ජෝති සමුගෙන වසර 26 යි
ජෝති සමුගෙන වසර 26 යි
පාඨකයන් ගුණ අනුස්මරණයේ
මෙම මස 07 වැනිදාට මෙරට ගී කෙත අපූරුවට අස්වැද්දූ අසහාය ගායක එච්. ආර්.
ජෝතිපාලයන් සදහටම සමුගෙන වසර විසි හයක් සපිරේ. ඒ වෙනුවෙන් අප පාඨකයන් කිහිප දෙනෙකු
ඔහුගේ ගුණ අනුස්මරණය කළේ මේ අයුරිනි.
අප සසර පුරා
මේ නොනිමෙන ගී කතරේ
අඳුර නොපෙනෙනා තුරා
ගී ලොවේ ඔබ රජකු වෙලා
සැනසුවා අප සසර පුරා
කොලොන්නාවේ
විජේසිරි
අදටත් ජනප්‍රියයි
එච්. ආර්. ජෝතිපාල අප අතරින් වියෝ වී වසර 26 කට ආසන්නය. එනමුදු තවමත් ජනප්‍රිය
ගායකයා ඔහුය.
ලින්ටන් වම්මහර
ගායක ලොවේ රන් කිරුළ
සීත සුනිල් දිය දහරා කියමින්
ගැයවා සැම දිනේ
සිරිපා වැන්දේ ගෙත්තම් කරමින්
ගෙත්තම් පානේ
සිනාසුනේ ආදරයෙන් තුෂාරා
දෙස බලමින්නේ
ගායන ලොවේ රන් කිරුළ
හිමි වුණේ ඔබටමනේ
සිනමාපට බලන්නට පිරුණේ
දහස් ගණන් රසිකයින්
ඔබේ ගීතවල රස විඳින්නේ
බඹරුන් මෙන් ආශාවෙන්
එක ගීතයකින් රස විඳ
නොනවතින් පිරිසෙන්
ද වැඩි දෙනා දුක් වන්නේ
ඔබ නොමැති අඩුවෙන්
පාළුව පිරුණ හදවත්වල
වැපිරුවේ සතුටයි
ඒ සතුටෙන් සිත පිරිලා
සිනාසුනා සත්තයි
පාළුව දුක නැති කරන්න
දුන්නු මිහිර අනන්තයි
ජෝති අනේ ඔබේ ගීත
අසනා විට කදිමයි
ජෝති ගීවලට නැටුවේ
අපේ තරුණ කැල
අදටත් එහෙම්මයි රසය
ගීතවල
හදවත රත්තරං බව තේරේ
නොකළ මිළ
පෙම් හදවත සැනසුවේ
ඔබේ ගී හඬ අමිල
ආනන්ද සාගරේ මගේ මැණික්
ආකරේ කිව්වා
මේ ගී හඬට සැම දෙන
කුල්මත් වූවා
ආදරණීය කොවුල් නදට
ලොවක් වසඟ වූවා
රත්තරං හදවතක් සදකාලිකව
නිසල වූවා
සෝමා එච්. පතිරණ
කහවත්ත
යළි අප අතරට
රසයෙන් ද අනූන
ගුණයෙන් ද අනූන
ඔබේ ගී ගඟුල
අප සිත් සනහාලමින්
අද ද ගලා යයි
ජෝතිපාලයාණෙනී
ගුණ ගී වරුසා කොතරම් ගැයුව ද
ඔබ යළි අප අතරට එන්නේ නැත
එනමුදු
ඉතිරි කළ ගිය හඬම
අපට ඇතිය
තව කල්ප කාලාන්තරයක්
යනතුරු
ධර්මා ඒකනායක
මාතලේ
මහ පහන් ටැඹ
හදවත රත්තරං ජෝති
ගැයූ ගීත මිහිරැති
එදත් අදත් හෙටත් අපව සනසන
මහා පහන් ටැඹකි ජෝති
මංජුල පෙරේරා
පහළ කටුනේරිය
තිලකරත්න විල්වල
කෑගල්ල
පන්නරය
සිංහල සිනමාවේ දියුණුවට ජෝතිගෙන් ලද පන්නරය වචනවලින් කියා නිම කළ නොහැකිය.
පර්ෆෝමිං ආර්ට්ස් වැනි වචන නොමැති යුගයක ඔහු කළ ඉදිරිපත් කිරිම් අපව මවිත කර වීය.
රොහාන් සෙනෙවිරත්න
නවලෝක රෝහල
ඩඩ්ලි ගෝමස්
මොරටුව
කමල් ප්‍රියන්ත
නක්කවත්ත
රත්තරං හදවත
මානව හිතවාදී ගුණයෙන් හෙබි ජෝති රත්තරං හදවක් ඇති උතුම් පුද්ගලයෙකි. ජීවන ගමනේ
අඩ සියවස ඇරැඹෙද්දී අපෙන් සමුගත් ඔහු නිකම්ම නිකම් ගායකයකු නොවේ. තමන්ට ලැබුණ ගීතයට
හඬින් හැගුම් මුසු කොට ලගන්නා සුළු අංග චලනයෙන් යුතුව අපට ඉදිරිපත් කළ හෙතෙම සොඳුරු
මතකයන් ඉතිරි කොට නික්ම ගියේය.
ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව
සුනිල් මුහන්දිරම් කුරුවිට
කොතරම් මිහිරි ද
අද ගායකයන් ගයන ගීත ඇසීම කනට කටු ඇනීමක් මෙනි. ඒත් ජෝතිපාලයන්ගේ ගීත ඇසීම කනට
කොතරම් මිහිරිද. ඔහුගේ සෑම ගීතයකටම අර්ථයක් තිබේ.
අනුලාවතී
කුඩගම
අවිස්සාවේල්ල
රත්තරං හදවත
මානව හිතවාදී ගුණයෙන් හෙබි ජෝති රත්තරං හදවක් ඇති උතුම් පුද්ගලයෙකි. ජීවන ගමනේ
අඩ සියවස ඇරැඹෙද්දී අපෙන් සමුගත් ඔහු නිකම්ම නිකම් ගායකයකු නොවේ. තමන්ට ලැබුණ ගීතයට
හඬින් හැගුම් මුසු කොට ලගන්නා සුළු අංග චලනයෙන් යුතුව අපට ඉදිරිපත් කළ හෙතෙම සොඳුරු
මතකයන් ඉතිරි කොට නික්ම ගියේය.
ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව
සුනිල් මුහන්දිරම් කුරුවිට
හදවත දුක දැනේ වාවනු නොහැක මට
ඔබ වේ මහා ගායකයා මගේ රටට
සමුගත් දිනේ දැනුණා රට ජාතියට
නැඟි කඳුලැල්, තවමත් මතකයි නෙතට
යළි ඔබ එන්න ගයමින් රස ගී අපට
සෙනෙහස ළය දරා ඔබ ගැයු ගී මුවිනි
රජවරු මැතිවරු මුසපත් කළ බැවිණි
මින්දද වෙමින් ගී ලොව කළ මුත් රමණි
ඔබ ලද දෙයක් වෙද ඔබ දුන් දේ පමණි
මිලිනව ගිය මලකි ඔබ තවමත් සුවඳ
ිනයෙන් දිනේ ඒ මල සුවඳයි සුහද
තවමත් දහස් ගණනින් පිපුනත් නිබඳ
ඔබ මෙන් සුවඳ විහිදෙන්නේ නැත සබඳ
විසි හය වසයි ඔබ නැති වී දැන් අපට
එනමුත් ඔබ නැතැයි නොහැඟේ අප සිතට
ඔබ ගැයු ගීත වෙන හඬවල් ගයන විට
හදවත දුක දැනේ වාවනු නොහැක මට
එස්. ඒ. නිමල් සරත් පෙරේරා
ජෝතිපාල රසික පදනම
කැලණිය
ඉමිහිරි මිහිරි සුමිහිරි ගී රසය දිදී
ඔබ සැනසුවා පෙම් සිත් අම රසය දිදී
ඒ රස අද ද දෙසවන තුළ නිබඳ වැදී
ඔබගෙ නමට ආසිරි මල් පොකුරු බඳී
ඔබේ ගී ගගුල උතුරයි ඔබ නැති නමුදු
ඔබෙ හඬ රැව් නැගෙයි රස උතුරයි දැනුදු
වෙන් වී ගියද ඔබේ ගුණ කඳ නැත පලුදු
ගීී ලොව සදා එළි කළ ඔබ වෙයි දිනිඳු
දෙසවන පින් කළා ඔබෙ හඬ අහගන්න
දෙනයන පින් කළා රැඟුමන් දැක ගන්න
ඒ හඬ ඒ රැගුම දැක දැක සැනසෙන්න
මතු බවයෙදිත් විත් ගී ලොව සරසන්න
රංජනී ශ්‍යාමලී පීරිස්
සමගි මාවත
අගුලාන
ජෝතිගේ මතකයන් තවමත් රැව් පිළිරැව් දෙනු ඇත. ලෝකය පවතින තුරු ජෝතිමත් ගායකයකු
බිහි නොවනු ඇත.
දයාරත්න ගනේගොඩ
කැලණිය
කුඩා දරුවෙක් මෙන් හැඬුවේය
ජෝතිපාලයන්ව මා හඳුනා ගන්නේ මාගේ සීයාගේ මාර්ගයෙනි. මිල්ටන් පෙරේරා ද මාගේ
සීයාගේ හොඳ හිතවතෙකි. ඔවුන් දෙපොළ සීයාගේ නිවසේ දින දෙක තුන නවාතැන් ගෙන සිටියෝය.
ජෝතිපාල හා මිල්ටන් චීනඩි සටන් කලාව ප්‍රගුණ කළ අය බව අප්‍රකට කරුණකි.
තවද ජෝති සීයාගේ නිවසට පැමිණීමෙන් අනතුරුව හැසිරුණේ සාමාන්‍ය මිනිසෙකු පරිද්දෙනි.
1969 වර්ෂයේ අප සීයා මිය ගිය විට ජෝති හඬා වැටුණු අයුරු අදටත් මට මතකය. ඔහු එදා
හැඬුවේ පොඩි දරුවෙකුට නොදෙවෙනි වන්නටය. එකල මා පාසල් ශිෂ්‍යයෙකි. එනමුදු ජෝතිගේ
මනුසත්කම කිසි දිනෙක මා හට අමතක නොවන්නේය.
ලක්ෂ්මන් රණසිංහ
හේකිත්ත
වත්තල
ප්‍රතිචාර සැකසුම – ප්‍රසාද් සමරතුංග
|