වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ශෝකය දුක ආවත් ගී‍්‍රක ශෝකජනක නාට්‍ය බලමු
2018 උසස් පෙළ සඳහා සැරසෙමු

ශෝකය දුක ආවත් ගී‍්‍රක ශෝකජනක නාට්‍ය බලමු

ගී‍්‍රක ශෝක ජනක නාට්‍යකරුවෝ

ග්‍රීක ශෝකජනක නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගයේදී නාට්‍ය නිර්මාණය කළ ප්‍රබල ශෝකජනක නාට්‍ය නිර්මාණකරුවන් තිදෙනෙක් හඳුනා ගත හැක.

(1) ඊස්කිලස්

(2) සොෆොක්ලීස්

(3) යුරිපිඩීස්

මෙම තිදෙනාට පෙර ෆ්රූනිඛොස්, ඛොයිරිලොස්, ප්‍රටිනස් යනුවෙන් නාට්‍ය රචකයෝ තිදෙනෙකු ජීවත්ව සිට ඇත. අප ශ්‍රේෂ්ඨයන් තිදෙනා සහ ඔවුන්ගේ නිර්මාණ හඳුනාගමු.

ඊස්කිලස් (ක්‍රි. පූ. 525 - 458)

* ග්‍රීක නාට්‍ය තරඟවලදී ඔහුට 13 වතාවක් පමණ ප්‍රථම ස්ථානය හිමි වී ඇත.

* නාට්‍ය 79 පමණ රචනා කර ඇති අතර මින් 13 සැටර් නාට්‍ය වේ. නමුත් දැනට ඉතිරි වී ඇත්තේ 7 පමණකි.

* ග්‍රීක ශෝකජනක නාට්‍ය සඳහා 2 වන නළුවකු එක් කළේ මොහු විසිනි.

* මොහුගේ ශෝකජනක නාට්‍ය නිර්මාණ

1. පර්සියන්වරු

2. ප්‍රොමිතියස් බන්ධනය

3. ඔරෙස්ටියානු නාට්‍ය ත්‍රිකය

ච. ඇගමෙම්නොන්

ඡ. චොයිෆොරොයි

ජ. යුමනයිඩිස්

4. සප්ලයන්ට්ස්

5. තීබයට එරෙහිව සත් දෙනෙක්

සොෆොක්ලීස් (ක්‍රි. පූ. 496 - 406)

* සිය ජීවිත කාලය තුළදී නාට්‍ය තරඟවලින් 18 වතාවක් ප්‍රථම ස්ථානය දිනා ඇත.

* ඔහු නාට්‍ය 123 - 125 අතර ප්‍රමාණයක් රචනා කර ඇති අතර එයින් දැනට ඉතිරි වී ඇත්තේ ශෝකජනක නාට්‍ය 07 ක් සහ එක් සැටර් නාට්‍යයකි.

1. අජැක්ස්

2. ඊඩිපස් රජ

3. ඇන්ටිගනී

4. ඊඩිපස් ඇට් කොලොන්නස්

5. ෆිලොක්ටටීස්

6. ඉලෙක්ට්‍රා

7. ඉක්නෙවුටා-ඉ (සැටර්)

* ග්‍රීක ශෝක ජනක නාට්‍ය සඳහා තෙවැනි නළුවෙකු හඳුන්වා දුන්නේ මොහු විසිනි.

* ගායන වෘන්දය 15 දක්වා වැඩි කළ අතර ගායක කණ්ඩායමේ කාර්යභාරය අඩුකර චරිතවල ක්‍රියාකාරිත්වය වැඩි කළේය.

* උත්ප්‍රාස රසය (ධ්පධදර) ප්‍රබල ලෙස භාවිතා කළේය.

* ශෝකජනක නාට්‍යවල කාව්‍යමය ලක්ෂණ නිර්මාණාත්මක ලෙස වර්ධනය කළේය.

* චිත්‍ර වස්ත්‍ර නර්මාණාත්මක ලෙස භාවිතයට ගැනීම මොහු විසින් සිදු කෙරුණි.

යුරිපිඩීස් (ක්‍රි. පූ. 485 - 406)

* මොහුගේ නාට්‍යවල යථාර්වාදී ලක්ෂණ දක්නට ලැබෙන බව විචාරකයෝ පවසති.

* ඔහු සමාජයේ පැවති විශ්වාස සහ මතවාදවලට තම නාට්‍ය මඟින් පහර එල්ල කළේ. (උදා: දේව සහ ආගමික)

* නාට්‍ය 80 පමණ රචනා කර ඇති අතර දැනට ඉතුරුව ඇත්තේ 7 පමණි.

