන්නට පටන් ගත්තාය.විනෝද් සහ බිනරි ගේ පැරණි නාට්‍ය සගයකු වූ දර්ශන ගේ මග පෙන්වීම මැද බිනරි චිත්‍රපටයකට ආයෝජනය කරන්නට පටන් ගත්තාය.ඒ තම අතැති මුදලිනි. එහි ප්‍රතිවීරයාගේ චරිතය රඟපානුයේ ඩික්සක්ය.චිත්‍රපටය අවසන් කරන්නට මත්තෙන් බිනරි සතු මුදල් අවසාන වෙයි.මේ අතරවාරයේ හදිසියේ අහම්බෙන් හමුවන විනෝද් බිනරිට උපකාර කරන්නට පටන් ගත්තේය.එහෙත් එය අතරමඟ බිඳ වැටෙනුයේ කිසියම් පිරිසක් විසින් විනොද් ඝාතනය කරනු ලැබීමෙනි. විනෝද් පාතාල ලෝකයට සම්බන්ධ නායකයෙකු බැව් අනාවරණය වනුයේ එයින් පසුවය.මේ අතරවාරයේ ඩික්සන් ද විවාහකයෙකු බැව් දැන ගන්නා බිනරි ඔහු නිවසින් පළවා හරියි.එහෙත් ඇය සොයා එන ඩික්සන් නිවස තුළ වළ දමා ඇති විනෝද් විසින් සොරා ගන්නා ලද මුදල් හා රන් ආභරණ බිනරි වෙත පෙන්වා දෙන්නේ ඇය විස්මයට පත් කරමිනි.ඩික්සන් එම මුදලින් යළි චිත්‍රපටය අරඹන්නේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු පත් කර ගනිමිනි.මේ බොරැල්ල හන්දියේ කතාන්තරයයි.

අද එතැන් සිට...

අවසාන කොටස

කාගේ වුවත් අනුන්ගේ මුදල්ය.සියල්ල එළිවන්නට පටන් ගෙන ඇතැයි බිනරි සිතුවාය.අය නිදන කාමරයට ගියාය.එහි එළා ඇති ටයිල් සෙලවන්නේය.මුදල් හා ස්වර්ණාභරණ තිබුණේ එහිය.තිබුණ සේසත සියල්ලම චිත්‍රපටයට යොදා අවසන්ය.අතැති මුදල් ද එයට යෙදුවූවාය.චුට්ටං මුදලාලි අවසන් මොහොතේ කිසිදු කතා බහකින් තොරව බිනරිට මුදල් ලබා දීම චිත්‍රපටය තිර ගත කරවන්නට උපකාර විය.

‘හෙට ප්‍රිමියර්ට එකට කලින් ගත්තු සල්ලි ගෙනත් දුන්නේ නැත්නම් අපි ට මොනවා වෙයිද දන්නෑ’

ඩික්සන් පැවසුවේය.

‘කවුද ආවේ.’

ඔයාට මතක ද විනෝද් එක්ක ආවේ මිනිහාගේ හොදම ගෝලයා .ලකී.

කාගේ වුවත් අනුන්ගේ මුදල්ය.සියල්ල එළිවන්නට පටන් ගෙන ඇතැයි බිනරි සිතුවාය.අය නිදන කාමරයට ගියාය.එහි එළා ඇති ටයිල් සෙලවන්නේය.මුදල් හා ස්වර්ණාභරණ තිබුණේ එහිය.තිබුණ සේසත සියල්ලම චිත්‍රපටයට යොදා අවසන්ය.අතැති මුදල් ද එයට යෙදුවූවාය.චුට්ටං මුදලාලි අවසන් මොහොතේ කිසිදු කතා බහකින් තොරව බිනරිට මුදල් ලබා දීම චිත්‍රපටය තිර ගත කරවන්නට උපකාර විය.එහෙත් මේ ගැටුමේ අවසානය ලෙයින් මසින් වන්දි ගෙවන්නට සිදුවන්නකි.

‘උන්ගේ සල්ලි කොච්චරක්ද’

‘ලක්ෂ හැත්තෑ පහක් විතර’

ඩික්සන් පැවසුවේය.

‘අපි ගාව එච්චර හංගල තිබුණද?’

ඩික්සන් කිසිත් නොකියා කරබා ගත්තේය.

‘අපිට විසි පහක් යන්ඩැති’

බිනරි අනුමාන කළාය.

‘අපිටත් වියදම් වල තේරුමක් තිබුණේ නෑ’

ඩික්සන් පැවසුවේය.බිනරි සියල්ල වටහා ගත්තා වැනිය.

