වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

ගායකයන් සතර දෙනෙක්

බුද්ධං සරණං කියලා වැන්දා මොහිදින් බෙග් සොයුරේ
සේපාලිකාගෙන් වෙන් වුණි වල්පොල සොයුරේ
ඇල්හේනෙදි පැල් රැක්කේ ජෝතිනෙ සොයුරේ
අගාද සාගරෙ කිවුවේ අල්ලපු ගෙදර මිල්ටන් සොයුරේ


ක්‍රිස්ටෝපර් පෝල්

වසර පනහකට වැඩි කාලයක් ගීත ගායනා කරමින් රසිකයින් සැනසූ පෝල් . . . ගායකයාණෙනි!
ඇළ දොළ ගංගා යාවි බලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නේ
බෙල්ලො මුතු බෙල්ලෝ
වැනි ඔබගේ ජනප්‍රිය ගී
එකතුවක් රැගත් ඒක පුද්ගල ප්‍රසංගයකින් දකින්නට ආසයි.


අතුල සෝමසිරිට නිවන් සුව

'උඩහ ගෙදර රන් එතනා', 'මුතු මාලරුවන්', 'සිංහල ජය ගීත හඬට' වැනි ගීත ගැයූ ගුවන් විදුලි විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු සංගීතවේදියකු වන 'අතුල සෝමසිරි' කලාකරුවා පසුගියදා දැයෙන් සමුගත්තේය. ඔහුට නිවන් සුව අත්වේවායි පතමි.


60 ප්ලස් විනිශ්චය මණ්ඩලය විශිෂ්ටයි

අවුරුදු 60 සිට 78 දක්වා ගීත ගයන අයුරු අපි දුටුවෙමු. ඔවුන් 50, 60, 70 දශකයන්හි තරුණ තරුණියන්ය. එදා මෙදා ඔවුහු පිබිදෙන ගායක පරපුර, මැලිබන් ගුවන් තොටිල්ල, ජයග්‍රාහක පෙළපාළිය වැනි ගුවන් විදුලි තරග හා මොරටුවේ නව චින්තන කලා කවය මොරටු බෞද්ධ මන්දිර ශාලාවේ පැවැත් වූ දීපව්‍යාප්ත මහා ආධුනික ගී තරග තුනක් ඇතුළුව එළිමහන් වතුපිටිවල ගී ගැයුයෝ වූහ. එහෙත් රූප පෙට්ටියට ඔවුන් අමුත්තන්ය. ඔවුන් දැන් රූප පෙට්ටියේ ගී ගයති. රඟති. ඔවුන් අවුරු 40, 50 පමණ ගීත ගැයිීමේ ආධුණික පුහුණු කරුවන්ය. ඔවුන් විනිශ්චය කිරීම ඉතා අසීරු කරුණක් වනුයේ ඔවුනතරින් පළපුරුදු ගීත ගායන හැකියාවන් ඇත්තවුන් සිටීම අනිවාර්ය බැවිනි. ඔවුන් වටහා ගැනීමට නම් සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි වියතාණන් හා ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බෝගොඩයන් ප්‍රවීණ ගායක ශෂිකා නිසංසලා යන ත්‍රී පුද්ගල සංගීත ශිල්පීන් ඉතා හොඳින් සමත් වී ඇති බව නම් සත්‍යයකි.


