|
මම ක්ෂේත්‍රයට ආවේ රංගන ශිල්පියකු විදිහට . . .
යුගයේ ජනප්‍රියම ටෙලි නාට්‍ය රචකයකු හා කතාබහක්
සුනන්ද සිල්වා
ඔබ අතින් රචනා වූ ‘මලී’ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍යයක්. එහි දෙවන කොටස ලෙස මේ දිනවල විකාශය කෙරෙන ‘අත්තම්මා’ටෙලි නාට්‍යය ගැන මුලින්ම කතා කරමු? දෙරණ රූපවාහිනි ආයතනයේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ ආරාධනාවකට අනුව තමයි මලී ටෙලි නාට්‍යයේ දෙවන කොටස ලෙස අත්තම්මා කතාව පිටපත් කරන්න පටන් ගත්තේ. මේ අදහස කාලයක් පුරා මගෙත් ඔළුවේ තිබුණා. මෙහි අත්තතම්මා ඩිංගිරි වෙද නෝනා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි විශ්ව ශක්තිය සමඟ කටයුතු කරන කාන්තාවක්. එය තරමක් සුවිශේෂ චරිතයක්. ඒ වගේමයි මෙය අනෙකුත් කතා තේමා අතර වෙනස් කතා තේමාවක් රැගත් ටෙලි නිර්මාණයක්. ඒ නිසාම බොහෝ දෙනා මේ පිළිබඳ කතා කරනවා. ගොඩක් හොඳ අදහස් ප්‍රතිචාර දක්වනවා. ඒ පිළිබඳ තියෙන්නේ විශාල සතුටක්.
ඔබ ක්ෂේත්‍රයට පැමිණි ගමනේ ආරම්භයත් සිහිපත් කළොත්? මේ ගමනේ ආරම්භය වේදිකාවයි. රංගන ශිල්පියෙක් විදිියට තමයි මේ ගමන ආරම්භ කළේ. ‘උතුරේ රාහුල’, ‘උරුවිසි’, ‘ගුරු දිවයින’ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක රංගනයෙන් දායක වුණා. මුලින්ම ලිව්වේ කෙටි නාට්‍ය. 1983 දී රචනා කළ ‘පාරාජිකා’ නාට්‍යය යෞවන සම්මාන උළෙලේ සම්මාන 9 ක් සහ ‘රාජකීය වෙන්දේසිය’ ජාතික නාට්‍ය උළෙලේ සම්මාන දිනා ගන්න සමත් වුණා. මගේ ගම අනුරාධපුරය. අසූ ගණන්වලදී මම කොළඹ ආවා. ඒ දවස්වල දමයන්ති ෆොන්සේකා මහත්මිය හඳුනා ගැනීමත් සමඟ මාලිනී ෆොන්සේකා මහත්මියත් හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. දවසක් මාලිනී අක්කා හොඳ ටෙලි නාට්‍යයක් ලියල දෙන්න කියල මට කිව්වා. මීට කලින් මම ටෙලි නාට්‍ය පිටපත් ලියලා තිබුණේ නැහැනේ. මාලිනී අක්කාගෙන් අහගෙන තමයි පළමු පිටපත ලිව්වේ. එදා පටන් අද දක්වා ටෙලි නාට්‍ය පිටපත් ලියනවා. මාලිනී අක්කා තමයි මගේ ගුරුවරිය වුණේ. මම රචනා කළ පළමු ටෙලි නාට්‍ය වුණේ ‘රන්ගිරිදඹ’. ආනන්ද ෆොන්සේකාගේ ‘කෙම්මුර’ නාට්‍යයේ මාලිනී අක්කා හොඳම නිළිය ලෙසත් සම්මාන ලැබුවා.
අද බොහෝ ටෙලි නිර්මාණ නවකතා ඇසුරින් නිර්මාණය කිරීම බහුලව දක්නට ලැබෙනවා. ඔබේ නිර්මාණත් මෙයට ඇතුළත් ද?
