|
ඩිජිටල් තමයි! ඉතින් ඩිජිටල් කියන්නේ?
විද්‍යුත් මාධ්‍ය ලෝකයේ කැරළිකරුවා නිමල් ලක්ෂපතිආරච්චි
ඔහු එහි වැඩ සටහන් අධ්‍යක්ෂ නිමල් ලක්ෂපති ආරච්චිය. 90 දසකයේ මුල් භාගයේදී F. M..රේඩියෝ කලාව හඳුන්වා දෙමින් මෙරට ගුවන් විදුලි සම්ප්‍රදායේ විප්ලවීය වෙනසක් සිදු කළේ ද ඔහුමය. ඩිජිටල් ටෙලිවිෂන් තාක්ෂණය, අපේ රූපවාහිනී මාධ්‍යයට හඳුන්වා දීම දක්වා ඔබ ආ ගමන් මඟ ඉතාමත් ගවේෂණාත්මක වූවක්. මේ කතාබහට ප්‍රවේශයක් විදිහට ඒ අතීතය පිළිබඳ කෙටියෙන් සිහිපත් කළොත්? 1978 වසරේ තමයි මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එකතු වෙන්නේ. එදා ඉඳන් අද මේ වන තෙක් මට තියෙන්නේ අඛණ්ඩව වැඩ කරලා ලබා ගත්ත අත්දැකීම්. ගුවන් විදුලියේ ඉන්දැද්දී මම වැඩ සටහන් නිෂ්පාදනයේ ඉඳලා ප්‍රති විකාශනය, විකාශනය දක්වා අධ්‍යයනය කළා. පරිපූර්ණ දැනුමක් නැතත්, යම් පමණක අවබෝධයක් සෑම අංශයකින්ම තිබීම වැදගත් කියා මම හිතනවා. ඉතින් ගුවන් විදුලියේ හැම අස්සකට, මුල්ලකටම රිංගලා මම ඒ අවබෝධය හැකි පමණ ලබා ගත්තා. ඒ දැනුම, අවබෝධය ලබා ගන්නට ගුවන් විදුලිය එදා හොඳ තෝතැන්නක් වුණා? අපි ගුවන් විදුලියට සම්බන්ධ වුණ කාලේ අපට නිරායාසයෙන්ම ඒ අවස්ථාවන් උදා වුණා. දයානන්ද ගුණවර්ධන, සුගතපාල සිල්වා වැනි දැවැන්තයන් එදා අපි අතර ගැවසුණා. යමක් කරද්දී අපි අහනවා ‘සර් මේක කොහොමද’ කියලා. ඔවුන් අපට ඒවා නොපැකිලව කියා දෙනවා. විශ්ව විද්‍යාලයකට හෝ වෙන යම් ආයතනයකට යන්න අවශ්‍ය වුණේ නෑ අපට ඒ දැනුම ලබා ගන්න. යූ. ආරිය විමල් තමයි මගේ ගුරුවරයා. මට ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න පාර පෙන්නුවේ ඔහු. ඒ ආරම්භය හරහා මට ලැබුණ ආශිර්වාදය තමයි එවකට ගුවන් විදුලියේ සිටි ප්‍රවීණයන්ගෙන් නොයෙක් අංශවල දැනුම නොමිළයේ ලබා ගත හැකි වීම. ඒ අවදි වූ ගමන තමයි මෙතෙක් දුර මම ආවේ. ‘සිරස’ එෆ්. එම්. හරහා ඔබ අපට නැවුම් රේඩියෝ කලාවක් හඳුන්වා දුන්නා. මෙය තාක්ෂණික විප්ලවයක් වගේම අලුත් සංස්කෘතියකට පාර කැපීමක්. මේ කාර්යභාරයේදී ඔබට මල් මාලා වගේම ගල්, මුගුරු ප්‍රහාරත් එල්ල වුණා? මම ගුවන් විදුලියට එන කාලේ විකාශය වුණේ කෙටි හා මධ්‍යම තරංග. 1979 අප්‍රේල් 13 ලංකාවේ ටෙලිවිෂන් ආරම්භ වෙනවා. ඒ කියන්නේ රූපවාහිනියට එහා පැත්තේ රූප පෙන්වන්න පටන් ගන්නවා. අර ඔබ මතක් කළ එෆ්. එම්. රේඩියෝ කලාවේ ඒ ආශ්චර්ය ගැන කතා කරන්න මීට දශක දෙකකට එහා අතීතයට යන්න මට සිදු වෙනවා. 1990 මුල වෙන කොට අපේ රටේ රේඩියෝව අර්බුදයකට මුහුණ දීලා තිබුණා. මධ්‍යම තරංගත්, කෙටි තරංගත් ඔස්සේ එක තැන පල් වෙමින් විකාශය වූ වැඩ සටහන් අසන්නාට එපා වෙලා තිබුණේ. ඒ කාලේ නව මාධ්‍යයක් විදිහට ඉදිරියට යමින් තිබුණ ටෙලිවිෂනය සමඟ තරග කිරීමේ හැකියාවක් රේඩියෝවට තිබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ජනතාව වැඩි පිරිසක් ගුවන් විදුලියෙන් ඈත් මෑත් වී බබලන