වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




අගතිගාමී පියවරක්

අගතිගාමී පියවරක්

- අශෝක හඳගම

මේ වර්තමානයේ සිනමාවේ ඇතැයි සිතන අර්බුදයකට විසඳුම් ලෙස ඉදිරිපත් කෙරෙන අතීතකාමී පියවරක්. බිලිපුජාවට නියම වූ සිනමාව නමැති එළුවා අතීතය නමැති කණුවේ ගැට ගසනවා වගේ වැඩක්. එළුවා මරණයෙන් ගලවා ගන්න නම් ඌ අතීතයට ගැට ගසන සංස්ථාව නැමති ලණුව කපා දැමිය යුතුයි. විවෘත ආර්ථිකයත් එක්ක ටෙලිවිෂනය එන බව දත් සංස්ථාවේ ආරම්භක සභාපති ඩී. බී. නිහාල්සිංහ ටෙලිසිනේ කියලා පුද්ගලික ආයතනයක් හදාගෙන සංස්ථාව අත හැරලා ගියා. ඒ ඔහු අනාගතය දුටු නිසා. පස්සේ කාලෙක සභාපති වුනු තිස්ස අබේසේකර සංස්ථාවට තිබුණු බෙදාහැරීමේ ඒකාධිකාරය (Monopoly) අත හැරලා පුද්ගලික අංශයටත් බෙදා හැරීමේ අවකාශය ලබා දුන්නා. අබේසේකර මහත්තයට වැරදුණේ, ඔහුට වැටහුණේ නැහැ ඔහු හඳුන්වා දුන් යාන්ත්‍රණය ඇතුළේ පුද්ගලික අංශය අතේ අලුත් ඒකාධිකාරයක් ( කතිපයාධිකාරයක් - Oligopoly ) ගොඩ නැඟෙන බව. සංස්ථාව කළයුතුව තිබුණේ බෙදා හැරීමේ නිදහස තවත් පුළුල් කොට සිනමාවේ ගුණාත්මක පක්ෂය නගා සිටුවීමට කටයුතු කරන එකයි. සංස්ථාව සිනමා සංවර්ධන මණ්ඩලයක් (Cinema Development Board) බවට පරිවර්තනය කරවීමයි.

ඒ වෙනුවට, ආර්ථික සහ කලාත්මක දැක්මක් නැති සිනමාව භාර අමාත්‍යාංශය ආයෙත් සිනමා බෙදා හැරීම රාජ්‍ය ඒකාධිකාරයකට නතු කරන්න හදනවා. මේක විහිළුවක්.

අර්බුදය තියෙන්නේ සිනමා කෘති වල සහ සිනමා ශාලා ආකෘතියෙයි. දැනට පවතින තනි ශාලා වෙනුවට බහු-තිර ශාලා (Multi-Screen) ඇතිකළ යුතුයි. මේ බහු-තිර ශාලා පරිසරයේ දේශීය නිෂ්පාදනවලට වෙන් කෙරුණු සිනමා තිරයක් පැවතීම සහතික කළයුතුයි. විනෝදය ඉක්මවා ගිය රස වින්දනයක් ගෙනදෙන කලාත්මක සිනමාව ප්‍රවර්ධනය සහ දිරිගැන්වීම සඳහා මේ සංවර්ධන මණ්ඩලය සක්‍රීයව මැදිහත් විය යුතුයි. ජාත්‍යන්තර සිනමා උලෙවල ලාංකීය නියෝජනය වැඩකිරීම සඳහා ක්‍රියාකළ යුතුයි. ජාත්‍යන්තර සිනමා උලෙළක් වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

සංස්ථාව මණ්ඩලයක් බවට පරිවර්තනය කරලා, මේ කටයුතු වලට මැදිහත් වෙලා චිත්‍රපට බෙදාහැරීම වගේ කාර්යක්ෂමව කරන්න බැරි වෙළෙඳ වැඩවලින් රජය ඉවත් විය යුතුයි.


අත්තනෝමතික තීන්දුවක්

- ප්‍රසන්න විතානගේ

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු සිනමා කර්මාන්තයේ ගැටලු විසඳීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටු දෙකක් පත් කරන ලදී. එම කමිටු දෙකෙහිම ප්‍රධාන නිර්දේශ වූයේ් සමාගම් හතරකට සීමා වී ඇති චිත්‍රපට බෙදාහැරීම පුළුල් විය යුතු බවයි. ඒ සඳහා නව බෙදා හැරීමේ ආයතනවලට සිනමා කර්මාන්තය තුළ ආයෝජනය කිරීමට ඉඩ දිය යුතු බවට පොදු එකඟතාවයක් විය. එමෙන්ම චිත්‍රපට නිෂ්පාදකයාගේ කොටස වැඩි විය යුතු බවත් බෙදාහරින සමාගමේ කොටස අඩු විය යුතු බවටත් නිර්දේශ විය. ජාතික චිත්‍රපට සංස්ථාවේ නියාමන බලය පුළුල් විය යුතු බවත් මෙම වාර්තා දෙකෙහිම සඳහන් වෙයි.