‘ඉතිරි ඒවට වෙච්ච දේවල් මට හිතා ගත්තෑකි.ඩික්සන්.

‘උන් අද මෙහේ ඒවි.’

බිනරි අනුමාන කළාය.

‘අපි හෙට හවස ප්‍රිමියර් එක වෙලාවේදී හෝල් එකේ දී හම්බ වෙනවා.ඩික්සන්.

බිනරි මොහොතක් කල්පනා කරමින් සිට පැවසුවාය. ඇය පි‍්‍රමියර් වචනය ඉගෙන ගත්තේ සුරේෂ්ගෙනි.

‘දැන් අපි මෙහෙන් යන්ඩ ඕනෑ.’

ඇයගේ හඬ ස්ථිර එකක් විය.එයට අවනත වනු ඇරෙන්නට වෙනත් විකල්පයක් නැති වග ඩික්සන් වටහා ගත්තේය.විනෝද් මෙන් නොව ඔහුගේ ගෝලයන් එයට වඩා දරුණුය.බිනරි නිවසින් ගියේ කොහාටදැයි ඩික්සන් ද දැන ගත්තේ නැත.එමෙන්ම ඇගේ ගමන් මල්ලේ ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය ද එහි ලා ගත් වග ඩික්සන් දැන සිටියේ නැත.සිකුරාදා උදා විය.

ඩික්සන් ත්‍රිවිලර් රථයකින් සිනමාහලට පැමිණියේය.සුරේෂ් ඔහු ඉදිරියට පැමිණියේය.

‘මොකද ඩික්සන් මහත්තයා.මං උදේ ඉඳීන් කෝල් කළා.කවුරුවත් ගත්තේ වත් නෑ.’

ඩික්සන් සුරේෂ් සමග සිනමාහල ඇතුළට ගියේය.කළමනාකරු එහි ඇතුලේ නොවිය.චිත්‍රපටයේ ආරම්භක දර්ශනය සදහා සහභාගි වන අමුත්තන් කිසිවකු හෝ එහි නොවිය.සැරසිල්ලක් ද නොවිණ.

‘මොකද්ද ඩික්සන් මේ කේස් එක.අද හෝල් එකට ඇවිත් ගැන්සියක් මැනේජර් ත්‍රෙට් එකක් දාලා.දැන් පොලිසියෙන් ඒවි.’

‘ෆිල්ම් එක දුවන්නේ නැද්ද?’

ඩික්සන් ගේ හඩෙහි තිබුණේ බිදුණු ස්වරූපයකි.

‘උදේ දිව්වා.ඉතින් අපි හිතුවා ඩික්සන් ලා හෝල් එකට එයි කියලා.මොකද්ද කේස් එක.’

ඩික්සන් කිසිත් කිව්වේ නැත.ඔහු දුටුවේ සිනමාහලට එන විනොද්ගේ සහචරයාය.තම කටේ ඇති කෙල සිදි ගියේයැයි ඩික්සන්ට වැටහිණ.ඔහු ඩික්සන්ගේ බාහුවෙන් අල්ලා ගත්තේය.

‘ඩික්සන් අපි අඳුනන මිනිස්සුනේ.දැන් බොරු කියන්ඩත් ඕන නෑ.ගෙදර හංගපු විනොද් අය්යාගේ සල්ලි ටික හම්බ වුනාම ඇති.’

ඔහු පැවසූ අයුරු අසල සිටි සුරේෂ් හෝ දැන සිටියේ නැත.

බොරැල්ල හන්දිය සිනමා කෘතියේ පුවරුව සිනමාහලේ දිස්වෙමින් පැවතිණ.බිනරි සිනමාහල අසලට ගොඩ වද්දීම විනෝද් ගේ හිතවතුන් කිහිප දෙනෙකු ඒ අවට සැරිසරනු ඇයට පෙනිණ.ඇය සිනමාහලට ගොඩ වදින්නට වඩා ජීවිතයට ඇලුම් කරන්නට සිතුවාය.කාටවත් නොකියා එයින් දවසකට පසු ඇය විදෙස් ගත වූ බව ආරංචි විය.ඩික්සන් ගැන විස්තර හොයන්නට කිසිවකු හෝ සිටියේ නැත.චිත්‍රපටය සතියකට වඩා සිනමාහලේ පෙන්වූයේ ද නැත.සුරේෂ් නම් දැන් ජනප්‍රිය සිනමාකරුවෙකි.