|
හේතු පාඨයහොඳම සංගීත අධ්‍යක්ෂණය
චිත්‍රපටයෙන් ගොඩනඟනු ලබන පසුබිම චිත්‍රණය කිරීමේ හා නිරූපිත චරිත අභ්‍යන්තර මමෝභාව උද්දීපනයේලා සියුම් නාද රටා අර්ථ පූර්ණව හා ශබ්ද පූර්ණව භාවිත කොට ගත් ප්‍රශස්ත සංගීත නිර්මාණය උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිරිනැමෙන්නේ, 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ නදීක ගුරුගේටය. හොඳම සංගීත අධ්යක්ෂණයනිර්දේශිත නාම: 1. නදීක ගුරුගේ - මහරජ ගැමුණු 2. දිනේෂ් සුබසිංහ - හෝ ගානා පොකුණ 3. රෝහණ වීරසිංහ - ඇඩ්ඩ්‍රස් නෑ ජූරියේ නිගමනය - නදීක ගරුගේ - මහරජ ගැමුණු
හේතු පාඨයහොඳම ගීත රචනය
අප්‍රකාශිත පේ‍්‍රමයක චමත්කාරය කුළු ගැන්වෙන අයුරින් අර්ථ පූර්ණ හා ධ්වනි පූර්ණ ගුණයෙන් යුතුව රචනා කරන ලද අපූර්ව ගේය පද සංකල්පනාව උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම ගීත රචනයට හිමි සම්මානය පිරිනැමෙන්නේ 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ 'සඳ මඬල වී' ගීතය රචනා කළ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට ය.
හොඳම ගීත රචනය
නිර්දේශිත නාම: 1. පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි - මහරජ ගැමුණු - ‘සඳමඬල වී ගුවනේ දිලෙයි’ 2. මහාචාර්ය සුනිල් ආරියරත්න - ඇඩ්ඩ්‍රස් නෑ - ‘අහසත් නෑ පොළවත් නෑ’ 3. ඉන්දික ෆර්ඩිනැන්ඩු හා කුසුම්සිරි ලියනආරච්චි - හෝ ගානා පොකුණ - ‘ රෑට පෙනෙන කිරිහාවා’ ජූරියේ නිගමනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
හේතු පාඨයහොඳම ගායකයා
චිත්‍රපටයේ තේමාව හා බද්ධ වුණු චරිත සමුදායක හැඟුම් ඉස්මතු වන සේ රචිත ගේය පද සංකල්පනාව ප්‍රස්තුත චරිත සතු අභ්‍යන්තර සිතුවිලි, තම භාවපූර්ණ හඬින් ගායනා කිරීම උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායකයා සම්මානය පිරිනැමෙන්නේ 'මගේ යාළු මාළු' චිත්‍රපටයේ 'යාළු යාළු මේ අහන්නකෝ' ගීතය ගායනා කළ එඩ්ව්ඩ් ජයකොඩිට ය.
නිර්දේශිත නාම:1. එඩ්වඩ් ජයකොඩි - මගේ යාළු මාළු - ‘මගේ යාළු මාළු මේ අහන්නකෝ’ 2. ගයාන් පෙරේරා - ඇඩ්ඩ්‍රස් නෑ - ‘අහසත් නෑ පොළවත් නෑ’ 3. චිත්‍රාල් සෝමපාල - මේ වගේ ආදරයක් - ‘වසන්තයේ ‘මල් පිපිලා’ ජූරියේ නිගමනය - එඩ්වඩ් ජයකොඩි
හේතු පාඨයහොඳම ගායිකාව
ප්‍රබල චිත්ත රූප මවනා ගේයපද සංකල්පනාවක අර්ථ ධ්වනිය තම මධුර ස්වරයෙන් උද්දීපනය කළ සුවිශේෂී ගායන ප්‍රතිභාව උදෙසා, 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායිකා සම්මානය පිරිනැමෙන්නේ, 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ 'සඳ මඬල වී' ගීතය ගායනා කළ නිරෝෂා විරාජිනීටයි.
නිර්දේශිත නාම:1. නිරෝෂා විරාජිනී - මහරජ ගැමුණු 2. උරේෂා රවිහාරි - අජාසත්ත 3. නිරෝෂා විරාජිනී - සිනහව අතරින් ජූරියේ නිගමනය නිරෝෂා විරාජිනී - මහරජ ගැමුණු - ‘සඳ මඬල වී’ |