රූපවාහිනිය වටා වාඩි වෙලා හිටියා. එවන් අර්බුදකාරී වටපිටාවකයි ඔබ නැවත රේඩියෝව අපේ අසන්නන් වෙත ළං කළේ? ඔව්, ඇත්තටම අද කවුරු මොනවා කිව්වත් ඒ විප්ලවය මම සිදු කළානේ. ඒ කාලේ සමහරු මටත් - සිරසටත් අපහාස කළා. නිමල්ගේ පන්නිපිටියේ මොන්ටිසෝරිය කියලා. නමුත් අද වෙන කොට සිරස කියන්නේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවල පූර්වාදර්ශය. අද කොයි තරම් පිරිසක් මේ හරහා තමන්ගේ ජීවනෝපාය සකස් කරගෙන තියෙනවද? කොයි තරම් වෘත්තිකයන් පිරිසක් බිහි වෙලා තියෙනවද? අසන්නා ආපසු එකතු කර ගත හැකි රේඩියෝවක් නැවත අපේ රටේ ඇති කිරීමේ අභියෝගය එදා මම නොපැකිලව භාර ගත් නිසයි මේ සියලු දේ සිදු වුණේ. කෙටියෙන්ම කිව්වොත් ඒ වෙන කොට ලෝකයේ තිබුණ නවතම රේඩියෝ තාක්ෂණයත්, දැක්මත් උපයෝගී කරගෙන ඊට හරි යන සූත්‍රයකට අපේ රේඩියෝව හදලා කරකවලා තිබ්බා. අහක බලාගෙන හිටිය අපේ අසන්නෝ නැවත ඇවිත් ආදරයෙන් රේඩියෝව වැළැඳ ගත්තා. අද ටෙලිවිෂණය, රේඩියෝවට තර්ජනයක් නෙවේ. ලොව පුරා බොහෝ රටවල අද ක්‍රියාත්මක වන්නේ ඉතාමත් දියුණු, නවීන රූපවාහිනී තාක්ෂණ ක්‍රමවේදයන්. ඊට සාපේක්ෂව අපේ රටේ රූපවාහිනී තාක්ෂණය ඔබ දකින්නේ කොහොමද? එදා රේඩියෝවට සිද්ධ වුණ දේම අද රූපවාහිනියටත් සිදු වෙමින් පවතිනවා. අපැහැදිලි, කැඩි කැඩී එන අඳුරු රූප, ගෝෂාකාරී ශබ්ද, සාම්ප්‍රදායික පණිවිඩ සහ දෙන දේ බලලා නිකං ඉන්න ඇනලොග් ටෙලිවිෂන් දැන් මිනිසුන්ට එපා වෙලයි තියෙන්නේ. විශේෂයෙන්ම අද අපේ තරුණ පරපුර රූපවාහිනයෙන් ඈත් වී, ඒ වෙනුවට යූ ටියුබ්, ෆේස් බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍යයන් සමඟ ජීවත් වෙනවා. ඔවුන්ගෙන් ඇහුවොත්, ඔවුන් කියන්නේ ‘ටී. වී. බලන්නේ නෑ, බලන්න දෙයක් ඇත්තෙත් නෑ’ කියලයි. අපි ඇනලොග් තාක්ෂණයෙන් යන්න පුළුවන් උපරිම දුර ගිහින් ඉවරයි. දැන් එය එක තැන පල්වෙන යුගයකට ඇවිල්ලයි තියෙන්නේ. ඇනලොග් තාක්ෂණය, ඩිජිටල්කරණය දක්වා ගෙන යාමේ අභියෝගාත්මක කාර්යය සඳහා ඔබ සමඟ අත්වැල් බැඳ ගන්නේ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් නෙට්වර්ක් ආයතනය? ඔව්, මෙවැනි අභියෝගාත්මක, භයානක කාර්යයකට අත ගැසීම සම්බන්ධයෙන් ඒඕඛ් නෙට්වර්ක්ස් පුද්ගලික සමාගමට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. මෙය භයානක කාර්යයකැයි මා කිව්වෙ මේ සඳහා වැය කරන්නට සිදුවන අති විශාල මුදල් කන්දරාව දෙස බලන විටයි. අපේ රටේ තවම හිතලවත් නැති ලෝකයේ බොහෝ රටවල සමාගම්වලට ඒ ගැන හිතන්නවත් බැරිව ඉන්දැද්දි තමයි අපි මේ දැවැන්ත කාර්යයට අත පෙව්වේ. ලෝකයේ ටෙලිවිෂන් කර්මාන්තය ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් ගමන් කරනවා. 