වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ලස්සන අලුත් නිළියක් ඕනෑ

ලස්සන අලුත් නිළියක් ඕනෑ

චාමර ජනරාජ් පීරිස් නමැති අධ්‍යක්ෂවරයා ඔබට නිර්මාණ ගණනාවක්ම ගෙනාවා. ඒ පුංචි තිරය ඔස්සේ. අයාල්, පියවි, යාය 4, ඇසිඩ් ඉන් කිහිපයක්. එකිනෙකට වෙනස්ම කතා තේමා ඔස්සේයි චාමර එලෙස පුංචි තිරයේ පෙළහර පෑවේ. තව නොබෝ දිනකින් ඔහු රිදී තිරයට පිවිසීමට නියමිතයි. චාමර කුළුඳුලේ හදන චිත්‍රපටයේ මූලික වැඩකටයුතු මේ වනවිට ආරම්භ කරලලු. ඒත් පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද්ද දන්නවද ඒ. චිත්‍රපටයට ප්‍රධාන නිළියක් නැති එක. චාමර මේ දවස්වල තමන්ගෙ සිනමා පටයේ ප්‍රධාන චරිතය ලබාදෙන්න ලස්සන නිළියක් හොයනවලු. මෙහි ප්‍රධාන නළු චරිතය රඟපාන්නෙ එරංග ජීවන්ත. ඔහුට හරියන නිළියකුත් වෙන්න එපායැ. ඔන්න නවක නිළියන්ට චාන්ස් එකක් තියෙනවා. කරන්න ඕන චාමරට කෝල් කරන එක. 0773386387. මේක තමයි ඔහුගේ දුරකතන අංකය.