|
සම්මාන, නිර්දේශ සහ හේතු පාඨහොඳම චිත්‍රපටය
නිර්දේශිත කෘතීන්: 1. මහරජ ගැමුණු 2. හෝ ගානා පොකුණ 3. ඔබ නැතුව ඔබ එක්ක ජූරියේ නිගමනය - මහරජ ගැමුණු
හේතු පාඨය
සිනමාත්මක නිර්මාණයක අත්‍යන්තයෙන්ම අන්තර්ගත විය යුතු මූලික ලක්ෂණ මනාව විශද කිරීමෙහිලා ප්‍රකට කර ඇති පරිපූර්ණභාවය අඛණ්ඩව පවත්වාගෙන යෑම උදෙසා 2016 වර්ෂයෙහි සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය පිරිනැමෙන්නේ, ගුණපාල රත්නසේකර නිෂ්පාදනය කළ 'මහරජ ගැමුණු' සිනමා වෘත්තාන්තයටයි.
හොඳම අධ්‍යක්ෂණය
නිර්දේශිත නාම: 1. ජයන්ත චන්ද්‍රසිරි - මහරජ ගැමුණු 2. ඉන්දික ෆර්ඩිනැන්ඩු - හෝ ගානා පොකුණ 3. ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක ජූරියේ නිගමනය - ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක
හේතු පාඨය
එකිනෙකා පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයෙන් වියුක්ත වූ, පරස්පර සමාජ පසුතල හා ජීවිත අනුභූති පාදක කොට ගත් චරිත ද්වයක් කුටුම්බ ජීවිතයට අවතීර්ණ වූ පසු පැන නැගෙන පශ්චත්තාපී හෘදය සාක්ෂිය හා මානසික ආතතීන් විසින් ඔවුන්ගේ ජීවිත ඛේදජනක ඉරණමකට ඇද දමන ලද ආකාරය තමා සතු ප්‍රවීණ වූත්, පරිණත වූත් සිනමාත්මක පරිකල්පනයෙන් ප්‍රකට කිරීම උදෙසා, 2016 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය පිරිනැමෙන්නේ, 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේටය. හොඳම නළුවා නිර්දේශිත නාම: 1. ජැක්සන් ඇන්තනි - මහරජ ගැමුණු හා ප්‍රවේගය 2. උද්දික ප්‍රේමරත්න - මහරජ ගැමුණු 3.හේමාල් රණසිංහ - ප්‍රවේගය ජූරියේ නිගමනය - ජැක්සන් ඇන්තනි - මහරජ ගැමුණු
හේතු පාඨය
සංකීර්ණ මමෝභාවයන්ගෙන් යුත් චරිතයක් නිරූපණය කිරීමේලා මුහුණදීමට සිදුවනාභියෝග සූක්ෂමව අවබෝධ කොට ගනිමින් ප්‍රේක්ෂක විශ්වසනීයත්වය ග්‍රහණය කර ගත්තා වූ අපූර්ව රංග ප්‍රතිභාව උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය පිරිනැමෙන්නේ, 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ එළාර චරිතය නිරූපණය කළ ජැක්සන් ඇන්තනිට ය.
ජූරියේ විශේෂ සම්මානය විශේෂ ජූරි සම්මානය - හේමාල් රණසිංහ - ප්‍රවේගය
හේතු පාඨය
රැකියා විරහිත උගත් කෙළිලොල් යෞවනයෙකු පාතාලයේ ගොදුරක් බවට පත්වීමෙන් පසු ඔහුගේ චර්යාවන් වෙනස් වන අකාරයත් තවත් විටෙක කඩවසම් තරුණ ප්‍රේමවන්තයෙකුගේ භූමිකාවත් නිරූපණය කරමින් සාම්ප්‍රදායික රංගනයේ සිමා අතික්‍රමණය කරමින් අනාගත ලාංකීය සිනමාවේ යෞවන නළු භූමිකාව පිළිබඳ අපේක්ෂාවන් දැල් වූ 'ප්‍රවේගය' චිත්‍රපටයේ හේමාල්ගේ චරිතය නිරූපණය කළ හේමාල් රණසිංහට ජූරියේ විශේෂ සම්මානය පිරිනැමේ. හොඳම සහාය නළුවා
නිර්දේශිත නාම: 1. ජයලත් මමෝරත්න - හෝ ගානා පොකුණ 2. රොෂාන් රවීන්ද්‍ර - ඇඩ්ඩ්‍රස් නෑ 3. මහේන්ද්‍ර පෙරේරා - ඇඩ්ඩ්‍රස් නෑ ජූරියේ නිගමනය - ජයලත් මනෝරත්න - හෝ ගානා පොකුණ
හේතු පාඨය
චරිතය විසින් ඉල්ලා සිටිනු ලබන රූපණ ශක්‍යතා ජීව ගුණයෙන් භාවිත කරමින් ප්‍රකට කළ රංග කෞශල්‍ය උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය පිරිනැමෙන්නේ 'හෝ ගානා පොකුණ' චිත්‍රපටයේ රියැදුරුගේ චරිතය නිරූපණය කළ ජයලත් මමෝරත්නටය.
