වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




පැටලිල්ල

පැටලිල්ල

ඉකුත්දා සරසවියට හිතාගත නොහැකි ආරංචියක් ආවා. ඒ ගහක් ගලක් වගේ හිටපු කෙනෙක් මිය ගියා කියලා. නම සරත් ධර්මසිරි. ඒනම අහපුවාම අපිට එක සැරයටම මතක්වුණේ සම්මානනීය තිරකතාකරු, සම්මානනීය අධ්‍යක්ෂවරයා. අවශ්‍ය අයට කතා කරලා අප ඇත්ත විස්තරේ දැනගත්තා. ඒ මියගිහින් තිබුණෙ සරත් ධර්මසිරි නමැති ටෙලිනාට්‍යකරුවා නෙවෙයි. රජයේ චිත්‍රපට අංශයේ සේවය කළ සරත් ධර්මසිරි නමැති ඡායාරූප ශිල්පියා. දෙන්නගෙම නම එකයි. දෙන්නම කොහොමහරි කැමරාව පාවිච්චි කරපු අය. අපට වගේම මේ සරත්ලව බොහෝ අයට පැටලිලා තිබුණා.