ප්රතිරූප
ප්රතිරූප
දිරිය මවකගේ යශෝරාවය
වැදූ මවත් - දිනූ බිමත් දෙකක් නොව
එකක් යැයි පුතුට ඉගැන් වූ
මාලිනී - ජෝ අබේවික්‍රම එකතුව
ජගත් බෙනරගම ගේ අපූරු රංගනය
වික්‍රම තවත් ලියන්නට පටන්
ගත්තේය. කාමරයේ ලෑලි
ජනේලයෙන් හමන වියළි
සුළඟින් පෙනහළු පුරවා ගනිමින්
හේ නැවත බර කල්පනාවකට
වැටුණේය.
සියුම් පද දහසක් මනස පිළිසිඳ
ගත් මොහොතේ ඔහු නැවත කවිය ලියන්න
පටන් ගත්තේය. නමුත් හිත බිඳුණේ ඈතින්
ඇසෙන වෙඩි හඬිනි.
අඩ අඳුරේ කාමරයට පැමිණි අම්මා පුතු දෙඅත පිරෙන්නට බදා ගත්තයා. යුද්ධයේ අඳුරු
සෙවණැලිවල කළු දුමාරයෙන් වැසුණු ඔවුන්ගේ ජීවිතවල ඉතිරිව තිබූ බලාපොරොත්තු සීමිත
ඒවාම විය.
දිනෙන් දින කම්කටොළු මැද උගත් වික්‍රම උන්නේ සරසවි අපේක්ෂාවෙනි. සාහිත්‍ය
කලාව මෙන්ම ඉතිහාසය උගත් වික්‍රම ජීවිතය දුටුවේ වෙනම කෝණයකිනි.
උතුරා පිටාර ගලන මව් සෙනෙහස හමුවේ ජීවිතය විඳීන වික්‍රම තමා තුළ ජීවත් වූ
සාහිත්‍යකරුවා අත්හැර දමන්නේ අම්මාගේ ඉල්ලීම හමුවේය. අම්මාගේ ඉල්ලීම උත්තරීතර වූ
එකකි.
මව්බිම සහ අම්මා යන දෙපද සමාන යැයි පවසමින් මේ ධීර අම්මා තම පුතු යුධ පිටියට යවන්නේ
දහසක් මවුවරුනට ආදර්ශයක් වෙමිනි.
තමාගේ රට බේරා ගැනීම මූලික අරමුණ කොට ගනිමින් වික්‍රම වික්‍රමාන්විත සටන් පෙරමුණට
යොමු වන්නේ පුහුණුවට වඩා සවිමත් වූ තම අම්මාගේ උතුරා පිටාර ගලන ආශිර්වාදය මැදිනි.
මෙසේ යුද පෙරමුණට පිවිසෙන වික්‍රම දිනෙන් දින සවිමත් වෙමින් රට රැකුමට පෙරටම එක්
වෙයි.
තත්ත්පරයෙන් තත්ත්පරය ජයග්‍රහණයේ දද ළෙල දෙන සටනේ මේ අභීත සෙන්පතියා පෙරමුණේ
රාළ කෙනකු බවට පත් වන්නේ දස්කම් විස්කම් සහ කැපවීම හේතුවෙනි.
එක් දිනකදී දරුණු සටන් මැද වික්‍රමට සැලවන්නේ අම්මා පිළිබඳ දුක්බරිත ආරංචියකි.
තමාගේ මව අංශභාගයෙන් පෙළෙන බව දැනගන්නා වික්‍රම තම ජීවිතයේ විහාර මහා දේවියට අත් වූ
මේ අනපේක්ෂිත ඉරණම පිළිබඳ දුක් වෙයි.
ඒ නමුදු මේ ආපසු හැරී යා හැකි මොහොතක් නොවේ. ඒ
හෙයින්ම වික්‍රම යුද පෙරමුණේ ඉදිරියෙන්ම තම රණ ශූරත්වය විදහා දක්වමින් ගමනේ යෙදෙයි.
වික්‍රමාන්විත පුතෙකු සහ විහාර මහා දේවිය වන් මාතාවක් වටා ගෙතෙන මේ කතන්දරය රිදී
තිරයට නැඟෙන්නේ ප්‍රතිරූ හරහාය.
ප්‍රතිරූ රිදී තිරයේ මවන්නේ වෛද්‍ය කපිල සූරියආරච්චි විසිනි. ලංකාවේ ටෙලි නාට්‍ය
වංශ කතාවේ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පළමු වෛද්‍යවරයා වන කපිල ගායන ශිල්පියකු
ලෙස ද ප්රකටය.
ඔහු දැන් ක්ෂේත්රයේ නමක් දිනා සිටින්නේ චිත්‍රපට අධ්යක්ෂණයට
පැමිණි ප්‍රථම වෛද්‍යවරයා ලෙසටය.
වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සන්නිවේදන
විශේෂඥයකු වන කපිල දොළොස් පැය ටෙලි නාට්‍යයේ අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.
යුධමය කාලවකවානුවේදී මායිම් ගම්මාන රැසක රජකාරියේ යෙදුණු කපිල තමා දුටු, ඇසූ,
අත්විඳි, අත්දැකීම් ප්‍රතිරූ හරහා ප්‍රතිනිර්මාණයක යෙදෙයි.
ඇමරිකාවේ හතළිස් පස්
වැනි හූස්ටන් චිත්‍රපට උළෙලේදී නිර්මාණකරුවකු පළමුවරට ඉදිරිපත් කරනු ලබන චිත්‍රපටය
උදෙසා පිදෙන රිදී සම්මානය හිමි කර ගැනීමට ද සමත් වූ ප්‍රතිරූ දැවැන්ත නිර්මාණකරුවන්
රැසකගේ රංගන එක්කාසුවකින් හැඩ වූවකි.
ප්‍රතිරූ චිත්‍රපටයේ ප්‍රධාන චරිත:
වික්‍රම – ජගත් බෙනරගම
ලීලාවතී – මාලිනී ෆොන්සේකා
සෙසු ප්‍රධාන චරිතයන් රඟන පිරිස:
ජෝ අබේවික්‍රම, විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා,
ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, කපිල සූරියආරච්චි, හිමාලි සයුරංගි,
ධර්මප්‍රිය ඩයස්, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර,
දිමුතු චින්තක, කෞශල්‍යා සමරසිංහ, විහඟ නිමේෂක.
නිෂ්පාදන පිරිවර:
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ
කැමරා අධ්‍යක්ෂණය – චන්දන ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය – දර්ශන රුවන් දිසානායක
කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස්
අංග රචනය - ඉමල් ශානක පීරිස්
ව්‍යාපෘති සැලසුම්කරණය - වෛද්‍ය උමංගා සූරියආරච්චි
නිෂ්පාදන සැලසුම්කරණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්
සහාය අධ්‍යක්ෂණය - සුජිත් පෙරේරා
ගායනා - අමරසිරි පීරිස්, නන්දා මාලිනී, ඉන්දිකා උපමාලි
ප්‍රසාද් සමරතුංග
|