වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




නවතම ගීතය

නවතම ගීතය

ගායන ශිල්පි පුන්සිරි සොයිසගේ ගීත රසනොවිඳි සංගීත ලෝලියෙකු නැතිතරම්. විරහ ගීතවලටම උපන් ගායකයකු හැටියට සමහරු පුන්සිරිව හඳුන්වාදෙනවා. මේ බස්නැවතුම, බිඳුණු කලක, සුභාෂිනී, සුභා කියා ඇතුළු පුන්සිරි ගැයූ ගීත පෙළ බොහොම දිගුයි. දිගු කලකින් පුන්සිරිගේ අලුත් ගීතයක් ඇසුනේ නැහැ. ඔහු වගේ කෙනෙක් නිහඬව සිටීමත් පාඩුවක්. ඒ නිහඬතාවය බිඳිමින් පුන්සිරි ඉකුත් දවසක නව ගීතයකට හඬ මුසු කළා. එදා සෙනෙහස යනුවෙනුයි එම ගීතයට නම තබා තිබුණෙ. ප්‍රසාද් සේනාධීර ගීතය පුන්සිරිට රචනා කර දුන්නා. නවරත්න ගමගේගෙ සංගීතය. නුගේගොඩ සෙගා ශබ්දාගාරයේදියි පුන්සිරි එදා සෙනෙහස පටිගත කළේ. තව නොබෝදිනකින් පුන්සිරිගේ නවතම ගීතය රස විඳින්නට පුළුවන්.