ආනන්දට ලණුවක්
ආනන්දට ලණුවක්
චරිතාංග නළුවකු
වන ආනන්ද වික්‍රමගේ
පසුගියදා සුදර්ශිය
පැත්තට ගොඩ වැදුණා.
දැඩි අව් රශ්මිය නිසා
ඔහු අව් කණ්නාඩියකුත්
පැළැඳගෙනයි සිටියේ.
නුග ගහ පැත්තේ වටයක් කැරකුණු ඔහු එතන තිබුණ බංකුවේ ඉඳගත්තා. ඔහුගේ හැසිරීම හරියට
ඇස් අන්ධ කෙනෙක්ගේ වාගේ යැයි බොහෝ දෙනෙක් කතා වුණා. මෙහෙම ටික වේලාවක් බංකුවේ ඉඳගෙන
සිටි ආනන්ද එකවරම නැගිට තම රථය වෙත ගියා. කාර් එක පණ ගැන් වූ ඔහු සුදර්ශියේ මිදුල
වටේ හත් අට වතාවක්ම කැරකුණා. මේ දෙස බලාන සිටි හැමෝටම පුදුමයි.
‘ඔය සුදර්ශියේ ෂූටින් තියනවා කියලා ආනන්දට කවුද ලණුවක් දීලා. ඒ තරහට තමයි කාර් එක
හත් අට වතාවක් කරකවලා යන්න ගියේ’ කියලා කවුදෝ කියනවා ඇහුණා. මේ ගැන ආනන්ද වික්‍රමගේ
නම් මොනවත් කියන් නැහැ.
නදීෂා මවක් වෙයි
මේ කතාව නම් රුවන් මාලිගා හි පංචාලි ගැනයි.
එහෙම නැත්නම් ජීවිතේ ලස්සනයි හී ගයනා.
මේ කොහොම කිව්වත් ඇය රටම හඳුනන නදීෂා
අලහප්පෙරුම. ඇය පසුගිය දිනවල රන් සමනළයෝ ටෙලි
නාට්‍යයේත් රඟපෑවා.
හිටපු ගමන් ඇය නාට්‍යයෙන් ඉවත් වෙලා කියලා ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වුණා. කාරණේ
ඇත්තයි. ඇය රන් සමනළයෝ පමණක් නොවෙයි, කිසිම ටෙලි නාට්‍යයක මාස දහයක් පුරාවට රඟපාන්න
ගිහින් නැහැ.
ඒ ගැන හොයලා බැලූ විටයි දැනගන්න ලැබුණේ ඇය මවු පදවිය ලබලා බව. දැන් නදීෂාට මාසයක්
වයසැති සුරතල් පුතෙක් සිටිනවා. ඔහුගේ නම නිතුම් නික්ලේෂ්. නිතුම් කියන නම සමන්ති
අහුබුදුගේ. නික්ලේෂ් කියන නම කැළුම් ශ්‍රීමාල් යෝජනා කළ බවයි නදීෂා කිව්වේ.
අපොන්සුගේ වචනේ
ජයසේකර අපොන්සු මේ
දිනවල ‘තූර්යා’ ටෙලි
නාට්‍යයේ කැපී පෙනෙන
චරිතයක් රඟපානවා.
මේ චරිතයේ හැටියට
ඔහුගේ කටේ නිතරම රැෙඳන වචනයක්
වන්නේ ‘ඕම් ශාන්ති’ කියන වචනයයි.
ජයසේකර අපොන්සු දැන් නිතරම මේ වචනය කියනවලු.
මේ අතර වාරයේ ඔහු හා තවත් සගයෙක් බයිසිකලයක් පදිමින් සිටියා. බයිසිකලයේ බ්‍රේක්
කවුද බුරුල් කරලා. ටිකක් වේගය වැඩි වුණ ගමන් අපොන්සුට බයිසිකලය පාලනය කර ගන්න බැරි
වෙලා. ජයසේකර අපොන්සුයි ඔහුගේ සගයයි දෙන්නම කටු අකුලකට පෙරළිලා. ඒ වෙලාවේ වටේ පිටේ
හැමෝටම ඇහෙන්න ‘ඕම් ශාන්ති’ කියලා කෑගැහුවා කියලා ආරංචියි. දැන් ඔහු පාරේ යන්නෙත්
ඕම් ශාන්ති කිය කියාලු.
කමල් මේස පන්දු සමඟ
කමල් අද්දරආරච්චි අපට සිටින ප්‍රතිභාපූර්ණ නළුවන් අතර කෙනෙක්.
ඔහු පසුගිය වකවානුවේදී රංගනයට සමු දී ඉංග්‍රිසි ටියුෂන් පන්ති පවත්වාගෙන ගියා.
ඔහු ටියුෂන් පන්තිවලටත් ආයුබෝවන් කියූ බව ආරංචියි.
පසුගිය දවසක කමල් නුගේගොඩ සංහිඳ ශාලාවේ කෙළවරක හති හරිමින් සිටියා. එතනට සේන්දු වුණ
අපේ මාධ්‍ය මිත්‍රයෙක් ඔහුගෙන් ඇසුවේ ‘ඇයි අයියේ මේ හති දාන්නේ’ කියලයි. එතකොට කමල්
කීවේ,
‘නෑ මල්ලි මම රඟපෑමයි, ටියුෂන් දීමයි නවත්තලා දැන් ටේබල් ටෙනිස් ගහනවා. ඒකයි මේ
හති’ යනුවෙනුයි.
සතියේ දිනවල හවස් යාමයේ සංහිඳ පැත්තේ ගියෝත් ඕනෑ කෙනෙකුට කමල්ව දැකගත හැකියි.
|