රිදී තිරයේ චණ්ඩි

රිදීතිරය ඔප කළ චණ්ඩියා
කාගෙත් හිත හොඳ චණ්ඩියා
කවුරත් කීවේ චණ්ඩියාගෙත් චණ්ඩියා
කොතැනත් සූර වීර චණ්ඩියා


මුල නම එක් වූ සිනමා තරු

එඩී ජයමාන්න - එඩී ජූනියර්
බර්ල් වාසුදේව - පර්ල් කුරේ
විජය කුමාරතුංග - විජය නන්දසිරි
දේවිකා කරුණාරත්න - දේවිකා මිහිරාණි
රවීන්ද්‍ර රූපසේන - රවීන්ද්‍ර රන්දෙනිය
දොන් සිරිසේන - දොන්ගයි
වසන්ති චතුරානි - වසන්ති ගුණරත්න
රිචඩ් ඇල්බට් - රිචඩ් මානමුදලි
ගාමිණී ෆොන්සේකා - ගාමිණි හෙට්ටිආරච්චි -
තිලක් ජයවීර - තිලක් කුමාර රත්නායක
ආනන්ද ජයරත්න - ආනන්ද වික්‍රමගේ
මාලනි වීරමුණි - මාලිනී ෆොන්සේකා
මානෙල් ජයසේන - මානෙල් වානගුරු
රොඩ්නි ප්‍රෙෂර් - රොඩ්නි වර්ණකුල
සිරිල් වික්‍රමගේ - සිරිල් ධර්මවර්ධන
සුසිලා කූරගම - සුසිලා කොට්ටගේ
ගීතා කුමාරසිංහ - ගීතා කාන්ති ජයගොඩි
සනත් ගුණතිලක - සනත් විමලසිරි
ශිරානි නුගේරා - ශිරාණි කුරුකුලසූරිය
රංජන් රාමනායක - රංජන් මෙන්ඩිස්
සුමනා අමරසිංහ - සුමනා ගෝමස්
ශ්‍රියාණි අමරසේන - ශ්‍රියානි ෆොන්සේකා
සරත් කුලාංග - සරත් කොතලාවල
නිලන්ති හීන්දෙනිය - නිලන්ති ඩයස්
කාන්ති ගුණතුංග - කාන්ති ලංකා


ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් තියන්න

සතියේ දිනවල දහවල් 12.30 ට සහ සවස 3.30 පැරැණි සහ නව සිංහල සිනමාපට ප්‍රදර්ශනය කිරීම ගැන ස්වර්ණවාහිනී නාළිකාවට ස්තූති කරමි. රෝයි ද සිල්වා රඟපෑ සිනමාපටද ඒවා අතර වේ. නමුත් අප අතරින් සමුගත්ත මෙම නළුවා සහ අධ්‍යක්ෂවරයා කළ සිනමාපට පමණක් ගැන ප්‍රත්‍යාලෝවකන සිනමා දැක්මක් ස්වර්ණවාහිනිය හරහා විකාශනය කරන මෙන් ඉල්ලමි. එමෙන්ම චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩොක්ටර් සහ චෙරියෝ ඩාලිං යන සිනමාපට තුන ද එයට ඇතුළත් කරන මෙන් ඉල්ලමි.


කුණු කූඩේ ටෙලි නාට්‍ය අපිට මරු පහරක්

ඉන්දියාවේ සහ කොරියාවේ කුණු කුඩයට වැටුණ ටෙලි නාට්‍ය මෙහි ගෙන්වා තොල් චලනයන්ටත් නොගැළපෙන අයුරින් දෙබස් කවා මෙහි ප්‍රදර්ශනය කිරීම අපගේ ටෙලි නාට්‍ය කලාවට මරු පහරකි.


අරුම පුදුම රෝද හතර හොඳයි . . .

ජාතික රූපවාහිනියේ ඉරිදා රාත්‍රි විකාශනය වන අරුම පුදුම රෝද හතර කවුරුත් නැරැඹිය යුතු හොඳ සඟරාමය වැඩ සටහනකි.

අපේ නෙතට කඳුළක් මෙන්ම හදවතට තෙතමනයක් රන්දවන දසුන් කරා අපේ නෙත් ගෙන යමින් නුවන් ජූඩ් ශ්‍රීමාල් අරුම පුදුම රෝද හතර ඉදිරිපත් කරන අයුරු අනබිභවනීයය.
ජාතික රූපවාහිනිය අපට දුන් විශිෂ්ටතම වැඩ සටහනක් ලෙස අරුම පුදුම රෝද හතරට ප්‍රේක්ෂක අපේ සම්මානය මෙසේ පුද කරමි.