ඔබ ටෙලි නිර්මාණ රැසකට පිටපත් රචනාකර තිබෙනවා. කොහොමද එකිනෙකට වෙනස් වන ලෙසින් මෙවැනි නිර්මාණ කෙරෙන්නේ? මම හැම වෙලාවකම බලන්නේ එකිනෙකට වෙනස් නිර්මාණ කරන්නයි. මම විවිධ පැතිවලින් අත්දැකීම් ලබල තියෙනවා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු සතුව තිබූ වෙළෙඳ සැල්වලත් මම වැඩ කළා. එහිදී විවිධ පුද්ගලයන් හමු වුණා. ඒ වගේම මාලිනී අක්කා සමඟ නිර්මාණ කටයුතුවලට දායක වන අවස්ථාවල විදෙස් සංචාරවලට පවා සහභාගිවෙන්න අවස්ථාව ලැබුණා. මේ හැම දෙයකින්ම මට ලැබුණු අත්දැකීම් ගොඩක් වටිනවා. ඒ වගේමයි මම නිතරම පොත් කියවනවා. මම ගමේ ඉපදිලා හැදිලා වැඩිලා නගරයේ ජීවත් වෙන පුද්ගලයෙක්. ඒ තුළින් ලද අත්දැකීම් සම්භාරය මේ හැම නිර්මාණයකම සාර්ථකත්වයට හේතුවයි. ඒ වගේම ටෙලි නිර්මාණයක් සඳහා මාලිනී අක්කා සමඟ අහිගුණ්ඨකයන් වෙසෙන ප්‍රදේශයකට පවා ගියා. ‘දෙපත් නයි’, ‘යශෝ මන්දිර’, ‘සරා’ වැනි ටෙලි නාට්‍ය වගේම ඉසුරු සංග්‍රාමය, අත්තම්මා වැනි ටෙලි නාට්‍ය වගේම එහි චරිතත් එකිනෙකට වෙනස්. සමාජයේදී හමුවන විවිධාකාර චරිත, අත්දැකීම් මට ගොඩක් වැදගත් වුණා. ඒ වගේම බල කලාට මම ලියන්නේ නැහැ. මම කැමැති නම් විතරයි ලියන්නේ.
ටෙලි නාට්‍ය පිටපත් රචකයෙක් විදියට මෙගා නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස? ඉස්සර නම් ටෙලි නාට්‍යයක් කොටස් 40 ක් වගේ සංඛ්‍යාවකට සීමා වුණේ. අද ඊට වඩා ගොඩක් වෙනස් වෙලා. කොටස් 40 ක් වැනි ගණනකට සීමා වුණු ටෙලි පිටපතක් වගේ නෙවෙයි දැන් මෙගා නාට්‍ය පිටපතක් ලියන එක වෙනස්. මෙගා නාට්‍ය පිටපතක් ලිවීමේදී අධ්‍යක්ෂ, නිෂ්පාදක සමඟ සාකච්ඡා කරමිනුයි එය රචනා කෙරෙන්නේ. ඒ වගේම තමයි පවතින වාරණයන් සමඟින් අපට සීමාසහිත වෙන්න සිදු වෙලා තියෙනවා. අද බොහෝ දෙනෙකුගේ චෝදනාවක් තමයි මෙගා ටෙලි නාට්‍යවල ඒකකාරී බවක් දක්නට ලැබෙනවා කියලා. මම දකින පරිදි පවතින වාරණ තුළ රචකයා සීමාසහිත වීම තමයි එයට හේතුව.
ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් පිවිසියා. ඒ ඔස්සේ ඉදිරියට යන්න අදහසක් නැද්ද? ‘පිණි කුණාටුව’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා. මාලිනී, අනුලා කරුණාතිලක එහි රංගනයෙන් දායක වුණා. ඊට අමතරව සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරලා තිියෙනවා. නමුත් මම මේ දක්වා ඉදිරියට එන්න ලැබුණේ පිටපත් රචකයෙක් විදියට. ලිවීම තමයි මගේ වෘත්තීය. අධ්‍යක්ෂණයට පිවිසියොත් එය නතර කරන්න සිදු වෙනවා. වැඩි කැමැත්ත තියෙන්නේ ලියන්න. ඉස්සර නම් මට නළුවෙක් වෙන්න පුදුම උණක් තිබුණේ. ඒ වුණත් ඒ කාලේම මාලිනී අක්ක මාව රචකයෙක් කළා.
ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කෙටි සටහනක් තබමු? වේදිකා නාට්‍යයක් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ දවස්වල ජෝෂප ජෙරම් පෙරේරŁ සහ නාලන් මෙන්ඩිස් වෙනුවෙන් අලුත් නාට්‍ය පිටපත් සහ අත්තම්මා ටෙලි නාට්‍යයේ ඉදිරිය රචනා කරමින් සිටිනවා. ඒ හැරුණාම සමාජයට බරක් නොවී ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. සුනන්ද සිල්වා - 0773886512
|