වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සරත් හැඩ කළ ජෝති ගී සර

සරත් හැඩ කළ ජෝති ගී සර

එච්. ආර්. ජෝතිපාල හා සරත් ද අල්විස් සුසංයෝගය මෙරට වාණිජ සිනමාවේ ආකර්ෂණීය, සොඳුරු ගීතාවලියක් බිහි කරලීමට සමත් වූ බව නොරහසකි. සරත් ද අල්විස් හා හා පුරා සංගීතවත් කළ ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයෙන් ජෝති හොඳම ගායකයා ලෙසින් සම්මානයට පත්‍ර වූයේ එකී නිර්මාණ සුසංයෝගයේ සාර්ථකත්වය මොනවට විදහා පාමිණි. ජෝතිගේ අකල් වියෝවත් සමඟින් එකී නිර්මාණ සබැඳියාව බිඳ වැටුණද ඔවුන්ගේ දායකත්වයෙන් බිහි වූ එම ගීතාවලිය අදටත් ජනපි‍්‍රයත්වයෙන් වියැකී ගොස් නැත.

මෙම ජූලි 07 වැනි දාට සදාදරණීය ජෝති අප අතරින් වියෝ වී පුරා වසර විසි හයකි. සරත් ද අල්විස් නමැති සොඳුරු සංගීතවේදියාගේ නිර්මාණ දිවියට ද දැන් වසර හතළිස් පහක් සපිරේ. ජෝතිගේ විසි හය වැනි අනුස්මරණය යෙදී තිබෙන මෙම 07 වැනි දාට පෙර දිනයේ එනම් 06 වැනි දා සරත් ද අල්විස් ගේ ‘සරත්සර වින්දන’ සංගීත සැදෑව පැවැත්වීමට නියමිතය. මේ ගී මල් පොකුර පිදෙන්නේ ඔවුන් දෙදෙනාටම උපහාරයක් ලෙසිනි.

රස මියුරු ජෝති ගී

දිලි දිලි දිලිසේවි

දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ
කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා
ඉන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය
ගන්නේ //
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

ඇස් බැන්ඳුමක් වාගෙ මේ ලෝ තලේ
මොහොතින් බිඳී යාවි සිතු සෑමදේ //
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී //
මල්වර වී යෞවනේ සල් වනේ ආදරේ

කවුදෝ මවාපාන මායාවකී
ඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකී
ඔහුගේ දෑස ඔබ සොයා එන්නේ
සැඟවූණ රහස නෑ කෙනෙක් දන්නේ
මල්වර වී යෞවනේ සල් වනේ ආදරේ

පදමාලාව - ශ්‍රී නිහාල් ජයසිංහ
සංගීතය - සරත් ද අල්විස්

දුහුල් මීදුමේ

දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරී හිඳී නෙත් ඇරන්
නුඹෙ නාරි ගේන හැඟුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්

ගස වට කරනා මේ මල් පිපුණා
අතු ඉති සැදුණා හැම දවසේ
ඇයි අද වාගේ පෙර කවදා හෝ
විසිතුරු නැත්තේ මේ පියසේ
මිහිරි කුරුල්ලෝ අදයි ගෙනාවේ
පෙම් කව ලියවූ පොත අපගේ
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ
නිමල් නිල්වලා සෙමින් ළංවෙලා
රටාවන් අඳියි වලා මංඩලේ
කවුරුන්ද ඇඳුණේ එවන් රූ තුළින්
එය මාද නැහැනේ ඔබයි ඒ ළඳුන්
මට තාම සීතයි මගේ රත්තරන්

පදුම කුමාරී පත්ම වනේ හී
මේ ලස්සන පෙර නැහැ දුටුවේ
මිටියාවතෙහී දිය ඇලි අතරින්
අප මේ ලෙස පෙර නෑ බැලුවේ
ඇඟිලි අගින් හෝ පනින පවන් හී
ඉන්න එපා ඔබ මට නොදැනී
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ

පදමාලාව - අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
යුග ගායනය – ලතා වල්පොල

මල්වර වසන්තේ

මල්වර වසන්තේ චාමර සලා
නොදුටුව කුරුල්ලෝ එති පියඹලා
අද දින උදාකළ සූරිය කුමරුනි
වරමින් ඔබේ අප දෙදෙනා හමුවුණේ
කඳුළැල් සමීරේ අපි තනිවෙමු

