වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ගුටිකන්නට පෙර ඉගෙන ගනිමු

ගුටිකන්නට පෙර ඉගෙන ගනිමු

වසන්ත කුමාරවිල මෙතෙක් කළේ වෙනකවුරුවත් නොකරුව වැඩ. සටන් අධ්‍යක්ෂණය පැත්තෙන් වුවත් එහෙමයි. කෙටි කලක් ඇතුළත නළුවෙක් මෙන්ම සටන් අධ්‍යක්ෂවරයකු වශයෙන් වසන්තට ස්ථාවර වෙන්න පුළුවන් වුණේ ඒ හින්දයි. දිගු කලක් තිස්සේ වසන්තගෙ හිතේ තිබුණු අදහසක් මල්ඵල ගැන්වෙනවා. ඒ එළඹෙන ජූලි මාසයේ අටවැනිදා.

ඒ සටන් පුහුණු පාසලක්. බෙල්ලන්විල විහාරයට යාබද තැනකයි ඔහු මෙලෙස සටන් කලාව පිළිබඳ ශිල්ප පාසලක අරඹන්නෙ. ලංකාවෙ මුල් වතාවට සිදුවන මෙම අවස්ථාව සඳහා ඔහු ක්ෂේත්‍රයට එන්නට සිටින නවකයන්ට ආරාධනා කරනවා. එමෙන්ම දැනට ක්ෂේත්‍රය තුළ සක්‍රියව කටයුතු කරන නළු නිළියන්ටත් මෙතැන විවෘතයි. ජී. ආශිර්වාද මාස්ටර්, සුමුදු අමල්ක, කසුන් දුෂ්‍යන්ත යන ආචාර්යවරුන් වසන්ත ගේ මූලිකත්වයෙන් ඇරැඹි මෙම ශිල්ප පාසලේ ශිල්පය බෙදාහැරීම සිදුකරනවා. 0777600914 අංකය ඔස්සේ වැඩිවිස්තර දැනගෙන මේ සඳහා එකතුවන්නට ඔබට පුළුවන්.