|
හොඳම වේෂ නිරූපණ ශිල්පීහේතු පාඨයහොඳම වේශ නිරූපණය
මූලික කතා ප්‍රවෘත්තියෙන් නිරූපිත චරිත ඔවුන්ගේ බාහිර හා අභ්‍යන්තර ස්වභාවයන් සියුම්ව හඳුනා ගනිමින් සජීවිකරණය කරන ලද වෙස් ගැන්වීම් සඳහා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම වේශ නිරූපණය උදෙසා වන සම්මානය පිරිනැමෙන්නේ, 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පී ජයන්ත රණවකටය.
නිර්දේශිත ශිල්පීන්:1. ජයන්ත රණවක - මහරජ ගැමුණු 2. හර්ෂ මංජුල - ඇඩ්‍රස් නෑ 3. ඉන්දික උදාර ලංකා - ප්‍රවේගය ජූරියේ නිගමනය ජයන්ත රණවක - මහරජ ගැමුණු
හොඳම ශබ්ද සැලසුම් ශිල්පීහේතු පාඨයහොඳම ශබ්ද සැලසුම් ශිල්පී
චිත්‍රපටියේ ආරම්භයේ සිට කූටප්‍රාප්තිය තෙක් සියුම් සේ දිවෙන ශ්‍රව්‍ය සංකලනයෙහි සමබරතාව මැනවින් හසුරුවා ගැනීම උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම ශබ්ද සැලසුම් ශිල්පියාට හිමි සම්මානය පිරිනැමෙන්නේ 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ ශබ්ද සැලසුම් ශිල්පී අරුණ ප්‍රියන්ත කළුආරච්චිටය. නිර්දේශිත ශිල්පීන්:1. අරුණ ප්‍රියන්ත කළුආරච්චි - මහරජ ගැමුණු 2. ටපාස් නායක් - ඔබ නැතුව ඔබ එක්ක 3. ශෂික රුවන් මාරසිංහ - හෝ ගානා පොකුණ ජූරියේ නිගමනය ප්‍රියන්ත කළුආරච්චි - මහරජ ගැමුණු
|