ඔබටයි ප්‍රියේ මා ආදරේ
ඒ පෙම් හැඟුම් පවසන්න හිතෙනවා
මට ඇයි පි‍්‍රයේ ඔබ ආදරේ
සැලි සැලි ලවන් විමසන්න හිතෙනවා
අරුමය එයයි හිරු දුටු නිමේෂයෙන්
හිත හිනැහුණේ ඇයි සීනු නාදයෙන්
කඳුළැල් සමීරේ අපි තනිවෙමූ //

සහසක් දනෝ අතරින් සදා
ඔබගේ රුවයි මා සොය සොයා ගියේ
නොදැනිම පවා රේඛාවකින්
ඔබේ පිළිරුවයි තිබුණේ ඇඳී ළයේ
අරුමය එයයි අප දුටු නිමේෂයෙන්
අපි හිනැහුණා සිත් සීනු නාදයෙන්
කොතනක කොහේ හෝ පෙර දුටු
ලෙසින්
පෙර අත් භවේ හෝ හමුවුණ සෙයින්
සියොළඟ ඔබේ හුරු නුහුරු සුවඳ දේ
සිතිවිලි පුරා පෙම් කැකුළු පිළිසිඳේ
කඳුළැල් සමීරේ අපි තනිවෙමූ

පදමාලාව - අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
සහාය ගායනය – ලතා වල්පොල

දිය කිඳුරිය සේ

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

දේහ ලතාවේ රූ සිරු වරුණේ
නොදැනී මේ ලෙස යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා හද පාවෙලා
ගිනි දැල් පරදා හස කැන් නැගුණා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා

දෙදෙනා හමු වී පෙර දා සසරේ
උන්නා සේ මට ළං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැණුනේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක මිදෙනා පිනි මල වාගේ
ඔබ ඇසුරින් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා

පදමාලාව - උපාලි ධනවල විතාන
සංගීතය - සරත් ද අල්විස්

ඉපදී ලොවේ

ඉපදී ලොවේ නවාතැන් පළේ
මිනිසා රඟයි රංගනේ
භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහා කඳුළූ එනවා යනවා

මේ සිහින ගමනේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමුවී
යායුතු මග මේ වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය
වෙනවා
මායාවේ නළුවෝ අපී

නොනිමන්න මිතුරේ පහනේ චායා
කිසිදා මේ අත්භවේ
සුදිලේවි හැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතු දා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මණ්ඩලේ

පදමාලාව - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්

සහෝ මේ පාරම්

සහෝ මේ පාරම් යාළු කමට හෙල්ලුවේ
හැබැයි බොරු පාරම් වීදි පොරෙන් තල්ලුවේ
නැතේ රුපියල් සතවලට දෙපා ඇල්ලුවේ
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන්
ඉල්ලුවේ
නැතේ රුපියල් සතවලට දෙපා ඇල්ලුවේ

ජංගි කොටේ ඉනට ඇඳන් හිටපු එකා රජෙක්
වෙලා
රජා වගේ හිටපු එකා ජංගි කොටෙත් නැතුව
යතා
සහෝ මෙ පාරම් නෑ බොරු පාරම් ඒ
පුරසාරම්
මා ළඟ නෑ බං //
නැතේ රුපියල් සතවලට දෙපා අල්ලා
අපි රජ වෙන්නට හදලා අපි අපේ එවුන්
නසාලා //

දබර කළේ දඟරෙ වගේ රුපියල් සතවලට
නොවේ
රුපියල් සතවලට නැමී හිටපු එකා දෙකට
නැමේ
සහෝ මෙ පාරම් නෑ බොරු පාරම් ඒ
පුරසාරම්
මා ළඟ නෑ බං //
නැතේ රුපියල් සතවලට දෙපා අල්ලා
අපි රජ වෙන්නට හදලා අපි අපේ එවුන්
නසාලා //

පදමාලාව - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් ද අල්විස්
සහාය ගායනය - ප්‍රෙඩී සිල්වා

නිදි නැති රෑ යාමේ

නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ ගීතේ ගීතේ ගීතේ
සවන් සැනහේවා රාව පැතිරේවා
සැවොම තුටු වේවා වාසනාවේවා

ගී පොත මා සතු වේවී
ලොව ගී රජ දහනක් වේවී
මීවිත පිරි ඉතිරේවී
ඔබ ඒ මිහිරෙන් නැළවේවී
සිතට කොඳුරා ඔබට කියනා
රහස ගීය තමා

පාළුව ඈතක පාවි
සහනේ සැනසුම් සිහිවේවි
මේ ලෙස කාලය යාවී
අද රෑ ගතවී එළි වේවී
අදට තිබෙනා හෙටද ලැබෙනා
සතුට ගීය තමා

පදමාලාව - හේමසිරි හල්පිට
(ප්‍රථම චිත්‍රපට ගීතය)
සංගීතය - සරත් ද අල්විස්

රුවන් වලා

රුවන් වලා විමානේ
සිරියහනාවෝ දුටුවාදෝ
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ

මේ දෑත සීතල ඇයිදෝ
මට කොඳුරන්න පවසා ළඳේ
නෑ තාම උණුසුම කුමරෝ
යමු තනි වෙන්න මිටියාවතේ
ළං වෙන්න ළඟ ඉන්න කුමරී
විලවුන් විජිතේ මගේ වාසනා

කඳුයාය අතරේ සුහදේ
පෙම් විහඟුන් පාරාදීසයේ
මධු චන්ද්‍ර ඇරයුම් ගයනා
අර ඇසුනාද මනමාලියේ
පවසන්න මට ළංව කොඳුරා
මා පෙර නෑසු පෙම් ගායනා

පදමාලාව - අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
යුග ගායනය – ලතා වල්පොල

විල්ලුද පුංචි දෙපා

විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
මට රිදවන්න එපා මග හැර යන්න එපා
තරහා වෙන්න එපා මේවගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
මේ හැටි ආඩම්බරදෝ පූරුවේ පිනින් ලැබූ
මගෙ දේවී

උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ
ඉන්නේ මං නේදෝ සීදේවී
සිත වාවන්නෙ නැතේ දිවි නහගන්න සිතේ
ඩිංගක් හිනැහෙන්කෝ සීදේවී
සරදම් චාටු කතා මට කීවාට ගොතා
ආයෙත් රැවටෙන්නෙ නෑ මායම් අරුමෝසම්
වරදීවී
ගිනියම් අව්ව වැදී හැඩ රුව යාවි මැකී
මගෙ හිත ඒ හින්දා වැලපේවී
පියුමට සුවඳ වගේ සුවඳක පියුම වගේ
සිතිවිලි අප දෙන්නාගේ
දවසක මං ලොකේ රජ වේවී
මට රිදවන්න එපා මග හැර යන්න එපා
තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී මේ හැටි
ආඩම්බරදෝ
පූරුවෙ පිනින් ලැබූ මගේ දේවී
අව්වට යන්නෙ නැතී සිත රිදවන්නෙ නැතී
තරහා වෙන්නෙ නැතී මා ප්‍රියේ
මා සිත ආදරයෙන් හිනැහේවී

පදමාලාව - අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
යුග ගායනය – ලතා වල්පොල

සංගීත මඬලේ

සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ
නිර්මාණ ගී ශිල්පියාණෝ
සීගිරි ලෙනේහී රූ අප්සරාවන්
ඇන්දා වූ ඒ සිත්තරාණෝ
කව් ගී ලියූවෝ පිළි රූ නෙළූවෝ
වෙන්වී ගියත් ලෝ නියාවෙන්
ආකාශ තලයේ ඔවූහු සරන්නෝ
දෙවි දේවතාවුන් විලාසෙන්

ප්‍රාකාර හෝ රාජ සිහසුන් පවා ලෝ
වැනසේවි නටබුන් සොබාවී
ගංගා තලා සාගරේ වාලුකා දී
වැලපේවි ලෝකාන්තයේහී
ඔබගේ කලාවයි යුගයෙන් යුගයෙදී
මේ කල්පයේ ශේෂ වන්නේ
අප හෘද කැටපත් පවුරේ සදා කල්
ප්‍රිතිරූප ඔබගේ ඇඳෙන්නේ
නාමෙන් ඔබේ මා ළයේ වේදනාවෝ
කම්පාව හඬනාවු යාමේ
විස්කම් කලාකාමී මිතුරෝ
ඔබේ ගී ඇසේවා මිහිතලා ඇතිතුරු
නාමයෙන් ඔබේ අරුණු මල් පිපෙයි
කිරි සා පිපාසෙන් හඬනා බිළින්දන්
කඳුළේනී ඔබගේ කලාවයි
ගිනියම් දවාලේ දිලිඳුන් හෙළූ ඒ
ඩා බින්දු ඔබගේ කලාවයි
ලිය මඩුලු අතරේ නිල් පලිඟු වතුරේ
රේඛාව ඔබගේ කලාවයි
මේ සක්වලේ හී ඔබගේ කලාවෙන්
මිතුරෝ ඔබත් ජීවමානයි

පදමාලාව - අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්

ආශා ආශා

ආශා ආශා ඇගෙ නිල් දෑසේ ආශා
මනසානන්ද මායා ආශා හද වීණා වයා
මා හා ඈ වෙළි වෙළි පෙම් ගුම් දී සිතිවිලි
දැන් දැන් ඒ සැනසිලී මං ළංවී
ඉන්න යාමේ මන්දහාසින් එන්න මාගේ
සිහිනය වී

මංගල රංගන ලෝ තලයේ
ඔහු ඒ ලොව මා පය පාමුලේ
ගීත ගයාලා //
සීනු හඬවා යෞවනයේ ඈ හා මා රඟ රඟ
රන්වන් පෙම් ළඟ ඉඳ
මල් මල් මෙන් සලිත වෙලා
මා හා ඈ වෙළි වෙළි පෙම් ගුම් දී
සිතිවිලි දැන් දැන් දේ සැනසිලි
ළං ළංවී ඉන්න යාමේ මන්දහාසින්
එන්න මාගේ සිහිනය වී

ආලකමන්දා රාජයේ ඈ රැජිනී මා රජු
මේ රැයේ
ගීත ගයාලා //
ගිලෙමු අනුරා ගංගාවේ රුං රුං බඹරුනි
රන් රන් රන් මොනරුනි
යං යං යං සතුට සොයා
මා හා ඈ වෙළි වෙළි පෙම් ගුම් දී සිතිවිලි
දැන් දැන් ඒ සැනසිලි මං ළංවී
ඉන්න යාමේ මන්දහාසින් එන්න මාගේ
සිහිනය වී

පදමාලාව - අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්

ජීවිතේ තරුණ කාලේ

ජීවිතේ තරුණ කාලේ
එකසේ නොරැඳේ
සොයමී සෑම වේලේ
සිතුදේ පැතුදේ //

ආදර රසේ සිතු සේ ලබන සේ
බඹරා බමන සේ යමි මං නිදහසේ
සතුටයි දුකයි එකසේ දැනෙයි
අනන්ත සුන්දර දිවිමල් උයනේ
ජීවිතේ තරුණ කාලේ......

රෑ ගනඳුරේ දිලෙනා පහන සේ
බාධා මැද මෙසේ බලමී ලොව රසේ
අහසයි බිමයි නිවසයි මගේ
හෙටක් කෙරේ නෑ විශ්වාසේ
ජීවිතේ තරුණ කාලේ......

මහද නමැති

මහද නමැති වන බඹරා
ළංවී කනට ඔබේ
ආදරේ කියයි මෙසේ..ම්..ම්..ම්..

මලින් මලට ඉගිලිලා
රොන් උරන්නෙ නෑ මෙමා
ඉගිල එන්නේ ඔයා ළඟටනේ...
කටු අත්තක හැංගිලා
අයින් වෙන්නේ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ...
රස මියුරු මේ සැන්දෑවේ
ආදරේ කියයි මෙසේ..ම්..ම්..ම්..

සිඟිති ඔබට වෙහෙස දී
හිරු නැගෙන්න පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ...
හෙටක් නොමැති අප ලොවේ
අද පමණයි හමුවුනේ
ඉතින් කිමද තව ළතවෙන්නේ...
රස මියුරු මේ සැන්දෑවේ
ආදරේ කියයි මෙසේ..ම්..ම්..ම්..

වයන්න සිතාරෙ

වයන්න සිතාරෙ වයන්න ඔබේ
සංසාරෙ මා දන්නා වූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණේ...//

අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ ප්‍රේම උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ල තව ළංවෙලා
කියා දෙන්න මා ඉන්නේ දෙසවන්
හෙලා

මමයි අහස ඔබ අහසෙ සඳ රාජිනී
ඔබයි දෝත එම දෝතේ මා මී පැණී
තුරන් වෙන්න අසමාන හද සෝගිනී
මගෙන් ගීත අහගන්න රස කාමිනී

මලින් පිරී ගිය

මලින් පිරී ගිය විසල් වනේ
පියාසලා යන කුරුල්ලනේ
මගේ ප්‍රියාදරි සොයා ගොසින්
හිතේ තියෙන දුක කියව් අනේ....

ඇය දැකගන්නට පිබිදුන නෙත් යුග
රෑ යාමෙත් නැහැ පියවෙන්නේ
සිසිල තුරුලුකර එන මුදු මදනල
ඇයගේ සුවඳයි ගෙන එන්නේ....

කරල් කපන කල දර අහුලන කල
දිය ගෙන එන කල බඩවැටියේ
පියුමෙහි හිරවුනු බඹරෙකු විලසට
මා ඇය ළඟ තනියට හිටියේ....

තෙල් මල් අරගෙන පෝදින පන්සල්
ගිය හැටි මට දැන් සිහිවෙනවා
අද ඔබ තැනකය මා තව තැනකය
මගෙ හදවත දැන් වැලපෙනවා....

ඔබ ළඟ ඉන්න

ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න
මගෙ වාසනා
මා අමතන්න සනසන්න
මගෙ වාසනා....//
රැව්දේ හඬ රැව්දේ
සැතපී ඔබ මහදේ...//
ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන
පහන් මොටද රන්වන්....

සිහිනෙන් ඔබ එනවා
සතුටින් පොපියනවා....//
ඔබ ගැන මතකය මතක තියාගෙන
මම තනිවම ඉන්නම්

මා ළඟ හිනැහී

මා ළඟ හිනැහී ඉන්නව නම් ඔබ
පී‍්‍රතිය මාගෙයි සෑමදා
මා ළඟ හිනැහී ඉන්නව නම් ඔබ
ලෝකය මාගෙයි සෑමදා.....

සම්පත සුන්දර බව ලෝකේ
ඇයි සෑමදාම මතු වී යන්නේ
පුහු භේදේ නෑනේ මෙහි වේ විනෝදේ
//
මෙය වේ ජීවන තාලේ
රන් මිණි මුතු කාසී දැකලා නෑනේ
සුන්දර බිම මේ...//

උදයේ පිපි නෙළුම් මලක් සේ
ඔබ මාගේ ජීවිතේ සනසාවි ජීවේ
ඔබ රෑ පිපි කුමුදක් වාගේ
මගෙ ජීවිතේ සනසාවි ජීවේ
පෙම් රස පිබිදෙන්නේ පිවිතුරු තාවේ
සුන්දර බිම මේ...//

හිටින්න පොඩ්ඩක්

හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා

ඔච්චර කේන්ති ගියෝතින්
වයසට යයි ඔයා
ලස්සන හාමිනෙ පොඩිත්ත
නාකි වෙයි ඔයා....//

ශාන්ත දාන්ත වුණාම
මා ළඟ ජෝඩු වේ
නෝනට කේන්ති ගියාම
මට හරි පාඩුවේ....//

නව මිණි රන් මුතු

නවමිණි රන් මුතු ඇත පිරිලා
කප්රුක මැවිලා අතු ලියලා
ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක
කුමටද සක්විති රජෙකු වෙලා

වැලි කතරෙහි කෙම් බිම් හැදිලා
දිය නැති විල් තුළ මල් පිපිලා
ඔබේ සුවඳවත් නැති ලිය ගොමුවක
කුමටද මට සමනලෙකු වෙලා

දිනපති තරුපති එකතු වෙලා
දෙපසේ සිටියත් සිනහ සලා
ඔබේ දසුන නැති පරාදීසයක
කුමටද සිය වසරක් ඉඳලා