එහෙත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති යෝජනාව මීට පරස්පර වේ. ජනාධිපති කමිටුව විසින් චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගත යුතු යැයි කළ යෝජනාව පදනම් කරගෙන චිත්‍රපට බෙදා හැරීම සංස්ථාව සතු කර ගත් බව ඔහු ප්‍රකාශ කළ ද ජනාධිපති කමිටු වාර්තාවේ ඒ බව සඳහන් නොවේ.

චිත්‍රපට බෙදා හැරීම සංස්ථාව සතු කර ගැනීම නිසා සිනමා කර්මාන්තයට නව ආයෝජන ගලා ඒවිද? බෙදා හැරීම වඩාත් කාර්යක්ෂම වේද? සිනමා ශාලා හිමියන්ගේ ආදායම වර්ධනය වෙයිද? සිනමා රසිකයන්ට ඔවුන් රුචි කරන චිත්‍රපට නැරැඹීමට අවස්ථාව වැඩි වෙයිද? චිත්‍රපට කර්මාන්තයේ නියැළී සිටි අයගේ ජීවන තත්ත්වය උසස් වෙයිද?

මගේ පිළිතුර 'නැත' යන්නයි.

ජාතික චිත්‍රපට සංස්ථාව පෞද්ගලික අංශයට වඩා චිත්‍රපට බෙදා හැරීමේදී ආකර්යක්ෂම බව මගේ හැඟීමයි. ඔවුන් සතුව ඇත්තේ එකම සිනමාහලකි. එම සිනමා ශාලාවේ ශබ්ද පද්ධතිය බිඳ වැටී වසර ගණනාවක් යනතුරු එය පිළිසකර කර ගැනීමට නොහැකි විය. චිත්‍රපට නිෂ්පාදකයන්ට දෛනික වාර්තා සැපයීමේදී ඔවුන් සිටින්නේ පෞද්ගලික අංශයට වඩා ගව් ගණනක් පිටුපසිනි.

රජය චිත්‍රපට බෙදා හැරීම අතට ගැනීමේ නිලධාරිවාදය මෙන්ම තීන්දු ගැනීමේ බලය දේශපාලන හෙංචයියන් අතට ලැබීම අනිවාර්ය වනු ඇත. පවතින රජය විවේචනය කරන චිත්‍රපටයක් රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය හිමි කර ගනු ලැබූව ද ජාතික චිත්‍රපට සංස්ථාවේ 'කමිටුව' එම චිත්‍රපටය බෙදාහැරිමට එකඟ නොවුණහොත් එම චිත්‍රපටයට ප්‍රදර්ශන වාරය නොලැබෙනු ඇත.

චිත්‍රපට බෙදාහැරීම සංස්ථාව සතුව තිබූ 90 දශකයේ මෙන් පෝලිම් යුගයක් බිහි වී නිෂ්පාදකයන් අධෛර්යය කැරෙනු ඇත.

ගෝලීය ලෝකයක තවමත් කොදෙව් මානසිකත්වයක ජීවත් වන අප ගත යුත්තේ සිනමා කර්මාන්තය 'හකුළුවාලන' පියවර නොව කර්මාන්තය ගෝලීය ලෝකය හා යා කැරෙන පුළුල් කරන පියවර බව මගේ හැඟීමයි. එහිදී සිනමා කර්මාන්තයේ සියලු පාර්ශවකරුවන් ආරක්ෂා කළ හැකි වන්නේ අත්තනෝමතික තීන්දු ගැනීමෙන් නොව ඔවුන් සියලු දෙනා සම්බන්ධ කරගෙන සිනමා කර්මාන්තය අරභයා ජාතික ප්‍රතිපත්තියක් ගොඩ නඟා එය ක්‍රියාත්මක කිරීමට රජයට බලපෑම් කිරීමෙනි.


ප්‍රදර්ශන බලය යළිත් සංස්ථාවට පවරාගැනීමේ ඓතිහාසික අවස්ථාව

දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය පෞද්ගලික සමාගම් මඟින් පාලනය වීම නිසා මෙරට චිත්‍රපට නිශ්පාදනයට, ප්‍රදර්ශනයට මෙන්ම බෙදා හැරීමට බලවත් ගැටලු ඇති වූ බවට මැසිවිලි නැඟිණ. මේ සඳහා චිත්‍රපට සංස්ථාව වහා පියවර ගතයුතු යැයි කර්මාන්තය තුළින්ම බලවත් ඉල්ලීම් මතු විය. පසුගියදා මේ සම්බන්ධයෙන් පියවර ගත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබඳ සියලු බලතල සංස්ථාවට පවරා ගත්තේය. ඒ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කළ දින සිනමා කලාකරුවන්, නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් ඇතුළු බොහෝ දෙනකු ඒ සඳහා සහභාගී වූ අයුරු...

සංස්ථාව යළි බලතල පවරා ගත් වග දැන්වූ මාධ්‍ය හමුව පැවත්වීමෙන් පසු සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා