වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය

ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය

හුදු ලිංගික උවමනාව ඉක්ම වූ ආදරයේ ම තවත් රූපකයක් වූ ද, ඉතිහාසය පුරා දස ලක්ශ ගණන් ගැහැනුන්, මිනිසුන් ශාරීරික සහ මානසික වද වේදනාවන්ට ලක්වෙමින් ද, ජීවිත පරිත්‍යාගයෙන් ද තහවුරු කරගැනීමට සටන් වදින නෛසර්ගික මිනිස් අනන්‍යතාවක් වූ ද, සමලිංගිකත්වය තේමාකොට ගනිමින් මානව ප්‍රේමය සම්මත ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතාවෙන් ඔබ්බට විහිදෙන අනන්ත අවකාශයක පැතිරුණු එකක් ලෙස සිතන්නට ප්‍රේක්ෂකයා පොලඹවන ප්‍රශස්ත සිනමාත්මක ගුණයෙන් හෙබි සිනමා කෘතියක් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීමට ගත් අභීත උත්සාහයක් වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයෙන් පිදුම් ලබන්නේ විසාකේස චන්ද්‍රසේකරන් අධ්‍යක්ෂණය කළ 'සයපෙති කුසුම' සිනමාපටයයි.