වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ

තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ

ඔහුගේ මුළු සිරුරම දාඩියෙන් තෙත්ව තිබේ. පරක් තෙරක් නොපෙනෙන ගෙන්දගම් පොළොවේ ඉබාගාතේ ඇවිදින හෙතෙම මහත් වූ චිත්ත සංතාපයට පත්ව සිටියි. එකී තරුණයාව තිලකසේන යනුවෙන් හඳුන්වා දෙමි. ඔහුගේ පෙළපත දිළිඳු බවින් අගතැන්පත් එකකි.

තිලකසේන එහි පුරුකක් නිසා ඉබේම ඒ දුප්පත්කම උරුමයක් විය. ගමේ සිට තිලකසේන කොළඹ එන්නේ රැකියාවක් සොයා ගැනීමේ අරමුණිනි. අවසන ඔහු කඩල කරත්තයක් තල්ලු කරමින් බත සරිකර ගනියි.

ඔහුට තවත් තරුණයකු හමුවෙයි. එකී තැනැත්තාගේ ඒකායන අරමුණ නළුවකු වීමය. ඒ අභිලාශයෙන් ඔහු කටයුතු කරයි. ඔවුන් දෙදෙනාගේ ජීවිත කතාව එලෙස ලියැවෙද්දී අමුතු කර්තව්‍යයක් විනෝදාංශය කොට ගත් තරුණයකු ද වෙයි. ඔහු නමින් සමන්ය.

සල්ලාල ගති පැවතුම් ඇති ඔහු තරුණියන්ගේ අඩ නිරුවත් ඡායාරූප රහසිගතව ලබා ගනියි. ඒ වෙනුවෙන් අනංග වෙස්ගෙන කටයුතු කරයි. සමන් සිය මායම්වලින් රවටා ගත් තරුණියන්ගේ අඩ නිරුවත් සේයා රූ සිය ජංගම දුරකතනයේ සූක්ෂ්මව සටහන් කර ගනියි.

මේ තරුණයන් තිදෙනාගේ කතා පුවත අන්තර්ගත වනුයේ සුමිතුරු නළුවා නමැති සිනමා පටයටයි. සෝමරත්න රාමනායක එය අධ්‍යක්ෂණය කොට තිබේ.

සුමිතුරු නළුවා හැඩකරන නළු නිළි කැල:

රිචාඩ් වීරක්කොඩි,රන්දි සෙව්වන්දි,සුපුනු තාරක,සුමුදු සපුමල්,චන්ද්‍රිකා පෙරේරා,චන්ද්‍රිකා මුණසිංහ,රෝහණ සමරසිරි ,අනුරාධිකා රත්නායක,ආනන්ද විජයතිලක,මහානාම දිසානායක

කලා අධ්‍යක්ෂණය - සිසිර කුමාර

වේශ නිරූපණය - චන්ද්‍රිකා පෙරේරා, බර්නාඩ් විතාරණගේ

සංගීතය - රොෂාන් තිසේරා

සහාය අධ්‍යක්ෂණය - තුෂාර සඳනායක

කැමරාකරණය, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - සෝමරත්න රාමනායක