රොක් මෙරටට ගෙනා චිත්‍රාල්

ජාත්‍යන්තරය දිග් විජය කළ එකම ශ්‍රි ලාංකික රොක් සලකුණ චිත්‍රාල් සෝමපාලයි. දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් තම අනන්‍යතාවය මැනවින් රැකගත් චිත්‍රාල් රොක් සංගීතය මෙරටට හඳුන්වාදුන් පුරෝගාමී කලාකරුවෙකි. විශිෂ්ට ගණයේ ගායන ශිල්පියෙකු ලෙසත් කලාකෙත සරසන චිත්‍රාල් රසිකයන් අතර ආදරයට පත් නිහතමානි ගායන ශිල්පියෙකි. ඔබට සදා ජය.


සිංහ ආධිපත්‍යය ලැබූ

රංගන ශිල්පීන්
ඩී. බී. නිහාල්සිංහ
සේනාධීර රූපසිංහ
සරත් රූපසිංහ
ඇන්ටන් බාලසිංහම්
අනෝ්ජා වීරසිංහ
නීල් රූපසිංහ
ගීතා කුමාරසිංහ
කාල් ගුණසිංහ
සිරි ගුණසිංහ
සුමනා අමරසිංහ
බන්දු මුණසිංහ
හෙක්ටර් ජයසිංහ
ඔස්වල්ඩ් ජයසිංහ
ටෝනි රණසිංහ
නවනන්දන විජේසිංහ
සෝබනී අමරසිංහ
රෝහණ වීරසිංහ
ක්ලෙමන්ට් විජේසිංහ
අමිතා වැදිසිංහ


දොන් සිහි කරමු

70 දශකයේ චිත්‍රපට රාශියක හාස්‍ය රසය මුසු කළ දොන් සිරිසේන අද කාටත් අමතක වී ඇත. ඔහු රඟපෑ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීතා, සුජීවා, සුනේත්‍රා, සංගීතා වැනි චිත්‍රපට ඔහුට උපහාරයක් ලෙස රූපවාහිනියෙන් විකාශය කරන මෙන් ඉල්ලමි.


දිල්මිණි වූ මාදිනීට

දිල්මිණිගේ චරිතයට පණදෙන ලෝබකමින් යුක්ත නිසා සැම දෙයක්ම නැති කර ගන්නා පැහැසරාහි අපේ ප්‍රවීණ නිළි මාදිනී මල්වත්තට මාගේ උණුසුම් සුබපැතුම්.


දිනෙත් දේවදත්ත මරු

නිරූපණ ක්ෂේත්‍රයට දිදුලන තරුවක් වූ දිනෙත් ඩී දිල්වා ඔබ රංගනයට පිවිසීම නම් සුබ ලකුණක්. ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත්‍රපටයේ ඔබ රඟනා දේවදත්ත චරිතය නම් අනාගත සුභ නිමිත්තක්. ඔබේ රංගන දිවියට අපේ ශුභපැතුම්.


රිතු ආකර්ෂාට

සියුම් ලස්සන ආකර්ෂණීය සුන්දර කෙස් වැටියකින් හැඩ වැඩ වී කලා ක්ෂේත්‍රයට සම්ප්‍රාප්ත වෙමින් ජාතික රූපවාහිනියේ විකාශය වූ 'චුට්ටේ' ටෙලි නාට්‍යයේ නගරාධිපතිගේ දියණියට රඟපාමින් කලාවට පායා ආ ඔබ මනුස්සකමින් පිරිපුන් ලෙස දිවි ගෙවනා බව මම දැනගත්තේ පුවත්පතකිනි. ඒ වගේම තව වැඩිකල් නොයවා සිංහල සිනමාවට පියවර නඟන්න. ඒ සඳහා ඔබට ලැබී ඇති ටෙලි නාට්‍යයන් තුළින් ඔබ රංගනයේ යෙදෙන බැවින් ඒ අත්දැකීම් සමඟ ඔබට සිනමාව ජය ගත හැකිය. සාමාන්‍ය සරල ජීවිතයකට වඩාත්ම ප්‍රි ය කරන ඔයාට ඔයා සිත පතන සෑම දෙයක්ම ඉක්මනින්ම ළඟා වේවායි කියා පතන්නෙමි.


