වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ජාත්‍යන්තර යෝග දිනය සැමරූ බොලිවුඩ් තරු

ජාත්‍යන්තර යෝග දිනය සැමරූ බොලිවුඩ් තරු

ජාත්‍යන්තර යෝග දිනය පසුගිය 21 වැනිදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඉන්දියාවේ විශේෂ සැමරුම් කිහිපයක් පැවැත්වුණු අතර රාජස්ථානයේදි ලක්ෂයකට වඩා වැඩි පිරිසක් එකම ස්ථානයකදී යෝග පුහුණුවේ යෙදෙමින් ගිනස් ලෝක වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා. බොලිවුඩ් තරු කිහිප දෙනෙකුත් තම යෝග පුහුණුවීම්වල යෙදමින් ජාත්‍යන්තර යෝග දිනය සමරනු ලැබුවා. කන්ගනා රනවුත්, ශිල්පා ෂෙට්ටි සහ දිෂා පතානි ඒ අතර විශේෂයි. ශිල්පා ෂෙට්ටි ශිල්පා කියන්නේ සෞඛ්‍ය සම්පන්න නිරෝගි ජීවිතයක් ගැන නිතරම උනන්දු වන නිළියක්. ඒ වෙනුවෙන් යෝග ව්‍යායාම සහ නැවුම් එළවළු පළතුරු කන්න කියලත් හැමෝටම උපදෙස් දෙනවා. ජාත්‍යන්තර යෝග දිනය වෙනුවෙන් ද ඇය එවැනි උපදෙස් සමඟින් යෝග අභ්‍යාසවල යෙදෙන වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කර තිබුණා.


මෙවර අයිෆා

හොඳම නළුවා-ඉර්ෆාන් හොඳම නිළිය-ශ්‍රීදේවි

අයිෆා සම්මාන උලෙළෙ බොලිවුඩයේ පැවැත්වෙන ආකර්ශනීය සිනමා සම්මාන උලෙළෙක්. එහි 19 වැනි සම්මාන උලෙළ පසුගිය 22 වැනිදා තායිලන්තයේ බැංකොක්හිදී ආරම්භ කෙරුණා. මෙවර එහි නිවේදන කටයුතු සිදු කළේ යොවුන් නළු යුගලක් වන කාර්තික් ආර්යන් සහ අයුෂ්මාන් කුරානා විසින්. අර්ජුන් කපූර්, ක්‍රීති සැනොන්, වරුන් ධවාන් සහ කරන් ජොහාර් ද අපූරු රංගනයන් සමඟින් ප්‍රේක්ෂකාගාරයේ අවධානය දිනා ගත්තා. මෙවර අයිෆා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ නාම අතරට එක් වී සිටියේ Bareilly Ki Barfi , Hindi Medium, Newton, Toilet: Ek Prem Katha , Tumhari Sulu xp Çl²rf. A Rlùp‰ Tumhari Sulu  යන චිත්‍රපට. ඒ අතරින් Hindi Medium හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබුවා. හොඳම නළුවාට හිමි සම්මානය ඩ්ඪදඤඪ ර්ඥඤඪභථ හි රංගනය වෙනුවෙන් ඉර්ෆාන් ඛාන් වෙත පිරි නැමුණු අතර හොඳම නිළිය ලෙසින් පිදුම් ලැබූයේ Mom හි රංගනය වෙනුවෙන් ශ්‍රීදේවි. පසුගිය පෙබරවාරි මාසයේදී නොසිතු අයුරින් දිවියෙන් සමුගත් ශ්‍රීදේවි වෙනුවෙන් එම සම්මානය ලබා ගත්තේ ඇයගේ සැමියා බොනී කපූර් විසින්. Hindi Medium චිත්‍රපටය වෙනුවෙන් සාකෙත් චෞද්‍රි හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. ර්ධථ චිත්‍රපටයේ රඟ පෑ නවසුදීන් සිද්දික් හොඳම සහය නළුවා ලෙසත් ඉඥජපඥබ ඉභනඥපඵබචප චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ මෙහෙර් විජ් වෙත හොඳම සහය නිළියට හිමි සම්මානයත් පිරිනැමුණා. බොලිවුඩ් සිනමාවේ මේ දක්වා දැක්වූ ඉහල දක්ෂතාවය වෙනුවෙන් අනුපම් ඛේර් වෙත ගෞරව සම්මානයක් පිරිනැමුවා.