හොඳම සහාය නිළිය
නිර්දේශිත නාම: 1. ඩිලානි අබේවර්ධන - බොරදිය පොකුණ 2. දමිතා අබේරත්න - ප්‍රවේගය 3. සබීතා පෙරේරා - ඇඩ්ඩ්‍රස් නෑ ජූරියේ නිගමනය:දමිතා අබේරත්න - ප්‍රවේගය
හේතු පාඨය
නාගරික උප සංස්කෘතික සමාජයක් තුළ දෛනිකව මුහුණපාන අවස්ථා සහ ගැටුම් අතර දෝලනය වන ස්ත්‍රී චරිතයක ගති ස්වභාව මැනවින් හඳුනාගෙන කරන ලද සියුම් රංගනය උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය සම්මානය පිරිනැමෙන්නේ 'ප්‍රවේගය' චිත්‍රපටයේ රඟපෑ දමිතා අබේරත්නටයි. හොඳම කැමරා අධ්‍යක්ෂණය
නිර්දේශිත ශිල්පීන්: 1. ජී. සෙල්වා - ප්‍රවේගය 2. රුවන් කොස්තා - මහරජ ගැමුණු 3. චන්න දේශප්‍රිය - හෝ ගානා පොකුණ ජූරියේ නිගමනය - රුවන් කොස්තා - මහරජ ගැමුණු
හේතු පාඨය
චිත්‍රපටයට ප්රස්තුත තේමාවට අදාළව අධ්යක්ෂවරයා විසින් ඉල්ලා සිටිනු ලබන රූප රචනය සිය ශිල්පීය කලාත්මක පරිඥානයෙන් ග්‍රහණය කර ගනිමින් ප්‍රකට කරන ලද ප්‍රතිභාව විශද කිරීමෙහිලා කැමරාකරණයෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය පිරිනැමෙන්නේ 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ කැමරා අධ්යක්ෂ රුවන් කොස්තාටය.
හොඳම තිරරචනය
නිර්දේශිත නාම: 1. ජයන්ත චන්ද්‍රසිරි - මහරජ ගැමුණු 2. ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක 3. ඉන්දික ෆර්ඩිනැන්ඩු - හෝ ගානා පොකුණ ජූරියේ නිගමනය - ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක
හේතු පාඨය
අපූර්ව අනුභූතියකට පසුබිම් වූ සමාජයක ජීවත්වන ගැහැනුන් හා මිනිසුන්ගේ ගුඪ ස්වභාවය, සිය පරිකල්පනීය ප්‍රතිභාවයෙන් විනිවිද දැක සිනමාත්මකව හා සංවිධිත ගුණයෙන් යුක්තව නිර්මාණය කරන ලද තිර රචනය උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම තිර රචනය සඳහා වූ සම්මානය පිරිනැමෙන්නේ, 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයේ තිර පිටපත රචනා කළ ප්‍රසන්න විතානගේටය.
හොඳම කලා අධ්‍යක්ෂණය
නිර්දේශිත නාම: 1. රොහාන් සමරදිවාකර සහ අරුණ ප්‍රියන්ත ධර්මපාල (මහරජ ගැමුණු) 2. ප්‍රියන්ත දසනායක - මගේ යාළු මාළු 3. සුනිල් ප්‍රේමරත්න - ඇඩ්ඩ්‍රස් නෑ ජූරියේ නිගමනය - රොහාන් සමරදිවාකර සහ අරුණ ප්‍රියන්ත ධර්මපාල - මහරජ ගැමුණු
හේතු පාඨය
සමස්ත චිත්‍රපටය තුළ නිරූපිත චරිත, ඔවුන් ජිවත්වන අවධිය හා පසුබිම අනන්‍යතාව රැකගනිමින් විශ්වසනීයත්වය නොබිඳෙන අයුරින් නිර්මාණය කිරීම උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම කලා අධ්යක්ෂණයට හිමි සම්මානය පිරිනැමෙන්නේ 'මහරජ ගැමුණු' චිත්‍රපටයට කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ, රොහාන් සමරදිවාකරට හා අරුණ ප්‍රියන්ත ධර්මපාලටය.
හොඳම සංස්කරණ ශිල්පී
නිර්දේශිත නාම: 1. රවීන්ද්‍ර ගුරුගේ - මහරජ ගැමුණු 2. අජිත් රාමනායක - ප්‍රවේගය 3. ඒ. ශ්‍රීකර් ප්‍රසාද් - ඔබ නැතුව ඔබ එක්ක ජූරියේ නිගමනය - රවින්ද්‍ර ගුරුගේ - මහරජ ගැමුණු
හේතු පාඨය
සංකීර්ණ සිදුවීම් සමුදායක්, ආඛ්‍යානය නොබිඳෙන පරිදි සංවිධිතව පෙළ ගස්වමින් කරන ලද නිර්මාණශීලී සංස්කරණය උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම සංස්කරණය සඳහා වන සම්මානය පිරිනැමෙන්නේ 'මහරජ ගැමුණු' සංස්කාරක රවීන්ද්‍ර ගුරුගේට ය. |