රූබී ද මැල් සිහිකරමු

'පිපෙන කුමුදු' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සුමනා අමරසිංහ සිනමාවට හඳුන්වා දුන් ප්‍රවීණ රංගන ශිල්පිනී රූබී ද මෙල් කිසිදා ඇගයීමකට ලක්වූවාදැයි අපට සැක සිතේ. කවට අන්දරේ, නළඟන, හඳහන, කඩවුණු පොරොන්දුව (නව සිනමා), පාර දිගේ, බයිසිකල් හොරා, බඹරු ඇවිත්, ගීතා, සුජීවා වැනි ජනප්‍රිය චිත්‍රපට තුළින් කලු සුදු චරිතයන්හි කටකාර සැරපරුෂ අත්තම්මා වූ (අඹ යහළුවෝ) ටෙලි නාට්‍යයේ රංගයෙන් රසික හද අමන්දානන්දයට පත්කර වංශවත් කුලවමියක් සේද රංගනයේ යෙදී අභාවප්‍රාප්ත වූ රූබි ද මෙල් සිනමා වංශ කතාව තුළ සදා අමරණීයයි.


දෙපරපුරක මියැසි අරුමය

දෙපරපුරක මියැනි අරුමැසි 'ඊධදඥ ර්‍ථධඥථ' ලෙසින් දිනේෂ් සුබසිංහයන් වැනි දක්ෂයින්ගේ නව සංයෝජන ධනංජය සිරිවර්ධනයන්ගෙන් ඉතා මනරම් ලෙස ඉදිරිපත් වේ. ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ඉමිහිරි ගීත අප ගත සිත බැඳ ගනිමින් මනා වින්දනයක් ලබා දෙයි. පළමුවෙන්ම රූපවාහිනී සංස්ථාවට ස්තූතිය නොමඳව ලැබෙන්නේ අරුත් නැති ටෙලි නාට්‍යයක් විකාශනය වීමෙන් මිදීම බව කිව යුතුයි.


විකට රජුනේ විමෝදයි විනෝදයි

මේ යුගයේ විකට රජුන් දෙදෙනා ලෙසින් හැඳින්වෙන ටෙනිසන් සහ බන්දු කාලයකට පසු එකට රඟපෑ 'යම රජ සිරි' චිත්‍රපටය මෑතකදී අප දුටු විනෝදාත්මක චිත්‍රපටයක් බව නොකියාම බැරිය. තවද එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමාට ද මගේ සුභපැතුම්.


ජයසේකර අපොන්සු වෙත

අසාමාන්‍ය චරිත නිරූපණයක් සහ අද්විතීය රංගනයක් කළ එඩ්වින් පීරිස් රචනය කළ ජයසේකර අපොන්සු නාට්‍ය නිර්මාණයක් වූ 'තටු' වේදිකා නාට්‍යය යළි වේදිකා ගත කරන මෙන් දයාබර ජයසේකර අපොන්සු කලාකරුවාගෙන් ඉල්ලා සිටිමි.


රංගනය අගය කරමු

සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට ස්වර්ණවාහිනියේ විකාශය වන සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායකත්වය දක්වන ධනංජය සිරිවර්ධන, විරාජ් පෙරේරාගේ රංගනය අගය කළ යුතුය.