2015 වසර වෙන කොට අපේ රූපවාහිනී විකාශයත් නිෂ්පාදනයත් හා බෙදා හැරීම් මුළුමනින්ම ඩිජිටල් තාක්ෂණයෙන් සිදු කළ යුතුª යැයි කියා 2009 වසරේ අපේ රජය හා ඒ පිළිබඳ අධිකාරිත්වය දරන්නන් නියෝග කර තිබෙනවා. අද අපි ඉන්නේ සංක්‍රාන්තික සමයක. හැබැයි 2015 කරන්න තියෙන වැඩේට අපි දැන් ඉඳන්ම රෙඩි. ගුවන් විදුලි මාධ්‍යයේ වෙනසක් සිදු කළා වගේම රූපවාහිනියෙත් යම් වෙනසක් සිදු කළ හැකියි කියා ඔබ සිතනවාද? පැහැදිලිවම. ඒ පිළිබඳ මට ප්‍රබල විශ්වාසයක් හා ආත්ම ධෛර්යක් තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය දශකයක විතර කාලයක් තිස්සේ මම කළේ ඩිජිටල් සැටලයිටි බ්‍රෝඩ්කාස්ටින් තාක්ෂණය ශ්‍රී ලාංකේය අනන්‍යථාවය සුරකින ලාංකික ලකුණක් එක්ක ලාභදායී කර්මාන්තයක් හැටියට පවත්වාගෙන යන්නේ කොහොමද කියා පුංචි, පුංචි පර්යේෂණ හා අත්හදා බැලීම් කරපු එකයි. ඔය අතරතුරේ තමයි ඒඕඛ් නෙට් වර්ක්ස් ආයතනයේ සභාපති රේනෝ සිල්වා මහත්මයා මාව මුණ ගැසිලා ඩිජිටල් ටෙලිවිෂන් එකක් ආරම්භ කරන්න ඔහුගේ තියෙන කැමැත්ත ප්‍රකාශ කළේ. මම ඒ අභියෝගය බාර ගත්තා. ඇත්ත වශයෙන්ම එය ඉතා විශාල අභියෝගයක්. මොකද මේ නවීන තාක්ෂණය ලංකාවේ නැහැ. රූපගත කරන තැන ඉඳලා, විසුරුවා හැරලා ගෙදරට එනකල්ම ඩිජිටල් ටෙලිවිෂන් තාක්ෂණයක් ලංකාවේ නෑ. ඒ වැඩේ වැරදීමක්, මඟහැරීමක් වෙන්න බෑ. ඒ වගේම යට කරන අති විශාල මුදල් කන්දරාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් ප්‍රේක්ෂකයා ඩිජිටල් රූපවාහිනිය වෙත කැඳවා එන්නට ඕනෑ. ඒ හැකියාව අපට තිබෙනවා. ‘ඩිජිටල්’ කියන වදන අප හොඳින් අසා පුරුදුයි. නමුත් එහි සැබෑ අර්ථය පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. ඒ නිසා ඩිජිටල් රූපවාහිනී තාක්ෂණය ගැන කාටත් තේරෙන බසින්, කෙටියෙන් පැහැදිලි කරන්න? ඩිජිටල් කියන්නේ රූපයට අනුරූපව වෙනස් වන සංඥාව, තොරතුරු සමුදායක් බවට පත් කරලා ඒ තොරතුරු සමුදාය සම්ප්‍රේෂණය කිරීමයි. තවත් සරල උදාහරණයකින් කිව්වොත් ඇනලොග් කියන්නේ හරියට කොළඹ ඉඳන් අනුරාධපුරයට කේක් ගෙඩියක් යවනවා වගේ වැඩක්. මේ ක්‍රමයේදී කේක් එක තැලිලා, පොඩි වෙලා, පුස් කාලා මේ ඕනෑම දෙයක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඩිජිටල් ක්‍රමයේදී එහෙම වෙන්නේ නැහැ. මේ ක්‍රමයේදී අපි කරන්නේ කේක් එක ප්‍රවාහනය කරනවා වෙනුවට අමු ද්‍රව්‍යයත්, රෙසිපි එකත් ඒ අදාල තැනට යවනවා වගේ වැඩක්. දැන් කේක් එක හදන්නේ අපිමයි. අදාල දත්ත ගබඩා කර බෙදා හරින්නේ අපේම රූපවාහිනී යන්ත්‍රයෙන්. ඒ නිසා කිසිම දෝෂයක් ඇති වෙන්න විදිහක් නෑ. එහෙම වුණත් දශ ලක්ෂයකින් පංගුවක තරම් වෙනසක් වෙන්න පුළුවන්. ඒ වෙනසත් හදා ගන්න පුළුවන් ගණිතමය යාන්ත්‍රණයක් තොරතුරු එක්ක යන හින්දා රූපයේත්, ශබ්දයේත් කිසිම වැරැද්දක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. පණ පිටින් ඉන්නවා වගේ රූපත්, පණ පිටින් ඇහෙනවා වගේ ශබ්දත් ඔබට ඇසේවි. ප්‍රථම වතාවට ටෙලිවිෂන් එකක් එක්ක මූණට මූණ කතා කරන්නත්, ඔබේ කැමැත්තට අනුව එය හසුරුවන්නත් ඔබට පුළුවන් වේවි. ඒ තමයි ඩිජිටල් ආශ්වාදයේ ආශ්චර්ය.
|