 Game ofThrones

ස්නෝ-යීග්‍රිට් විවාහ දිවියට

Game of Thrones  ලොවපුරා රසික රසිකාවන් වැලඳ ගත් ටෙලි නාට්‍ය මාලාවක්. ලංකාවේද විදෙස් ටෙලි නාට්‍ය මාලා ප්‍රිය කරන්නන්ගේ ආකර්ශණයට හසු වූ Game of Thrones  හි ජෝන් ස්නෝ නම් චරිතයට පණ පොවන්නේ කිට් හැරින්ටන්. ජෝන් ස්නෝ යීග්‍රිට් නම් තරුණිය සමඟින් පෙමින් බැඳුණත් ඒ ප්‍රේමය ජය ගන්න නම් හැකි වුණේ නැහැ. යීග්‍රිට් නමැති චරිතයට පණ පෙවූයේ රෝස් ලෙස්ලි නමැති නිළිය යි. ස්නෝ සහ යීග්‍රිට් හෙවත් කිට් සහ රෝස් සැබෑ ජීවිතයේදී ප්‍රේමයෙන් බැඳුණේ 2012 වසරේදීයි. ටෙලි නාට්‍ය මාලාවේ ආදරය ජය ගන්න බැරිවුණත් සැබෑ ජීවිතයේ ආදරය නම් ඔවුන් ජය ගත්තා. ඒ පසුගිය 23 වැනිදා ස්කොට්ලන්තයේදී විවාහ දිවියට පා තබමින්. ‍මේ අවස්ථාවට ඔවුන්ගේ ළඟම ඥාතින් හිත මිතුරන් සමඟින් Game of Thrones  තරු රැසක් සහභාගී වි සිටියා.


M:I මෙහෙයුම තවත් ඉදිරියට

සුපිරි නළු ටොම් කෲස් ප්‍රධාන චරිතය නිරූපණය කරන Mission : Impossible රිදී තිරයේ ඉහළ ආදායම් වාර්තා තැබූ සූක්ෂ්ම රහස් පරීක්ෂක ක්‍රියාදාම ගණයේ සංකේතයක් ලෙස සැලකිය හැකි ආකර්ෂණීය චිත්‍රපට මාලාවක්. මෙයට පාදක වී ඇත්තේ 1966 – 1973 කාල වකවානුවේ විකාශය කෙරුණු බ්‍රේස් ගෙලර්ගේ Mission : Impossible රූපවාහිනි කතා මාලාවයි.

එහි සාර්ථකත්වය සිනමාව කරා ගෙනඒමට ටොම් කෲස්හට අදහසක් පහළ වීමේ ප්‍රතිඵලයක් ලෙස Mission : Impossible චිත්‍රපට මාලාව නිර්මාණය වූ අතර මේ දක්වා එහි නිර්මාණය කෙරුණු සෑම චිත්‍රපටයකටම නිෂ්පාදනයෙන් ද ඔහුගේ දායකත්වය ලැබිණි. ප්‍රේක්ෂක ආකර්ෂණය පමණක් නොව මෙම චිත්‍රපට මාලාවේ ත්‍රාසජනක ස්වභාවය නොනසා පවත්වා ගැනීම සම්බන්ධයෙන් විචාරක පැසසුමට ද ලක් වී ඇති බවත් කිව යුතුමයි. Mission : Impossible හෙවත් M:I මෙහෙයුමේ හය වැන්න Mission: Impossible – Fallout ලබන ජූලි 27 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට සූදානම්. එපමණක් නොව අනතුරුව ර්:ධ් මෙහෙයුමට ඉදිරියේදී තවත් චිත්‍රපට දෙකක් හෝ තුනක් එක් වනු ඇති බවත් ටොම් කෲස් පවසනවා.