|
||
36 වැනි "සිග්නීස් උළෙල සැප්තැම්බරයේදී මහ ඉහළින්
ඉකුත් වසරේ තිරගත වූ සියලුම සිංහල චිත්‍රපට සහ රූපවාහිනී නාලිකාවන් තුළින් විකාශය වූ ප්‍රාසාංගික සහ ඒකාංගික ටෙලි නිර්මාණ අතුරින් විශිෂ්ට නිර්මාණ සහ නිර්මාණකරුවන් ඇගයීම වෙනුවෙන් තිස්හය වැනි වරටත් කතෝලික සිනමා පර්ෂදය මගින් සංවිධානය කරනු ලබන සිග්නීස් උත්තමාචාර උළෙල ලබන සැප්තැම්බරයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. මෙවර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වේ. සම්මාන උළෙලේ නිර්මාණ බාර ගැනීම මේ වන විටත් අවසන් කොට ඇති අතර ඒවායෙහි විනිශ්චයන් දැන් සිදු වෙමින් පවතියි. මෙවර සිනමා සහ ප්‍රාසාංගික ටෙලි නිර්මාණයන් වෙනුවෙන් පිළිවෙලින් සම්මාන ඉසවු දහඅට බැගින් වෙන් වී තිබේ. ඊට අමතරව නිර්මාණශීලී ඒකාංගික නාට්‍ය, කෙටි චිත්‍රපට, වාර්තාමය චිත්‍රපට, වෙළෙඳ දැන්වීම්, සංගීත රූප රචනා, පූර්ව ප්රචාරක පට සජීවීකරණ නිර්මාණ ආදිය ද සම්මානනීය වනු ඇත. ඒත් සමඟම දේශීය සිංහල සිනමාවේ ප්‍රගමණය වෙනවෙන් පෘථුල මෙහෙවරක නියැලුණ විශිෂ්ටයන් තිදෙනකු සිග්නීස් අන්තර් ජාතික ප්රණාම සම්මාන ද, සිනමාවේ උන්නතිය වෙනුනේ සිනමා සාහිත්‍යකරණයේ යෙදෙන්නන් දිරිමත් කිරීමේ අරමුණින් පිදෙන සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය ද, සාහිත්‍යකරණයේ යෙදෙන ආධුනිකයින්ට ජයවිලාල් විලේගොඩ සම්මානය ද සුපුරුදු අන්දමින් එදින පිරිනැමෙනු ඇත. එමෙන්ම මේ වසරේ සිනමා වාර්ෂික සමරු කළඹක් නිර්මාණය කෙට ප්‍රකාශයට පත් කිරීම විශේෂයකි. පැපිලියානේ දයා ගෲප් සමූහ ව්‍යාපාරය උළෙලේ පූර්ණ අනුග්‍රහය සපයයි. ගාමිණී සුමනසේකරගේ වඳිමි සිදුහත් එළි දකී
ප්‍රවීණ සිනමා විචාරක ගත්කතුවර ගාමිණී සුමනසේකර මහතා ඔහුගේ නවතම කෘතිය වන ‘වඳිමි සිදුහත්’ පසුගියදා එළි දැක්වූවා. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති මෙම උළෙලේ මුලසුන දරනු ලැබූයේ පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි විසිනි. මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබූයේ මහාචාර්ය ජේ. බී. දිසානායක විසිනි. ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි සහ මහාචාර්ය කාලේ ෆොන්සේකා ද කෙටි දෙසුම් පැවැත් වීය. මෙම පොත අලෙවියෙන් ලැබෙන සියලුම මුදල් මහරගම පිළිකා රෝහලට පිරිනමන බව සුමනසේකරයන් පැවසුවේ දැඩි හැඟීම්බර හඬකිනි.
සැන්ටින්ගේ කලා දිවියට 50 යි
රංගන ශිල්පී සැන්ටින් ගුණවර්ධනයන්ගේ කලා දිවියට අඩ සිය වසක් සපිරීම නිමිත්තෙන් ටවර්හෝල් රංග පදනම මගින් සංවිධානය කරන උපහාර උළෙලක් මෙම මස 31 වැනිදා එනම් අද සවස 3.00 ට විජේරාම පාරේ සව්සිරිපායේදී පැවැත් වෙයි. මෙහිදී සැන්ටින් රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක ඔහු සිටි දර්ශනයන් අළලා සැකසුනු වීඩියෝ පටයක් ප්‍රදර්ශනය වනු ඇත. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක, අමාත්‍යාංශ ලේකම් විමල් රූබසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මීට සහභාගි වීමට නියමිතය.
යෞවනයන්ගේ කෙටි චිත්‍රපට දැක්ම ජූනි 02, 03 මහවැලි කේන්ද්රයේදීයෞවනය තේමා කර ගනිමින් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කළ වාර්තා සහ කෙටි සිනමා නිර්මාණ තරගාවලියේ අවසන් වටයට තේරී පත් වූ නිර්මාණයන් ජූනි මස 02 – 03 යන දෙදින සවස 4.30 – 6.30 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ප්‍රදර්ශනය වේ. මෙම අවස්ථාව සඳහා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වේ. මෙය සිනමාව පිළිබඳ රුචිකත්වයක් දක්වන අයට නොමිලයේ නැරැඹිය හැකිය.
|
||