|
අනුෂ්කාගේ ආදර මන්දිරය
නිළියන් සිහින මන්දිර ගැන කතා කරන්නේ විවාහයක් අභිමුවේදීය. එහෙත් අනුෂ්කා ෂර්මා නම් දැන්ම සිහින මන්දිරය ගොඩ නඟා ගෙන අවසන්ය. ඇය මුහුදු වෙරළක් ආසන්නයේ සුවිසල් නිවාස සංකීර්ණයක් පදිංචිය සඳහා තෝරාගෙන තිබේ. වර්සෝවා නම් අහස සූරන මැදුරේ ඇයගේ ආදරණීයයන් වන මාපියන් හා සොයුරා සමඟ එක්ව විසීමට දැන් ඇය සිහින දකින්නීය. එකම වහලක් යට පවුලේ අය ජීවත්වෙනවා දැකීම කවදත් ඇයගේ පැතුමයි. එහෙත් ‘පී. කේ.’ සහ ‘බොම්බේ වෙල්වට්’ සමඟ කාර්යය බහුල වී සිටින ඇයට ඊට වේලාවක් වෙන්කර ගැනීම නම් පහසු නොවෙයි.
සල්මන්ට රුමේනියානු පෙම්වතියක්
සාලු (සල්මන් ඛාන්) යි ලුලියයි දැන් ඉඳිකටුවයි නූලයි මෙන් එකිනෙකාට සමීප බව බොහෝ දෙනාගේ අදහසයි. එය විවාහයෙන් පරිපූර්ණවන ආදරයක් වුණත්, නොවුණත් දෙදෙනාගේ සමීප බව නම් සත්‍යයකි. රොමේනියානු සුරූපිනිය ලුලියා වැන්චර් දැන් නතර වී සිටින්නේ සල්මන් ඛාන්ගේ මාපියන් සමඟයි.
සංගීතා බිජ්ලානිගෙන් ඇරැඹි සල්මන්ගේ ප්‍රේම පුරාවෘත්තයට පාකිස්තානු තාරකාවක වූ සොමි අලි ගේ, ලෝ රූ රැජිනි අයිශ්වර්යා රායිගේ මෙන්ම කත්‍රිනා කායිෆ්ගේ නම ද සම්බන්ධය. කත්‍රිනා සමඟ විවාහවීමට පවා සල්මන් කැමැත්තෙන් සිටියත්, විවාහයෙන් දැන්මම වෘත්තීය ජීවිතය අඩාලකර ගැනීමට කත්‍රිනා එකඟ නොවූ නිසා එය ද අවසන් විය.
ලතා මංගේෂ්කාර් සම්මානය හරිහරන්ට
හරිහරන් භාරත දේශයට ජාතික වස්තුවක් වූ ගායකයෙකි. මලයාලම්, දමිළ, හින්දි, කන්නඩ, මරාතී, බෝජ්පූරි, තෙළිගු සිනමාපට සඳහා පසුබිම් ගායනා කරඇති ඔහු ගසල් ගායකයකු ද වෙයි.
සම්මානයත් සමඟ ඔහුට ලක්ෂ දෙකක ත්‍යාගයක්, ඵලකයක් පිරිනැමිණි. රෝජා, බොම්බේ, ජීන්ස්, ඉන්ඩියන්, තාල්, ශිවාජි, ගුරු, බෝඩර්, විරාසාත් සිනමාපටවල මිහිරි ගී තනු ඔහුගේය. ලතා මංගේෂ්කාර් සම්මානය ලැබූ විසි අට වැනියා හරිහරන්ය. ඔහු සැප්තැම්බර් – ඔක්තෝම්බර් මාසවල කැනඩාවේ හා අමෙරිකාවේ සංගීත සන්දර්ශන පැවැත්වීමට නියමිතයි.
අහිමි වුණත් චිත්‍රපට
සිනමාවට පිවිසි දශකයක කාලයේදී ඇය රුපියල් කෝටි සියය ඉක්මවා ආදායම් ලැබූ සිනමාපට ගණනාවකටම රංගනයෙන් දායක වී තිබේ. ඇය බොලිවුඩයේ ඉහළම මිලක් අය කරන තාරකාවක් ද වන්නීය. කත්‍රිනා මේ වන විට සුපිරි ඛාන්වරුන් වන ෂාරුක්, අමීර්, සල්මන් යන තිදෙනාම සමඟ රඟපා ඇත. යෞවනයේ හද දිනූ තරුව රන්බීර්ට ද ඇය තිරයේ පෙම්වතිය වූවාය. මෙවැනි ප්‍රතික්ෂේප කිරීමකට හේතුව ඇය සිනමාපට නිෂ්පාදනයට අත ගසන්නට බලාපොරොත්තුවෙන් සිටීම බව සමහරු පවසති. මේ වසරේදී ඇය රැගූ විශාල වියදමක් දරා නිපදවන ලද ‘ඩූම් 3’ සහ ‘බෑන්ග් බෑන්ග්’ තිරගත වීමට නියමිතයි.
කිරුළ අහිමි ඩියෝල් දූවරු
එනිසාම ධර්මේන්ද්‍ර, හේමා මාලිනී යන සුපිරි තරු යුග්මයේ බාල දියණියගේ තෝරා ගැනීම වී ඇත්තේ විවාහයයි. ඇය පසුගියදා ව්‍යාපාරික වභව් වෝරා සමඟ විවාහ ගිවිස ගත්හ. දියණියන් රංගනයට එක් වෙනවාට ධර්මේන්ද්‍ර කවදත් මනාපයක් දැක්වූයේ නැත. පියාගේ ආශිර්වාදය නොලබා ක්ෂේත්‍රයට පිවිසි දියණිවරුන්ගේ සිනමා ගමන ද සාර්ථක නොවීය. අහානා, ඊශාට ද වඩා ලජ්ජාශීලි තරුණියකි. මව හා සොයුරිය සමඟ දැන්වීමක පෙනී සිටීම හැර ඇයගේ වෙනත් කිසිදු රංගනයක් දක්නට ලැබී නැත. ඔඩිසි නර්තනයට සුවිශේෂී හැකියාවක් දක්වන අහානා, කලක් බොලිවුඩයේ සිහින තාරකාව වූ මව, හේමා මාලිනී තරමටම සුරූපීය. ඇය සිනමාවට එක් නොවීම එනිසා සිනමා පරපුරක වටිනා උරුමයක් අහිමි වීමකි.
|