අහසෙ ලියූවත්

අහසෙ ලියූවත් - පොළොවෙ
කෙටූවත්
කළ නොහැකිය නිම්...ඕ.....
පුවත අපේ පෙම් //
ආයන්නෙන් ආදර ගීතේ – මුලින් ලියූ
සිහින පොතේහී
සීගිරියේ ගී වැල් වාගේ -
දෙදෙනාගෙම මතක තියේවී
දේදුන්න සේ මැකී නොයේවා - ආවත්
වියෝග අන්ධකාරේ //
අහසෙ ලියූවත්.....
මුව පියුමේ උතුරන සීනේ – මම
නිරතුරු රැඳෙමි දයාවී
අපි ගැන පඬිවරුද කතාවී – මතු
ඉතිහාසය ද කියාවී
රාමා සීතා කතන්දරේ මෙන් –
යුගයෙන් යුගයට එය පැතිරේවී //

කඳුළු හෙළූ දෙකොපුල් යහනේ –
විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට අත් වැල් පටලා - දිවි
ඇති තුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු -
ආදරයේ තනි නවාතැනේ මේ //

ආලය කාටත්

ආලය කාටත් පොදු දෙයකී
එය පී‍්‍රති විනෝදය දෙන දෙයකී
යෞවන වසසේ සිහිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී
ඔව්...හෝ...හෝ...

ජාතිය ආගම කුලබේදේ
සහ වස්තුව තත්වය යන මේ දේ //
ආලය හමුවේ පරාජය වේ
යස නීතිය මේකයි ප්‍රේම ලොවේ

ආලය වීණාවක් වාගේ
මෙහි තත්සර මවනා මුල් වාගේ
වයනා තාලෙට සුමිහිරි වේ
මවනා සැපතා සුර සැප වාගේ

හංගා ගල් ලෙනේ

හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
දිනු පෙම් කුමරා සුපෙම්
රුංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ

ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම්
මා මෙන් පෙමින් බැඳී
මුදවා ගෙනාවලු හැංගූ කුමාරිකා

ඊයේ වාගේ හමුවන්න ආසයි
හැන්දෑවේ බාධා මකා දමා
ආදර වසන්තියේ එන්නම් ඔයා සොයා

ශුද්ධ වූ චේතනා

ශුද්ධ වූ චේතනා ඔබ මාගේ
ඉටුවේ පැතුමන් වාසනාවේ //

අඳුරින් එළියක් හමුවේවා
ක්‍රෝධය වෛරය දුරු වේවා //
නොවේවා හිංසාවන් පීඩා
හදවත් සුවදින් නැහැවේවා

එක හිරු සඳු යට අපි ඉන්නේ
ජාතිය සමගිය පතුරන්නේ //
එක මවකගෙ දරුවන් වීලා
එකමුතු වෙමු අතිනත පටලා

හිතේ දුකාක්

හිතේ දුකාක් නැතී මිනිහා
මේ ලෝකේ දැනගත් මිනිහා
එයා තමයි දුක නැති මිනිහා
ඔව්..ඔව්.. එයා තමයි දුක නැති මිනිහා

මෑණියෝ මා නැළවූ ආදරේ
දැක්කේ නෑ දෑසින් මා පෑ සෙනේ
අක්කාගේ ප්‍රේමය හින්දා ඒ හැමා
දැනුණේ නෑ පී‍්‍රතියෙනී ජීවිතේ
දුක් වන්නේ නෑ මා අක්කා හින්දා මේ
සෑමදා

පිපුණු මල් වගේ හාදු දී
නටති හැමදෙන වී පොදී
ස්ථීර නෑ මේවා නම් සෑමදා
පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා වස්තු ගෙනියන්නේ නෑ
අපී

පතනා දේ

පතනා දේ සුන්වේ නම්
නොසිතූ දේ සිදු වේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන් //

සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක් වෙන්නේ
කිසිවක් නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිනි බඳුවේ...//
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්...//

ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක් කුමකට ලැබුණාදෝ
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්...//

පහන් ටැඹ

පහන් ටැඹ යට -
සොහොන් කොත ළඟ
කවුද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬදෝ ඇසෙන්නේ

ඔබ වියෝවින් වේදනාවෙන්
මිහිරි පොද වැටුණු දවසක
නෑ සියන් කරවටින් මා
ගෙන ගියා ඔබ සොහොන් පිටියට

ඒ සොහොන් කොත පෙනෙන මායිමෙ
පුංචි කුටියක කවුළුවක් ළඟ
බලා ඉන්නෙමි සිතින් හමුවී
කියා ගන්නට සිතට බැඳි පෙම