වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය

මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය

අශෝක හඳගම සිනමා නිර්මාණය

asandhimitta

ඔහු නමගිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. දිනෙක මධ්‍යම රාත්‍රියේදී ඔහුව අමතන ඇය අසන්ධිමිත්තාය. එම දුරකතන ඇමතුම අද්භූතජනක එකක් බව චිත්‍රපට අධ්‍යක්ෂවරයාට පසක් වෙයි. මැදි වියෙහි පසුවන අසන්ධිමිත්තා තරබාරුය. එහෙත් සරාගී බවෙහි අඩුවක් නැත.

ඇය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගෙන් යමක් අයැදියි. ඒ තමාගේ ජීවිත කතාව චිත්‍රපටයකට නඟන සැටියටයි. ඒ කතාබහේදී අසන්ධිමිත්තා තමන් කාන්තාවන් තිදෙනකු ඝාතනය කළ බව ද හෙළි කරයි. ඒ ගැනද චිත්‍රපටයේ සඳහන් කළ යුතු වෙයි. ඒ ඇගේ ඉල්ලීමයි. මෙලෙස සිඳී බිඳී ගිය ඇගේ ජීවිත කතාව එකතු කරන ලෙසට චිත්‍රපට අධ්‍යක්ෂවරයාට පවසයි.

එය අසන්ධිමිත්තා යනුවෙන් නම් කරන්න යැයි ද ඉල්ලා සිටියි. ඔහු චිත්‍රපටය නිර්මාණය කොට තමන්ගේ ඉරණම විසඳන අයුරු අසන්ධිමිත්තා සිර මැදිරියක සිට බලා සිටියි.සමන් වික්‍රමආරච්චිගේ නවකතාවක් ඇසුරෙන් තිර රචනා කළ ඒ කතාව ඇතුළත් වන්නේ අශෝක හඳගමගේ නවතම සිනමා කෘතියටයි. එය නම් කොට ඇත්තේ ද අසන්ධිමිත්තා නමිනි.

අසන්ධිමිත්තා හැඩ කරන පිරිස...

නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, අනුලා බුලත්සිංහල, රුක්මල් නිරෝෂ්, ගයනි ගිසන්තිකා, සඳලි ඈෂ්, ප්‍රදීප් රාමවික්‍රම,

රිතිකා කොඩිතුවක්කු, විදත් වීරකෝන්,

අහස් දිසානායක.

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ

කලා අධ්‍යක්ෂණය - උපුල් චමිල බණ්ඩාර

සංගීතය - කපිල පූගලආරච්චි

ශබ්ද සැලසුම්කරණය - නිසල් ගංගොඩගේ

පටිගත කිරීම් - ලාල් දිසානායක

වර්ණ ගැන්වීම - දිනිඳු ජාගොඩ

සහාය අධ්‍යක්ෂණය - අචල අල්විස්

රේඛීය නිෂ්පාදනය - ඉරන්ති අබේසිංහ

නිෂ්පාදන කළමනාකරණය - මංජුල පෙරේරා

සමන් වික්‍රමාරච්චිගේ

නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි (සරසවි චිත්‍රපට)