වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




නන්දනීය පෙම නිහඬ විය

නන්දනීය පෙම නිහඬ විය

මගදිගට රසකතා සොයා යන ගමනේදී නිහඬව සේවයක් කරමින් නිහඬවම නික්ම ගිය කලාකරුවෙක් ගැන වතගොත දැනගන්නට ලැබුණා. ඔහු නමින් සිරිල් පෙරේරා. සංගීතයෙන් සැලකියයුතු මෙහෙවරක් සිදු කළ ඔහු ඉකුත් දා අප අතරින් වියෝවුණේ අවුරුදු 73 ක ආයුශ විඳ අහවරකොටයි.

දිවුල්ගනේ ගයන සේපාලිකා, වේරලියද්දගේ නන්දනීය පෙම, කුසපබාවතී පුවතක්, කිත්සිරි ජයසේකර ගයන මීපැණි රහසක්, චාමර වීරසිංහගෙ කිරිවෙහෙරට යන පාරේ, අමරසිරි පීරිස් ගයන සිරිපොද වැස්ස ආදී ජනප්‍රිය ගීත රැසක සංගීතය නිමවුණේ සිරිල්ගේ අතින්. ඒ වගේම ඔහු ගුවන්විදුලි වාද්‍ය ශිල්පියකු වශයෙන්ද සේවය කළා. කලකට ඉහතදී සිරිපොද වැස්ස නමින් ඒකපුද්ගල සංගීතමය ප්‍රසගංයක්ද පැවැත්වූ සිරිල් නවකයින්ට බොහෝසෙයින් අතහිතදුන් තැනැත්තෙකි. සරසවිය අප ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.