1. මීඩියා

2. ඇල්කෙස්ටීස්

3. ටෙ‍්‍රාජන් කාන්තාවෝ

4. ද බැකී

5. ඉයෝන්

6. හෙකබි

7. ඇන්ඩ්‍රොමැකි

8. සයික්ලොප්ස් (කුක්ලොපස්) - සැටර්

COMEDY  (හාස්‍යජනක නාට්‍ය)

කොමඩි නාට්‍ය බිහිවීම සඳහා 'කෝමොස්' නමින් හඳුන්වනු ලැබූ වෙස් මුහුණු නැටුමක් මුල් වන්නට ඇතැයි විචාරකයෝ පවසති. ග්‍රීක ප්‍රබලම හාස්‍යජනක නාට්‍යකරුවා ඇරිස් ටොෆනිස්ය. ඔහු නිර්මාණය කළ පැරණි හාස්‍යජනක නාට්‍ය කිහිපයක් පහත පරිදි දැක් විය හැක.

1. සාමය

2. වලාකුළු

3. මැඩියෝ

4. ලයිසිස්ට්‍රාටා

5. දෙබරු

6. කුරුල්ලෝ

* ඇරිස්ටොෆනීස්ගේ ශෝකජනක නාට්‍යවල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.

* ශෝකජනක නාට්‍යකරුවන් වීර කථා, දේව කථා තම නාට්‍යවල වස්තු විෂය ලෙස යොදා ගනිද්දී ඇරිස්ටොෆනීස් සුරංගනා කථා, කල්පිත කථා වස්තු තම නාට්‍යවල වස්තු විෂය ලෙස භාවිතයට ගත්තේය.

*  ශෝකජනක නාට්‍යකරුවන් ඉහළ පැලැන්තියේ චරිත භාවිතයට ගනිද්දී ඔහු සාමාන්‍ය මිනිසුන්ගේ චරිත භාවිතයට ගත්තේය. (ප්ලේටෝ 'ඇතීනියානුවෝ කවුරුන්දැයි දැන ගැනීමට ට්‍රැජඩි කියවන්න' යනුවෙන් ප්‍රකාශ කළේ මේ නිසාය)

*  ඇඳුම් පැළඳුම් සහ වෙස් මුහුණු ශෝකජනකයට වඩා තාත්වික විය.

*  ශෝකජනකයේ භාෂාව කාව්‍යාත්මක වූවද හාස්‍යජනකයේ භාෂාව ව්‍යවහාර භාෂාවට සමීප විය.

*  ශෝකජනකයට වඩා අන්තර්ගතය සරල විය. සාමාන්‍ය ප්‍රේක්ෂකයාට පවා තේරුම් ගැනීම පහසු විය.

*  හාස්‍යජනකයේ මුලික අරමුණ වුයේ සමාජයේ මූලික ආස්ථානයන්ට පහර එල්ල කරමින් දේශපාලන විවේචනයක් සිදු කිරීමයි.

*  හාස්‍යජනක නාට්‍යවල දක්නට ලැබෙන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් විකාරරූපී ක්‍රියා මාර්ගයක් ගැනීමයි.

උදා - 1. ලයිසිස්ට්‍රටා - යුද්ධය නැවැත්වීම උදෙසා කාන්තාවන් ලිංගික වර්ජනයක නිනරත වීම

2. සාමය - යුද්ධය විසින් සඟවා ඇති සාමය නැවත පොළොවට ගෙන ඒමට එක් මිනිසෙක් ගොම කුරුමිනියෙකුගේ පිටේ නැගී අහසට යෑම

සැටර්

ග්‍රීක පුරා කථාවල එන අර්ධ මිනිස්, අර්ධ සත්ව ස්වරූපයක් ගත් සටුරයන් පිළිබඳ කතා මේ සඳහා පදනම් වී ඇත. දියෝනිසස් පුද පූජාවලදී ගායන වෘන්දය සටුරයන් ලෙස වෙස්වලාගෙන දෙවොල වටා නර්තනයේ යෙදී ඇත. මෙවැනි ගායන වෘන්ද ආශ්‍රයෙන් සැටර් නාට්‍ය බිහි වී ඇත. සැටර් නාට්‍යය ඉදිරිපත් කරන ලද්දේ ග්‍රීක නාට්‍ය උත්සවවල ට්‍රැජඩි නාට්‍ය 03 ක් අවසානයේ ප්‍රේ්ක්ෂකයාට වින්දනයක් ලබාදීම සඳහාය. සොෆොක්ලිස්ගේ 'ඉක්නෙවුටා - ඊ' නම් වූ සැටර් නාට්‍ය ඇසුරෙන් බන්දුල ජයවර්ධන 'බෙර හඬ' නාට්‍ය නිර්මාණය කළේය.