වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




හේතුවක් නැහැ

හේතුවක් නැහැ

අප සිනමාවේ බැබළෙන තාරකාවන් අතර පූජා උමාශංකර්ට තියෙන්නෙ ඉහළම තැනක්. ජනප්‍රියත්වය අතින්ද පූජා පෙරමුණේ ඉන්නවා. ලංකාවේ ඉපිද කොලිවුඩ් සිනමාවට එක්වී සිට මෙරටට පැමිණියත් පූජා දැන් අපේම කෙනෙක් වෙලා. එතරම්ම ඇය අප රසික ජනතාවට සමීපයි. මේ ආකර්ෂණය නිසාම පූජා පොඩි කනස්සල්ලකින් ඉන්නෙ. ඇය සාමාන්‍යයෙන් උත්සවයකට වගේ ගියාම වැඩිපුර අවධානයට ඇයව ලක්වෙනවලු. ගොඩක් දෙනා ඇයත් එක්ක කතාබහ කරනවා වගේම සෙල්ෆිත් ගන්නවලු. මේ තත්ත්වය අපේ ඇතැම් තරුණ නිළියන්ට දරාගත නොහැකි වෙලා. ඒ තමන්ට ලැබෙන ආකර්ෂණය පූජාට නිතැතින්ම යොමුවන නිසා. ක්ෂේත්‍රයේ කාත් එක්කවත් අමනාප නොවී ඉන්න ඕන නිසා පූජා කරන්නෙ අරවගේ ප්‍රසිද්ධ උත්සවයකට ආරාධනා ලැබුණාම දෙවරක් කල්පනා කරන එක. ඇතැම්විට නොයා ඉන්නවලු. සමහරු දැන් පූජා එක්ක හේතුවක් නැතුවම තරහවෙලා. අනේ මන්දා ඉතින්.